The title of the page
Jurassic World Camp Cretaceous (2021) Complete Season 04 Sinhala Subtitles
Jurassic World Camp Cretaceous (2021) Complete Season 04 Sinhala Subtitles
7.6
77
92

Jurassic World Camp Cretaceous (2021) Complete Season 04 Sinhala Subtitles | “මිනිසා ජුරාසික් යෝධයින්ව වහලුන් කරගනීවිද?” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාලුවනේ ඔයාලා දන්නවනේ ඉතින්, අද නත්තල්! ලෝකයට සාමයේ පණිවිඩය ගෙනාව අති උතුම් ජේසු තුමාගේ උපත සිදුවුනු දවස. ඒක ලෝකයටම විශේෂ දවසක්. මං බෞද්ධයෙක් හැටියට දෙවියන්ගේ මැවුම්වාදය පිළිගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මං අපේ කතෝලික, ක්‍රිස්තියානි හෝ කිසිදු ආගමකට ගරහන්නේ හෝ පහත්කොට සලකන්නේ නෑ. ඕනේම ආගමකින් මිනිසා හා තිරිසනා වෙන්කරලා, මනුසතාට මිනිසෙක් වගේ ජීවත්වෙන්න ඉඩ සලසලා දෙන එක තමයි සිද්ධවෙන සරළම දේ. ඉතින් අද වගේ දවසක අපි අපේ තිරිසන් ගති එකක් දෙකක් හෝ අඩුකරගමු කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ කතෝලික හා ක්‍රිස්තියානි ලෝකවාසින්ටම “සුබ නත්තලක් වේවා!” කියලා ප්‍රාර්ථනා කරනවා. 

ද ඉතින් ලෝකෙටම නිවාඩුනේ. අපේ සිනෙරූ එකේ විධායක බලතල සහිත ඒකාධිපති😁 ලොක්කා හෙවත් සමිත රමේෂ් ගේ යෝජනාවකට අනූව අද විශේෂ චිත්‍රපට සහ කතා මාලා කීපයක් ලබාදෙන්න තීරණය කරා. ඉතින් එතකොටම මාත් මොකක් හරි දෙන්නම්කෝ කියලා බාරගත්තා පණ්ඩිතකමට. ඒ විදිහට තමයි අද මේ උපසිරැසි අරන් එන්නේ.

ඉතින් මේ කතා මාලාව රිලීස් උනේ දෙසැම්බර් 03 වෙනිදා. මේකේ කලින් සීසන් 01, සීසන් 02, සීසන් 03 ඔක්කොටම සබ් දීලයි තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොගෙම ප්‍රදානී උනේ මං හෙවත් දර්ශන හෙට්ටිවත්ත කියන ඒ මහා යුග පුරුෂයා😁 තමා ඕං. ඒ නිසා ඔන්න සීසන් 04ත් අරන් ආවා. මේක අරන් ආවේ අර හද්ද කම්මැලි, නැනසලේ සහ හෝටලේක ඉන්න කෙල්ලෝ දෙන්නෙක්ට බොරු බලාපොරොත්තු දීලා රවට්ටපු😁 චානක තිලංක එක්ක! මිනිහා කිව්වා මේ පාර මේ සීරීස් එකට නොගත්තොත් මාව විනාෂ කරනවා කියලා😁. ඉතිං බයටම ඌව ගත්තා! නෑ මෙහෙමයි. මේ පාර සීරීස් එකට මායි, චානකයි මාස ගානක ඉඳන් ලෑස්තිවෙලා හිටියේ. කොටින්ම කිව්වොත් සීරීස් එකේ ලින්ක් එකක් ආවා විතරයි, චානක ඩවුන්ලෝඩ් කරලා උස්සන් ආවා. ඉතින් මීට කලින් සබ දෙනවා.

ඒත් ඉතින් 25 විශේෂ දවසෙම දෙමු කියලා ලොක්කා කීවා. මෙහෙමයි අපි දැක්කනේ සීසන් 03 එකේදී කට්ටිය ඉස්ලා නුබ්ලාර් දූපතෙන් පැනගන්නවා. මේකෙදී ඉතින් එහෙම ටික දුරයි යන්න වෙන්නේ. එයාලගේ බෝට්ටුව ඩාං වෙනවා, ඩූම් වෙනවා. ඊට පස්සේ වෙන දූපතකට එනවා. හත් ඉලව්වට ගහපු කලාබරේ කියලා මෙන්න ඩයිනසෝරයෝ ඉන්නවා ඒකෙත්! හැබැයි අර දූපත වගේ නෙවෙයි. මේකේ ඉන්න මිනිහා අර අහවල් රටේ පාලනය කරන  සෙට් එක වගේ සයිකෝ කාරයෙක්. ඌ හදන්නේ ඩයිනෝලව පාලනය කරන්න. මේකේ 10වෙනි එපිසෝඩ් එකේ අවසානේ හරිම දුක හිතෙනවා. මාරම සංවේදී දෙයක් වෙනවා. දැන් ඉන්න බොහෝමයක් මිනිස්සුන්ට වඩා තිරිසනුන් හොඳයි කියලා හිතුනා ඒක බලද්දී නම්.  තව කතාව කිව්වොත් ස්පොයිල්😂 වෙනවානේ. ඇති. ඔයාලා මේක අරගෙනම බලන්න. මේකේ ඩයිනසෝර්ලා, ජුරාසික් වර්ල්ඩ් පළවෙනි චිත්‍රපටයට වඩා කොලිටියි වගේ. ලස්සනයි. අනික කොල්ලෝ කෙල්ලොන්ට ලෝකේ වෙනස් කරන්න පුලුවන් කියලා පෙන්නන කතාවක්. ඒ නිසා බලන්න. 

පහත ලින්ක් ක්ලික් කරලා ස්ක්‍රීන් ශොට්, පැරණී කොටස් සහ ට්‍රේලර් එක බලන්න පුලුවන්.
 
අද නත්තල් දවසේ දුකෙන් උනත් මතක් කරන්න ඕනේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය 300ක් පමණ වූ ආදරණීය මිනිසුන් සියල්ලම. ඒ වගේම ආබාධිත වූ හැමෝවමත්. ඔවුන්ගේ මිනී උඩින් බලයට ආවා නම් කවුරුහරි, එහෙමත් නැත්නම් ඔවුන් මිය යනකල් කටවහන් බලන් හිටියා නම් කවුරුහරි උන් හැමෝටම සොබාදමහම දඬුවම් දේවි. ඒ වගේම ඒ හැමෝම මතක් කර ගන්න ඕනේ මිනී මරලා දිනපු කිසිවෙක් නෑ.ඉතින් මගේ උපසිරැසි ජීවිතේ කරගෙන යන්න අඩිතාලම වෙච්ච මගේ පණ, මගේ ජීවිතේ වෙලාඉන්න සදහම් පුතාටත්, මගේ ලක්ෂ්මීටත් ගොඩක්ම ස්තූතියි. ඒ වගේම චානක තිලංක සහෝදරයටත් ගොඩක් ස්තූතියි හැමවෙලේම මාත් එක්කම ඉන්නවට. ලොකු බොස් මල්ලී හෙවත් සමිතේ, අශේන්, අංජුල ඇතුලු සිනෙරූ පවුලේ හැමෝටමත් ගොඩක් ස්තූතියි. එහෙනම් ඉතින් අපි තව උපසිරැසියකින් හමුවෙමු. එතකල් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

26 comments

  1. ammo thanks denkm balan hitiyea

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  3. සබ් එකට ස්තූතියි

    තවත් සුපිරි කතාවක් ඉක්මනට ඕනේ

  4. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    nisa සහෝ බොහෝම ස්තූතියි

  5. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Supun Kaushalya බොහෝම ස්තූහ්ටියි සහෝ

  6. CHAMATHKA THUSHAN PERERA

    thank you oyala okkotama hode

  7. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Amila konara සහෝ අනිවාර්‍යෙන් දෙන්නම්. සාලෙම් සීසන් 01 ඉවර කරලා ඕනේ වෙන එකක් පටන් ගන්න

  8. සාලෙම් එකනම් සීසන් තුනම ඉක්මනට ඕනේ

  9. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    CHAMATHKA THUSHAN PERERA
    thanks comment ekata saho

  10. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Amila konara
    aniwa saho. season 01 eken passe ikamanin ithuru tikath dennam

  11. Thank you. Goda Dawasak balan hitiye sub denakan. Keep up the good work.

  12. Pasindu kaweshawara

    Hit monkey dennako

  13. Season 5 avada aeeye

  14. Thanks Bro!!!

  15. සුපිරි සීරිස් එකක්… හෙට (2022,07,21) සීසන් 5 එනවා එකටත් ඉක්මන්ටම ඕනෙ 🔥.. කැම්ප් ක්රි⁣ටේසියස් කවද හරි හරියන්න ඕ⁣න ජීවිත හැමදාම මොකක් හරි වැටෙනවා 😂… එනිවේ සබ් එකට තැන්ක්ස් බොසා good luck 💗🔥

  16. Adeesha Pahasara

    සීසන් 5හෙත් sub ටික දාන්නකො ඉක්මනට…

  17. Hashindu Tharaka

    අලුත් season එකට sub එක දෙන්න koo plzzzz

  18. S05 ekata sub demuko

  19. s05 sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  20. macahn seaon 5 eka

  21. S05 ekata sub denv ned

  22. S05 ekata sub denv ned

  23. season 5 awilla thiyenne eke sub ikmanata oni

  24. ko season 05 ?

  25. S05 ikmanata dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login