The title of the page
The Year Earth Changed (2021) Sinhala Sub
The Year Earth Changed (2021) Sinhala Sub
8.3
100
95

The Year Earth Changed (2021) Sinhala Subtitles | “ලෝකයම වෙනස්කල 2020” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාලුවනේ ඔයාලා දන්නවනේ ඉතින්, අද නත්තල්! ලෝකයට සාමයේ පණිවිඩය ගෙනාව අති උතුම් ජේසු තුමාගේ උපත සිදුවුනු දවස. ඒක ලෝකයටම විශේෂ දවසක්. මං බෞද්ධයෙක් හැටියට දෙවියන්ගේ මැවුම්වාදය පිළිගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මං අපේ කතෝලික, ක්‍රිස්තියානි හෝ කිසිදු ආගමකට ගරහන්නේ හෝ පහත්කොට සලකන්නේ නෑ. ඕනේම ආගමකින් මිනිසා හා තිරිසනා වෙන්කරලා, මනුසතාට මිනිසෙක් වගේ ජීවත්වෙන්න ඉඩ සලසලා දෙන එක තමයි සිද්ධවෙන සරළම දේ. ඉතින් අද වගේ දවසක අපි අපේ තිරිසන් ගති එකක් දෙකක් හෝ අඩුකරගමු කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ කතෝලික හා ක්‍රිස්තියානි ලෝකවාසින්ටම “සුබ නත්තලක් වේවා!” කියලා ප්‍රාර්ථනා කරනවා. 

අද ඉතින් ලෝකෙටම නිවාඩුනේ. අපේ සිනෙරූ එකේ විධායක බලතල සහිත ඒකාධිපති😁 ලොක්කා හෙවත් සමිත රමේෂ් ගේ යෝජනාවකට අනූව අද විශේෂ චිත්‍රපට සහ කතා මාලා කීපයක් ලබාදෙන්න තීරණය කරා. ඉතින් එතකොටම මාත් මොකක් හරි දෙන්නම්කෝ කියලා බාරගත්තා පණ්ඩිතකමට. ඒ විදිහට තමයි අද මේ උපසිරැසි අරන් එන්නේ.
The.Year.Earth.Changed.2021.720p.WEBRip.x264.AAC-[YTS.MX] කියන පිටපතටයි මං සබ ගැහුවේ. වෙබ් රිප්, 4K ඕනේ එකකට සෙට් වෙනවා හැබැයි. කොවිඩ් නිසා ලෝකෙම වැහුවා නෙද? අපි හිතුවා ලෝකේ නැවතුනා කියලා. නෑ එදාතමයි ලෝකේ ආයෙත් ඇරඹුනේ. තමන්ගේ අධික මහන්සිය මේ පොලෝතලය නිවාගත්තේ ලොක්ඩවුන් කාල සීමාවෙදී. ඔයාලා විශ්වාස කරනවද, මේ ලෝකේ බේරගන්න අපිට කරන්න තියෙන්නේ මිනිස්සුන්ගේ පාඩුවේ මිනිස්සු ඉන්න එක විතරයි කියලා කිව්වොත්? ඔව් හරි සරළයි. අලි මිනිස් ගැටුමට විසඳුම අලි වැටවල් හෝ තාක්ෂනය නෙවෙයි, තනකොල , උණ පඳුරු කීපයක් කිව්වොත් පුදුමයි නේද? අපි මනසින් උසස් උනාට අපිත් මේ ලෝකේ ජීවී විශේෂයක්ම විතරයි කියලා තේරුනොත්, අපිට අනිත් ජීවීන් අභිබවා යන්න නෙවෙයි, එයාලා එක්ක සහජීවනෙන් ඉන්න ඕනේ කියලා හිතුනොත් මෙ ලෝකේතව කාලයක් පවතීවි. ලස්සන වේවි. සොබාදහමට ඕනේ අපේ කෘතීම බෙහෙත් නෙවෙයි, එයාට එයාගේ පාඩුවේ නිදහසේ ඉන්න දෙන එකයි. අවුරුදු දෙදාස් ගානකට කලින් හාමුදුරුවරුන්ට වස් වසන්න කිව්වේ ඇයි කියලා තේරෙයි ඔයාලට. මං හරි සතුටුයි මගේ මේ වාර්ථාමය උපසිරැසි නිසා එක කොල්ලෙක් කෙල්ලෙක් හරි සොබාදමට තවත් ආදරේ කරනවා නම්. ඉතින් මේ උපසිරැසිය අරගන්න. බලන්න. ඊට පස්සේ ආයේ ඇවිත් හිතුනු දේ කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න. කොච්චර උනත් දිගට ලියන්න. 
අද නත්තල් දවසේ දුකෙන් උනත් මතක් කරන්න ඕනේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය 300ක් පමණ වූ ආදරණීය මිනිසුන් සියල්ලම. ඒ වගේම ආබාධිත වූ හැමෝවමත්. ඔවුන්ගේ මිනී උඩින් බලයට ආවා නම් කවුරුහරි, එහෙමත් නැත්නම් ඔවුන් මිය යනකල් කටවහන් බලන් හිටියා නම් කවුරුහරි උන් හැමෝටම සොබාදමහම දඬුවම් දේවි. ඒ වගේම ඒ හැමෝම මතක් කර ගන්න ඕනේ මිනී මරලා දිනපු කිසිවෙක් නෑ. ප්‍රභාකරන්ට උනෙත්, බින් ලාඩන්ට උනෙත්, වීරප්පන්ට උනෙත්, සදාම් හුසේන්ට උනෙත්, හිට්ලර්ට උනෙත් මිනී මරපුවාට අවසානේ වන්දි ගෙවලා අනාථවෙලා සත්තු වගේ මැරෙන්නයි. මේක කරපු එවුන්ටත් ඒකම වේවි දවසක. ඉතින් මගේ උපසිරැසි ජීවිතේ කරගෙන යන්න අඩිතාලම වෙච්ච මගේ පණ, මගේ ජීවිතේ වෙලාඉන්න සදහම් පුතාටත්, මගේ ලක්ෂ්මීටත් ගොඩක්ම ස්තූතියි. ඒ වගේම චානක තිලංක සහෝදරයටත් ගොඩක් ස්තූතියි හැමවෙලේම මාත් එක්කම ඉන්නවට. ලොකු බොස් මල්ලී හෙවත් සමිතේ, අශේන්, අංජුල ඇතුලු සිනෙරූ පවුලේ හැමෝටමත් ගොඩක් ස්තූතියි. එහෙනම් ඉතින් අපි තව උපසිරැසියකින් හමුවෙමු. එතකල් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. ස්තූතියි සහෝ

  4. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Supun Kaushalya ස්තූතියි අදහසට සහෝ

  5. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Kantha_DLA හැමදාම කමෙන්ට් එකක් ලියනවට බොහෝම ස්තූතියි සහෝ

  6. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Kavi අදහසට ස්තූතියි සහෝ

  7. සබ් එකට ස්තූතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login