The title of the page
8.6
60
97

Minnal Murali (2021) Sinhala Subtitles |”මගේ දේශයේ ගැලවුම්කාරයා”| සිංහල උපසිරැසි සමඟ

(Minnal Murali (2021) Sinhala Subtitles) (Minnal Murali 2021 Sinhala Subtitle)

තාත්තේ කවුද මින්නල් මුරලි කියන්නේ?
එයා මොකක්ද කරන්නේ?

එයා තමයි විපතට පත්වුන මිනිසුන්ගේ ගැලවුම්කාරයා..

තාත්තේ එයා දෙවිකෙනෙක්ද?

නෑ, එයා නෙමෙයි! ඒත් දෙවියන් වහන්සේ ඉන්න බැරි තැන් වල එයා දෙවියන් වගේ ඉන්නවා!

මට මින්නල් මුරලි වෙන්න පුළුවන්ද?

ඒකට ඔයා ලොකු මහත් වෙන්න ඕනි..දිදුලන්න ඕනි..

ඔයා වටේ ඉන්න අය බලාපොරොත්තු වෙනවා ඔයා දිහා බලාගෙන ඉන්න..අන්න එදාට ඔයා මින්නල් මුරලි වෙනවා..

මගේ තාත්තා මගේ ඇස් දෙකෙන් දැක්ක ඉරණම..දැන් මම දන්නවා ඒ මොකක්ද කියලා..

මම මේ දේශයට තෝරාගත්තු තැනැත්තා
ආරක්ෂා කරන්න තෝරාගත්තු තැනැත්තා..මම ලගින් ඉද්දි එයාල තුල තියෙන බලාපොරොත්තුව මට පේනවා..

මේ අයව බලාගන්න මම මෙහේ ඉන්නවා
මගේ දේශයේ ගැලවුම්කරුවා විදිහට..එයාලගේම මින්නල් මුරලි විදිහට..

ඔන්න එහෙනම් අද ආවේ මගේ උපසිරසි කඩයිමේ පළවෙනි කඩයිම පහුකරලා දාන්නයි. 2020 අගෝස්තු මස 13 වෙනිදා ආරම්භ කරපු මේ ගමනේ පළවෙනි කඩයිම පහුකරන්නම අවුරුද්දයි මාස 04 කටත් වැඩි කාලයක් ගත වෙලා. උපසිරසියක් කරනවා කියන්නේ ටිකක්(ටිකක් නෙමේ හොදටම) මහන්සි වෙලා , වෙලාව නාස්ති කරගෙන ,වැඩ පාඩු කරගෙන කරන වැඩක්. සිනෙරු පවුලෙන් මාව පිළිගත්ත ඒ මොහොතේ ඉදන් මේ වෙනකන් මේ ගමන ලස්සන කරපු මිනිස්සු ගොඩක් අය හම්බ වුනා.

එදා ඉදන් මේ වෙනකන් සයිට් එකට,දමිළ, තෙලිගු, හින්දි, කන්නඩ, මලයාලම් වගේම ටීවි සීරිස් කිහිපයකටද උපසිරසි දෙන්නට හැකියාවක් ලැබුනා…

ඉස්සෙල්ලම කියන්න ඕනි මාව cineru සයිට් එකට අරගත්ත සමිත රමේෂ් ලොක්කත්, පීටර් බාත්ලට් වගේම එදා ඉදන්ම ෆිට් එකේ හිටපු පොර අශේන් මධුරංග (චුටියාවත්) ස්තූතිය පුදකරනවා. ඒ වගේම සිනෙරු උපසිරසි කණ්ඩායමේ ඉන්න සහෝදර උපසිරසිකරුවන් , වචනෙකින් හරි උදව් වෙන අය ගමේම එකා, මධුශාන් වනසිංහ, අංජුවා, ෂෙහාන්, දර්ශණ හෙට්ටිවත්ත,සොමේෂ්, අසංක, ඩිලාන්, අමිල, අරුණ, සොනාල්, නදුන්, ඉෂාන්, රුමේෂ්, නදුන්, සලිත, තාරුක, සංදීප, ඉනෝකා අක්කා, උචිනි, එකී මෙකී නම් කියපු කියපු නැති , අමතක වුන හැමෝමත් මතක් කරනවා. ඒ වගේම ගෙට් එකේදි සෙට් වුන හැමෝමවත්, සම්පත් අයියා ඇතුළු සෙට් එකමත්..

ඊටත් වඩා හැමදාම උපසිරසියක් දුන්නම අපෙන් අරන් බලන සහෝදර ප්‍රේක්ෂක ජනතාවටත්, උපසිරසියට වචනෙකින් හරි කමෙන්ට් එකක් දාලා යන ඔයගොල්ලන්ටත් ගොඩක්ම ස්තූතිය පුද කරනවා.

ඒ වගේම විශේෂයෙන්ම අංජුල උමේෂ් මලයට ස්තූති කරනවා, මට 50 වෙනි උපසිරසිය විදිහට හොද ෆිල්ම් එකක් දෙන්න කිව්වම මේක දුන්නට…

ඒ වගේම නිවාඩුවකට කියලා ගෙදර එන දවස් 07 ,08 ට ආවම උපසිරසියක් කරන්ල දාන්න ඕනි කියලා හිතුනම ආව වෙලේ ඉදන් කම්පියුටර් එක ඉස්සරහා ඉදන් සබ් කරද්දි ලොකු හයියක් දෙන, තේ එකක් එහෙම හදල ගෙනත් දීල සබ් එක කරන්න මට ලොකු දිරියක් දෙන මගේ ආදරණීය බිරි‍දටත්, මාව හා වඩපු මාගේ දෙමව්පියන් දෙන්නටත් මේ වෙලාවේ මගේ විශේෂ ස්තූතිය පුද කරනවා.

ටික කාලෙක නිහාඩියවකින් පස්සේ ඔන්න ඉඩ ලැබුන ගමන්ම ඔයාල වෙනුවෙන් තවත් මලයාලම් සිනමා පටයකට උපසිරසි අරගෙනයි මේ අද ආවේ. ඉතින් කොරෝනා වෛරසය අස්සේ අධික වැඩ නිසා උපසිරසියක් නරන්නනම් ටිකක් වෙලාවක් නැති වුන නිසා තමයි ගොඩ දවසකින් මේ පැත්තෙ මේ ආවේ. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

නත්තල සමරන්න නරඹන්නට තෝරාගත් හොද චිත්‍රපටයකු. . මලයාලම් සිනමාවෙන් සුපර්හීරෝ චිත්‍රපටයක් නිර්මාණය කළා නම් කොහොමට ඇතිද කියන අපූරු ඉඟිය ලැබුණා ට්‍රේලරෙන්ම. කොහොමත් ඉන්දියානු සිනමාව තුළ රියලාස්ටික් ප්ලොට් වලටම වැඩි ඉඩක් ලබා දෙන මලයාලම් සිනමාවෙන් මෙහෙම එකක් හැදෙයි කියල බලාපොරොත්තු වෙන්නත් අමාරුයි. නමුත් ඉන්දියානු සිනමාවට විශේෂයෙන්ම බොලිවුඩයට නම් සුපිරිවීරයන් කීප දෙනෙකුගේම ප්‍රවේශය ලැබුණා. ඒ අතරිනුත් ඇත්තටම බලන්න දෙයක් තිබ්බෙ ‘Bhavesh Joshi Superhero’ (2018) චිත්‍රපටයේ විතරයි. ඒකෙත් හැබැයි දකින්න ලැබුණේ Vigilante hero කෙනෙක්වනේ. එහෙම බැලුවම වෙන්න ඕන වැඩේ හරියටම සාර්ථක කරගත්ත එකම ඉන්දියානු සුපර්හීරෝ චිත්‍රපටය මේක කියල කියන්න පුළුවන්. හැබැයි හැදෙන්නෙ මලයාලම් සිනමාවෙන් නිසාම එයාලගෙ රටාවට ඕන විදිහටයි හැමදේම ඇඩැප්ට් කරගෙන තියෙන්නේ. සමහරවිට CGI වගේ කාරණා ගැන කම්පයා කරල බැලුවොත් නම් අඩු ලුහුඬුකම් හොයන්නට හැකිවේවි. විශුවල්ස් ආකර්ෂණීයයි. මියුසික් මරු!

සුපර්හීරෝ කෙනෙක් උපත ලබන හැටි, එහෙමත් නැතිනම් එයාට සුපර් පවර්ස් ලැබෙන හැටි, තමන්ට අරුම පුදුම බලයක් ලැබිල කියල මුලින්ම දැනගන්න හැටි, පවර්ස් චෙක් කරන හැටි, මාස්ක්/කොස්ටියුම් දාගෙන මුලින්ම කරළියට බහින හැටි, නිත්‍ය නාමයක් සහිතව සුපර්හීරෝ පදවිය ලබනා හැටි ආදී වශයෙන් මෙහිදී දකින්නට ලැබෙන සම්පූර්ණ ප්‍රොසෙස් එක අපි බටහිර චිත්‍රපට වලින් හොඳට දැකල පුරුදු සාම්ප්‍රදායික දේවල්ම තමයි. සිදු කරල තියෙන්නෙ ඒවා කේරළයට ආදේශ කරගැනීමකුයි. බාහිර ස්වරුපය අතින් ටොවීනෝ තෝමස් කොහොමත් මෙහෙම වැඩක හොඳම තෝරාගැනීමක්. සුපර්හීරෝ ගෙ කර්තව්‍යය සම්පූර්ණ වෙන්නට නම් සුපර් විලන් කෙනෙක් ඉන්නත් ඕන. එහෙම කෙනෙක් නිර්මාණය කරනකොටත් පෙර කී ප්‍රොසෙස් එකම සාර්ථකව ඇඩැප්ට් කරගෙන තියෙනවා. දෙන්නා අතරෙ ගොඩනැගෙන තරඟකාරීත්වය අපූරුවට මතු කරල තියෙනවා. විලන් ගෙ රංගනයත් හොඳම සහයක් සපයනවා. ආයෙම පාරක් කියන්නෙ වැඩේ සාර්ථක කරගෙන තියෙනවා.

එතකොට උඩ කියපු කාරණා වලට අනුව මේක 100% ක් පර්ෆෙක්ට් සුපර්හීරෝ චිත්‍රපටයක්ද? සුපර්හීරෝ චිත්‍රපටයක පර්ෆෙක්ට් බව මනින මිනුම් දර්ශකය මොකක්ද? එයාලා වෙනස් දෙයක් කරන්න උත්සහ කළා. කර්මාන්තය අනුව සාර්ථක කරගත්තා. ඒ නිසාම හොඳ කතන්දරයක් එක්ක හොඳට එන්ජෝයි කරන්න පුළුවන්..

ඇදුම් මැසීම තම රැකියාව කරග/ත් ජේසන්ගේ සිහිනය තමයි මෙයාගේ පෙම්වතිය එක්ක ඇමරිකාවේ පදිංචියට යන එක. මේ අතරේ ශිබු කියන තැනැත්තා ගමේ තේ කඩයකට කොටු වෙලා ඉන්නේ ප්‍රේම පරාජයකින් පස්සෙයි.මේ වගේ පසුබිමක , අවුරුදු 700 කට එක වතාවක් විතරක් පෘථිවියට කඩා වැටෙන දරුණු විදිලි පහරක් මොවුන් දෙදෙනාට වැදීම හරහා ජේසන් හා ෂිබුගේ දිවි ගැලවුනත් ඔවුන්ට අසාමාන්‍ය සුපිරි බලයක් ලැබෙන්නේ දෛවෝපාගත අයුරුණි.

අනතුරුව ඔවුන්ගෙන් පෞද්ගලික කාරණා මත ජේසන් සුපිරි විරුවා වෙද්දී, ඔහුගේ සෘජු විරුද්ධවාදියා වන්නේ ෂිබුයි, මෙලෙස ඇරබෙන මොවුන්ගේ මේ ද්වන්ද සටන කෙසේ අවසන් වේවිද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා. එහෙනම් නැවත උපසිරසියකින් හමු වෙනතුරු ඔබ සියළු දෙනාගෙන් සමුගන්නවා.

.චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Action,Adventure, Comedy
අධ්‍යක්ෂණය : Basil Joseph
නිෂ්පාදනය : Arun Anirudhan, Justin Mathew
රංගන ශිල්පීන් : Tovino Thomas, Guru Somasundaram , Vasisht Umesh
ධාවන කාලය : 2h 38 min
තිරගත කල දිනය : 24 December 2021 (U/A)
IMDB අගය : 8.6/10

[සැ:යු :- මෙම චිත්‍රපටයේ පිටපත් ලෙස අන්තර්ජාලයට නිකුත් වී ඇත්තේ [Tam Mal Tel Hin Kan] ලෙස වන මල්ටි ඕඩියෝ පිටපත් වේ..එම නිසා චිත්‍රපටය නරඹන විට ඕඩියෝ ස්ට්‍රීම් එක ලෙස Malayalam ලබා දීමට වග බලා ගන්න..]

(Minnal Murali Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

5 comments

  1. 50 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් අයියා..🧡

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ සිනෙරූ වෙනුවෙන් කරපු 50වෙනි සබ් එක⁣ට සුබ පැතුම්

  4. උදය සමන් thank bro sinhala sube ekata ha 50 veni upasirasi ganvimata digatama sube demu jayawewa,.

  5. 50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login