The title of the page
Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub
Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub
7.5
93

Jurassic World Camp Cretaceous (2021) Complete S03 Sinhala Subtitles | ජුරාසික් ලෝකයේ පොදු සතුරාට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

(Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub)

මට මතක විදිහට මමයි චානකයි එකතුවෙලා කරන දෙවනි සීරීස් එක තමා මේ. පළවෙනි එකට හොඳ ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබ්බා වගේම කමෙන්ට් නම් කීපයයි තිබ්බේ. ඒකේ තිබ්බේ අර ග්‍රීක දෙවිවරු සම්බන්ධ කතාවක්. මේ පාර ගෙනාවේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේකේ මුල් එපිසෝඩ් 05 මම සහ අවසාන එපිසෝඩ් 05 චානකයා ගැහුවේ. එක සමාන ගති ලක්ෂන එකයි අපි කලින් කරපු සීරීස් එකෙයි, මේකෙයි තියෙන්නේ. ඒ තමයි මේ දෙකම ඇනිමේශන් ඒවා. කොහොම උනත් මේ කතා මාලාවේ සීසන් 01 දුන්නෙත් මම සහ දේෂාන් ආදිත්‍ය මල්ලී. ඩවුන්ලෝඩ් පට්ටෙට තිබ්බා. කමෙන්ට් එහෙමත් මරු. කරුමෙකට කියල සීසන් දෙක දෙන්න පරක්කු උනා. ඒත් ඒකත් දුන්නා. එකට සබ දුන්නේ මායි , අරුණ දර්ශන මල්ලියි. ඒකේ ඩවුන්ලෝඩ් සහ කමෙන්ට් කලින් එකට වඩා සෑහෙන්න අඩු උනා. ඉතින් මේ සැරේ සීරීස් එකෙ උණුසුම යන්න කලින් දෙනවා කියලා හිතලා සීසන් 03 පටන් අරගත්තා. ඒ වගේම මතක් කරන්න ඕනේ, මේ සීරීස් එක එන්නේ මේකට සෑහෙන්න කිට්ටුවෙන් යන අතිශය ජනප්‍රිය චිත්‍රපටයකත් තුන්වන කොටස එන්න ඔන්න මෙන්න තියෙද්දියි.ඔන්න මෙන්න කිව්වට අවුරුද්දක්වත් යාවි ඈ ෆිලුම එන්න නම්.

එහෙනම් ඉතින් බයිලා ගහන්නේ ඇයි, මේ තමා සුප්‍රසිද්ධ නෙට්ෆ්ලික්ස් ලා ගේ ජුරාසික් වර්ල්ඩ් සීරීස් එක. මේකේ සීසන් 01 සහ සීසන් 02 අතිශයින් ජනප්‍රිය උනා වගේම හොඳම ආදායමක් සහ රේටින් මට්ටමකුත් ලබා ගත්තා. ඒකට හේතු ගොඩක් තියෙයි. මේක වැඩිහිටියන් ඉලක්ක කරගත්තු ඇනිමේශන් සීරීස් එකක්. හැබැයි දරුවෙක්ට උනත් බලන්න සම්පූර්ණයෙන්ම සුදුසු විදිහටයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පවුලේ සැමට හරියනවා. අනික මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන කතාවක්. ඒ කියන්නේ ඉතින් මේකෙ ඉන්නේ ඩයිනසොර්ලනේ. අනික සැම කොටසක්ම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ. අර ඉන්දියන්(සමහර) කතා මගුල් වගේ නෙවෙයි, හොඳටම වැදගත් විදිහට කුතුහලය මවනවා. බලන්න ආසයි. ඇනිමේශන්වල තත්ත්වය නම් සුපිරිම. ඩයිනසෝර්ලව විතරක් කපලා බැලුවොත් ලයිව් ඇක්ශන් ෆිල්ම් එකේ ඉන්න අයට වඩා වෙනසක් නොපෙනෙනම තරමට තත්ත්වයෙන් උසස්.

කලින් සීසන් 01 සහ සීසන් 02 එකේදී මෙයාලා පැනගන්න බැලුවට යන්න වෙන්නේ නෑනේ. ලොකු කරදර ගොඩක් එනවනේ. මේ ටීම් එක කිසිම ගැලපීමක් නැති උනත් හොඳටම ගලපනවා අවසානය වෙද්දී. ඒ වගේම මතකද අර අවසානෙට ආව “ජුරාසික් වර්ල්ඩ්-ෆොලින්ග් කින්ඩම්” ෆිලුමේ හදන ඩයිනසෝරයා? අන්න ඒ වගේම අතිශයින්ම දරුණු ඩයිනසෝරයෙක් හදලා පර්‍යෙෂකයෝ. ඉතින් ඌ නම් බලන්න ආස හිතෙන විදිහේ ඩයිනසෝර් කෙනෙක්. පලවෙනි සීසන් එකේදී හමුවෙන අර “බම්පී” කියන ඩයිනසෝරයත් ඉන්නවා මේකෙ. ඇයි මේ ඩයිනසෝර්ලව හදන පර්‍යේෂකයත් ඉන්නවා. මම බොහොම වගකීමෙන් කියන්නේ, මේක බලන්නම ඕනේ එකක්. කුතුහලය පිරුනු, එක හුස්මට බලන් යන්න පුලුවන් එකක්. ඔයාලා එක හුස්මට බැලුවට අපි මෙකට සබ් ගැහුවේ සතියක විතර ඉඳන්. කියන කියන වෙලාවට එක එක මගුල් ගෙනත්දෙන මගේ ලක්ෂ්මී සහ සදහම් පුතා නැත්නම් මේ සබ තව සෑහෙන කාලයක් යන්න තිබ්බා දෙන්න. සබ ගැන කිව්ව ගමන් “හා”කියපු චානක තිලංක බොඛ්ඛටත් ඝොඪඛ් ස්ථූථියි. ස්කයි රෝජෝ ස්පැනිශ් නෙට්ෆ්ලික්ස් සීරීස් එකටත් සබ් ගහලා ඉවරයි. ඒකත් පාට කරලා එහෙම ඊලඟ සති අන්තේ දෙන්නම්. විශේෂයෙන්ම අර “නෙට්ෆ්ලික්ස් පිස්සා” කියන සහෝට. අපේ ලොක්කා සමිතේ සහ පොඩි ලොක්කා වෙලා ඉන්න තමන් ගැනම ලොකුවට පම්පෝරිගහන “අසේන්” කොලුවවත් මතක් කරනවා. පොඩි ලොක්කා අංජුවා, මධුවා, පීටර් අයියා, අරුණයා, මල්ෂානයා, සෙහානයා ඇතුලු සිනෙරූ කල්ලියටම ස්තූතියි. අපේ හෂාන් සහෝ, ඉසිර ජනිත් ඇතුලු කමෙන්ට් කල්ලියටත් ස්තූතියි..ඕං ලිපිය ඉවරයි. මතක් කරලා කමෙන්ට් එකක් ලියාගෙන යන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

40 comments

  1. mekanam suorice ekak..thanx mchan

  2. බලපු ලස්සනම කතාවක්…බොහෝම ස්තූතියි උපසිරැසියට..!

  3. සබ් එකට තෑන්ක්ස් සහෝලා දෙන්නටම!

  4. අම්මෝ එනකම් හිටියේ බොහොම ස්තුතියි සබ් එකට
    සිනෙරු එකට ගොඩක් ❤❤❤❤❤

  5. දෙනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ.ස්තූතියි

  6. Mekata sub eka denakamma balan hitiye…Thanks bn !

  7. චානක තිලංක

    බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට.

  8. චානක තිලංක

    බොහොම ස්තූතියි

  9. චානක තිලංක

    බොහොම ස්තූතියි සහෝ 👍👍👍👍👍

  10. pattta bro enakan htye sub tka thank you

  11. Netflix පිස්සා

    කෝ බන් මම ඉල්ලපු spanish tv series එක

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් සේරටම

  13. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Netflix පිස්සා සහෝ ස්පැනිශ් සීරීස් එක ඉවරයි. ලබන වීකෙන්ඩ් එකේ බලන්න දෙන්නම්. Sky rojo සීරීස් එකේ නම. බාගෙන ඉන්න.

  14. අම්මෝ බොහොම ස්තුතියි, මේක එනකන් හිටියෙ

  15. චානක තිලංක

    කමෙන්ට් දාපූ හැමෝටම බොහොම ස්තූතියි. 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  16. sub ekata thanks machan. denakan balagena hitiye

  17. Netflix පිස්සා

    බොහොම ස්තුතියි සහෝදරයා, ඒ මම ඉල්ලපු එක නම් නෙවෙයි හැබැයි

  18. Thnax sub walata ..jaya wewa

  19. Sandul Methdinu

    thank you very much ayiye !!!

  20. ado thq ahhh.maru puluvnm ocean girl and The Terror ekta sub tipan

  21. ado maru ah thq .puluvnm The Terror and ocean girl ekta sub denna ko

  22. Thanx sahola sub ekata.. enakm balan hitiya series ekak.. ✌️✌️🙏

  23. Thanx u very much for sub..

  24. ishira
    Top Fan ⭐⭐⭐

    Thanks තැන්ක්ස් 💞💞 සුපිරි මිතුර

  25. චානක තිලංක

    බොහොම ස්තූතියි කමෙන්ට් දාපූ හැමෝටම හැමදාමත් සිනෙරු එක්ක හයියක් වෙලා ඉන්න. හැමෝටම ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  26. fast and furious spy reacers s4 aktth sub dennako plz

  27. Dinuka Sandeepa

    සබ් එකට ස්තූතියි දෙන්නටම

  28. Onna ohom set eka pitin ekapara dennako bro….supiriiiiii….

  29. චානක තිලංක

    බොහොම ස්තූතියි සහෝලා කමෙන්ට් වලට 👍👍👍👍👍❤️❤️❤️❤️😍😍😍😍

  30. Fast and furious spy racers season 4 sub dennako

  31. Fast and furious.spy racers season 4 sub dennako

  32. Ptta bn. Thank u🤘

  33. season 4 එක december 3 release වෙනවා අාපු ගමන් ඔින ඉවසිල්ලක් නැතුව ඉන්නේ.please cineru team

  34. Thanks…………..good luck…………

  35. season 4 ekatath sub denako

  36. Yohan Chathuranga

    Broo Season 4 release karala thiyenne,ekatath sub eka dannako!!!

  37. Season 4 eke suba ikmanta oone aiyee

  38. season 4 ikmanata deannako

  39. 🇱🇰දර්ශන හෙට්ටිවත්ත | ☸️සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සීසන් 04 දෙසැම්බර් 25 ලබාදෙනවා

  40. mama hama tanama hoyala hamba vuna thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login