The title of the page
Invincible (2021) Complete Season Sinhala Subtitles
Invincible (2021) Complete Season Sinhala Subtitles
8.7
98
91

Invincible (2021) Complete Season Sinhala Subtitles | පිය පුතු ගැටුම්..!! | සිංහල උපසිරැසි සමඟ

(Invincible (2021) Complete Season Sinhala Subtitles) විටින් විට අපිට අසන්නට ලැබෙන විශිෂ්ට ගනයෙ චිත්‍රපට සහ කතා මාලා අතරින් මේ වසරේ නිකුත් උන Comic Accurate Animated Series එකක් තමයි අද අපි ඔයාලට ගෙනත් තියෙන්නෙ..

බොහෝමයක් මතවාද වලට සහ ප්‍රේක්ෂක ප්‍රසාදය ඉහලම තලයකට ඔසවා දැබූ මෙම කතා මාලාව නමින් Invincible ලෙස හැදින්වෙනවා.

මාර්තූ මාසයේ සිට විකාශය ඇරබු මේ කතා මාලාවට IMDB දර්ශකයේ 8.8 ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා..කොටස් 8 කින් සමන්විත මේ කතා මාලාවේ එක් කතාංගයක ධාවන කාලය විනාඩි 40ත් 45ත් අතර කාලයක් ගන්නව..

Robert , Cory සහ Ryan යන අයගේ එම නමින්ම නිකුත් උන comic පෙලක් මේ ආකාරයට දිිග හැරෙන්නේ Amazone Prime ලා හරහායි.

Animation කියන්නෙ ගොඩක් අය අත අරින category එකක්.නමුත් ඔබ comic සහ Animated fan කෙනෙක් නම් මේක මග නොහැර බැලිය යුතු ගනයේ series එකක් කියලනම් කියන්නම ඕන..ඒ තරම් සුපිරී මේක . මෙයට මුල් කරගත් comic පෙලට අසාධාරණයක් නොවන අන්දමින් සමහරක් අවස්තා වලදී ඊටත් වඩා හොදට මේ series එකේ සිදුවීම් නිරූපනය කරල තියෙනවා.

අපි කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි..ඔයගොල්ල The boys බලන්න ඇති කියල හිතනව..ඒ වගේම හතර වටේම අපි බලපු චිත්‍රපට වල කතා මාලා වල සුපිරි වීරයින් මතක් වෙන ආකාරයට අනිත් super heroes ලා inspired කරගෙන තනි ලොකයක් මොවුන් නිර්මානය කරල තීනවා..

කතාවේ ප්‍රධාන චරිතය වයස අවුරුදු 17 ක මාක් කියන පිරිමි ලමය වටා තමයි දිවෙන්නෙ..මොහුගේ පියා දැනට පෘථිවියට සිටින බලවත්ම මිනිසා ලෙස තමයි ඔවුන් හදුන්වන්නෙ..ඉතින් කල් ගතවත්ම මාක්ට ඔහුගෙ පියාගෙන් උරුම උනු බලයන් අවදිවන්න පටන් ගත් අවස්තාවෙ පටන් කතා මාලාව ගොඩක්ම dark සහ violence theme එකකට හැරෙන්න පටන් ගන්නවා.එපියෙන් එපිය උණුසුම් වන දරුනු සටන් සහ ලේ වැගිරවීම් නිසා කතා මාලාවේ ඇති රසය එන්න එන්නම වැඩිවෙනව…මේ අතර මාක්ගෙ පියාගෙ රුදුරු රහස් කීපයක් නිසා පෘථිවිය පිටසක්වල ආක්‍රමණයක බල මූලස්ථානයක් බවට පරිවර්තනය වෙනවා..Unstoppable villain කෙනෙකුගෙ දරුනුකම විදහාපාමින් කතාමාලාවේ ප්‍රධාන සතුරා බවට මාක්ගෙ පියා මුලු ලොවක් ආදරය කල චරිතයකින් ඒ මුලු ලොවම වෛර බැදගන්නා තැනැත්තා බවට පත් වෙනවා..පිය පුතු ගැටුම් අතරට මැදිවෙන ලෝකාරක්ෂක සංවිධාන..කුමන්ත්‍රණ , මිනී මැරුම් , පාවා දීම් සහ ලේ වැගිරවීම් මතින් දරුනුවෙන් දරුනුවට ටික ටික පත්වෙන මේ කතා මාලාව දෙවන කතා මාලාවට කුතුහලය පිරි අවසානයක් ලබා දෙමින් අවසන් වෙනවා.

2021 වසර ප්‍රෙක්ෂකයින්ට ඉතා උසස් ගනයෙ නිර්මාන ලබා දෙමින් තමයි ආරම්භ උනේ..ඒ වගේම මේ වසරේ දැනට පැමිනි Tv series අතරින් ඔබ අනිවාරෙන්ම බැලිය යුතු series එකක් බවට Invincible කතා මාලාව අපි highly recommend කරනව.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රගීත් චමල්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රගීත් චමල්ක

June 4, 2021


17
Total Subtitles

20 comments

  1. White lines 2021 tv series ekata sub dennakoo

  2. පළවෙනි සබ් එකට සුභ පැතුම්! කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙමු! පුළුවන්නම් Itaewon Class කොරියන් ඩ්‍රාමා එකට සබ් දෙන්න!

  3. Thanks bn Sub ekata

  4. කාතාව On Going යනකොටමයි බැලුවේ..බොහෝම ස්තූතියි උපාසිරැසියට..
    තව Complete කතාවකින් හමුවෙම්මූ..!

  5. kavinda gamage

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
    බොහොම ස්තුතියි සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Thanks…..jayawewa…!

  8. බොහොම ස්තුතියි …ජය වේවා …💯💪💪

  9. තැන්ක්ස් සුපිරි මිතුරා එල💞💞💞

  10. බොහොම ස්තූතියි.ජය..!

  11. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🙂
    මේකනම් බලන්නම ඕන සීරීස් එකක් ⚡🔥

  12. Series එක ආපු දවස් වල ඉදන් බලන් හිටියේ සබ් එක දෙනකන්. බොහොම ස්තුති සබ් එකට 👍👍

  13. Sub ekata thanx

  14. wow. supiri kathawa.meh wage thawa ewata sub karanna.thank you sub ekata

  15. Meke ilaga season eka lagadi enawada..

  16. Supiri.tnx sub ekata

  17. Asanka madushan

    avatar : last air bender (Season 1 – 3) sinhala sub denna puluwan da . oyata bari wai nm wena kenekta hari kiyanawada.plz brother

  18. Invincible se 2 eka dennako plz

  19. meke se 2 aniwa oone ikmnata ekath denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login