The title of the page
The Conjuring 3 2021 Sinhala Sub
The Conjuring 3 2021 Sinhala Sub
6.8
61
95

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle | මා ලවා යක්ෂයායි එය සිදුකලේ.. | සිංහල උපසිරැසි සමඟ

(The Conjuring 3 2021 Sinhala Sub)

ඔන්න එහෙනං ඔයාලා අතරට තවත් චිත්‍රපයටක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ.අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.The Conjuring කිවුවහම නොදන්නෙ කෙනෙක් නෑ.දැනට නිරිමාණය වෙලා තියෙන හොඳම හොරර් ෆිල්ම් වලින් එකක් තමයි ඒ.ඔන්න අද උපසිරැසිය අරගෙන ආවේ ඒකෙ තුන්වෙනි කොටසටයි.ඒත් ඊට කලින් මේ චිත්‍රපටය තනි චිත්‍රපටයක් නෙවෙයි මේක වෙනම සිනමා විශ්වයකට අයත් වෙන චිත්‍රපටයක්.ඉතින් ඒ ගැන නොදැන මේක බලලා වැඩක් නෑනේ.ඉතින් මම චිත්‍රපටය ගැන වැඩිය නොකියා.Universe එක පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.ඒ වගේම පහල තියෙන චිත්‍රපට නරඹලා නැත්තන් ළිපිය වැඩිය කියවන්න එපා පහලම කොටස විතරක් කියවන්න කියලා ඉල්ලන්නම්.ඒ වගේම මේක දිග ලිපියක් වෙයි.ඒත් මේක කියවලා යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.
MCU එක දශක ගණනාවක් පුරාවට බොක්ස්-ඔෆිස් බලය පවත්වාගෙන යන්න සමත් උනා, ඒ වගේම ගොඩක් අය තමන්ට කියපු සිනමා විශ්වයක් නිර්මාණය කරලා ඒ සාර්ථකත්වය ලබන්න උත්සාහ කලා – ඒ වගේම Warner Bros සමාගම New Line Cinema සමාගම එක්ව කරපු දේ මගහරින්නම බෑ.2013 දී ඔවුන් ලොව පුරා ඩොලර් මිලියන 300 කට අධික ආදායමක් උපයා ගත් The Conjuring නමින් අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් නිකුත් කරනවා.
1960 දශකයේ දී අද්භූත ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට පටන් ගත්ත සැබෑ ජීවිත යුවළක් වන එඩ් සහ ලොරේන් වොරන්ගේ කතාව The Conjuring චිත්‍රපට වලින් ඉදිරිපත් කෙරෙනවා. මුල් conjuring චිත්‍රපට දෙක ඔවුන්ගේ වඩාත් භයානක අත්දැකීම ඇතුලත් ලිපිගොණුවල තොරතුරු පාදක කරගෙන නිර්මාණය කරලා තියෙනවා වගේම,විශ්වයේ අනිත් චිත්‍රපට,ඇනබෙල් සහ the nun චිත්‍රපට ඇතුලුව, වොරන්ස්ලා මුහුණදුන්න අත්භූත විදුවීම් ඇති කරපු භූත වස්තූන්වල ආරම්භක කතා විදිහට ඉදිරිපත් කෙරෙනවා.මම ඒ මේ විශ්වයේ චිත්‍රපට කාලානුක්‍රමිකව දක්වන්නම්.නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේ පිළිවෙලට මේ චිත්‍රපට නරඹන එක වාසියක් වේවි.

සබෑම එඩ් සහ ලොරේන් වොරන්.

The Nun (2018)-1952

September 4, 2018 – (Front) TAISSA FARMIGA as Sister Irene in New Line Cinema’s horror film “THE NUN,” a Warner Bros. Pictures release. from Warner Bros. media preview site

Conjuring Universe එකේ මුලසුන The nun චිත්‍රපටය අරගන්නවා- 1952 දී රුමේනියාවේ එක කන්‍යාරාමයකින් තමයි ආරම්බවෙන්නෙ.මන්‍යාරාමයට යන අඩිපාරේ තිබිලා එක ප්‍රදේශවාසියෙක්ට කන්‍යාසහෝදරියකගේ සිරුරක් හමුවෙනවා, වතිකානුවෙන් ෆාදර් බර්ක් සහ (Demian Bichir) අයිරීන් (Taissa Farmiga)කියන එක තරුණ කන්‍යා සොහොයුරියක් ඒ ගැන විමර්ශනය කරන්න එවනවා. එයාලා ආවට පස්සේ ශතවර්ෂ ගානක් තිස්සෙ පෙවතගෙන එන වැළැක් කියන යක්ෂයා ගැන පරීක්ෂන කරන්න එයාලට සිද්දවෙනවා.
මේක සහතික කරලා නෑ, ඒත් අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුනා මේ අයිරීන් කියන්නෙ ලොරේන් වොරන් කියලා. මොකද ඒ චරිත දෙකම රඟදක්වන නිළියන් දෙදෙනා හැඩරුවින් ටිකක් සමාන නිසා. ඒ චරිත වල වයසත් එක සමාන වෙන්න පුළුවන්, ඒ දෙන්නාම ආගමට නැඹුරුයි, ඒ වගේම ඒ දෙන්නාටම යම් දැක්මවල් දකින්න ලැබෙනවා. ඒ වගේම ඔයාලා ඒක මේ universe එක නරඹනකොට මතක තියාගන්න ඒවා එකිනෙකට සම්බන්ද කරන යම් යම් දේවල් තියෙනවා.මේකත් ඒ වගේ එකක් වෙන්න පුළුවන්.
Gary Dauberman විසින් The Nun හි රචනය සිදු කරලා තියෙනවා වගේම ඒක Corin Hardyවිසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. Dauberman විසින්ම තමයි IT සහ IT: Chapter Two යන චිත්‍රපටවල රචනයක් සිදු කරලා තියෙන්නෙ.

Annabelle: Creation (2017)-1995

Annabelle: Creation චිත්‍රපටය කියන්නෙ 2014 Annabelle චිත්‍රපටයේ මුල් කොටස.ඒකෙන් කියන්නෙ සැමුවෙල් මුලින්ස් (Anthony LaPaglia) කියන බෝනික්කෝ නිර්මාණකරුවා සහ එයාගේ බිරිඳ (Miranda Otto) ගැනයි. එයාලාගේ ප්‍රදේශයේ තියෙන අනාත නිවාසයක් වහලා දානවා,ඒ වගේම එයාලා අනාත දරුවො හය දෙනෙක් සහ සිස්ටර් චාලට්ව (Stephanie Sigman)ගෙදරට පිළිගන්නවා. ඒ වගේම අනාත දරුවන්ට එයාලාගේ මියගිය දුවගේ කාමරේට යන්න ඕන වෙනවා. ඒ වගේම පෝලියෝ රෝගය තියෙන ගැහැණු ළමයෙක් වෙන, ජැනිස් (Talitha Bateman), ඒක ඇතුලට ගිහින් සිර කරපු දුෂ්ට ආත්මය නිදහස් කරනවා.
මේ චිත්‍රපට නරඹනකොට හොඳට බලන්න අපිට මේ විශ්වයට එකිනෙකට සම්බන්ද කරන ඉඟි දකින්න ලැබනවා. හරියට මේ චිත්‍රපටයේ අපිට එක චායාරූපයක වැළැක්ව දකින්න ලැබෙනවා.
Gary Dauberman ,Anabelle: Creation සහ Annabelle චිත්‍රපටවල රචනය සිදුකරලා තියෙනවා වගේම,Shazam සහ Lights Out චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු David Sanberg විසින් මේකෙ අධ්‍යක්ෂණය සිදු කරලා තියෙනවා.

Annabelle (2014)-1967

Anabelle: Creation කතාවෙන් වසර 12කට පස්සෙ, මේ මුල් Annabelle film චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ John Leonetti වගේම මේක ආරම්භ වෙන්නෙ එක තරුණ වෛද්‍යවරයෙක් (Ward Horton) එයාගේ දරුවෙක් ලැබෙන්න ඉන්න බිරිඳවෙන මියාට (Annabelle Wallis) එක දුර්ලභ බෝනික්කෙක් ගෙනත් දෙනවා- අර Annabelle බෝනික්කා – ඇය බය හිතෙන බෝනික්කො එකතු කරන කෙනෙක් වගේම මෙයාට ඕනම කරපු බෝනික්කෙක් තමා ඇනබෙල්.පස්සෙ එයාලාට ගොඩක් දරුණු දේවල් වලට මුහුණදෙන්න වෙනවා වගේම මෙයාලා ඒ බෝනික්කාව විසි කරලා.වෙන තැනක පදිංචියට යනවා ඒත් ඇනබෙල් එයාලාගේ පස්සෙන් එනවා.
ඒ වගේම Anabelle: Creation එකේ හිටපු Janice,මේ චිත්‍රපටයේ දකින්න ලැබෙනවා.

The Conjuring (2013)1971

The Conjuring Universe එකේ පළවෙනි චිත්‍රපටය වෙන්නෙ ඇත්තටම හතරවෙනි චිත්‍රපටය, කාලානුක්‍රමිකව.ඒ වගේම මේක තමයි මුලින්ම එඩ් සහ (Patrick Wilson) ලොරේන් වොරන් ගැන (Taissa Farmiga) කතාකරන චිත්‍රපටය. එයාලා පෙරන් කියන පවුලකට උදවු කරන්න එනවා, පරණ නිවසකට ගිහින් අත්භූත සිදුවීම වලට මුහුණදෙන්න උන පවුලක්. අපිට පොඩ්ඩක් විතර මේකෙ Annabelleව දකින්න ලැබෙනවා,වොරන්ලාගේ අර අත්භූත බඩු තියලා තියෙන කාමරේ ඇතුලේ.
the Saw සහ Insidious franchises එකේ සහය නිර්මාණකරු විදිහට වැඩ කරපු වගේම The Conjuring Universe එකේ හැම ෆිල්ම් එකකම වගේ සහය නිර්මාණකරු සහ නිශ්පාදකයෙක් වෙන James Wan මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. ඒ වගේම Chad සහ Carey Hayes සහෝදරයෝ පිටපත් රචනාවෙන් දායක වෙනවා.ඒ වගේම මේක තමයි මේ චිත්‍රපට අතරින් මගේ ප්‍රියතම එක වෙන්නෙත්.

Annabelle Comes Home (2019)-1971

Annabelle Comes Home චිත්‍රපටයේ පෙන්නන්නෙ වොරන්ලා බෝනික්කාව තෑග්ගක් විදිහට ලැබුණු හෙදියකගෙන් බෝනික්කාව අරගෙන එනවා. මේකෙ කතාව යන්නෙ The Conjuring කතාවට අවුරුද්දකට පස්සෙ උන සිද්දියක් ගැනයි, වොරන්ලා Mary Ellenව(adison Iseman) එයාලාගෙ දුව වෙන Judyව බලාගන්න (Mckenna Grace) අරගන්නවා.
එක රැයක සිදුවීමක් නිසා ඇනබෙල් සහ තවත් නපුරු ආත්ම කීපයක්ම අර කාමරයේ තියෙන දේවල් වලින් නිදහස් වෙනවා- ඒකත් වොරන්ලා ගෙදර නැති වෙලාවක.
Gary Dauberman තමයි මේ Annabelle කොටසත් රචනා කරන්නෙ, James Wan සමග එකතුවෙලා,ඒ වගේම මෙයාම තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නෙත්.

The Curse of La Llorona (2019)-1977

The Curse of La Llorona චිත්‍රපටයෙන් පෙන්නන්නෙ 1977 වැන්දඹු සමාජ සේවිකාවක් වෙන Anna Garcia (Linda Cardellini)වටායි. ඇනා පීඩාවට පත් උන පවුලක් සම්බන්දයෙන් විමර්ශනය කරන කොට, එයා කියනවා පිරිමි ළමයි දෙන්නෙක් එයාලාගෙ අම්මාගෙන් ඈත් කරලා තියන්න කියලා, Patricia (Patricia Velásquez). ඒ පිරිමි ළමයි දෙන්න ඒ රෑම මැරුනට පස්සෙ,එයා තේරුම් ගන්නවා එයාගේ දරුවන්වත් මේ පළිගන්න වියරුවෙන් ඉන්න මෙක්සිකාණු ආත්මයෙන් බේරගන්න වෙනවා කියලා.
මේ කතාවේ දකින්න ලැබෙන පූජකයාම Annabelle කතාවෙත් දකින්න ලැබෙනවා. ඒ වගේම එක දර්ශනයක අපිට වොරන්ලාගේ හඬ අහන්න ලැබෙනවා. ඒත් ඒ ඇරෙන්න , the Curse of La Llorona කියන්නෙ Conjuring Universe එකට වැඩිය සම්බන්දයක් නොපෙන්වන චිත්‍රපටයක්.
Michael Chaves මෙහි රචනය සිදු කරලා තියෙනවා වගේම,Mikki Daughtry සහ Tobias Iaconis මේක අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

The Conjuring 2 (2016)-1976-1977

The Conjuring 2 කතාවේ ඇමිට්විල් මිනීමැරුම් සහ ඒ නිසා ඇතිවෙන මාධ්‍ය කලබලය නිසා මේ විමර්ශනයට එකතුවෙනවා.මේක ගොඩක්ම ගෙතිලා තියෙන්න තනි මවක් වෙන, Peggy Hodgson (Frances O’Connor)සහ එයාගේ පවුල වටා. පෙගීගේ දුව වෙන, Janet (Madison Wolfe) ඕජා බෝඩ් එකකින් සෙල්ලම් කරපු නිසා අත්භූත සිදුවීම් වලට මුහුනදෙන්න වෙනවා. වොරන්ල්ට එයාට උදවු කරන්න පුළුවන් වෙනවා.
The Conjuring 2 චිත්‍රපටය The Nun චිත්‍රපටයට සම්බන්ද වෙනවා,ඒ ගැන ඔයාලා බලලම දැනගන්න.
ඒ වගේම James Wan ආයෙමත් Conjuring 2 අධ්‍යක්ෂණයටත් එකතු වෙනවා. ඒ වගේම Chad සහ Carey Hayes සහෝදරයන්, David Leslie Johnson-McGoldrick සහ Wan විසින් රචනා කරලා තියෙනවා.

The Conjuring: The Devil Made Me Do It (2021)

Conjuring Universe එකේ ඊළඟ කොටස විදිහට පහුගිය ජුනි 4 වෙනිදා මේක නිකුත් උනා. මේකෙත් Patric Wilson සහ Vera Farmiga වොරන්ලා විදිහට ආයෙමත් රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම මේකට පාදක කරගෙන තියෙන්නෙ ආර්න් චෙයින් ජොන්සන්ගේ නඩු විභාගයයි,1981දී, එයා මිනීමැරුමක් සම්බන්දයෙන් නිර්දෝෂීයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා මොකද එයාට යක්ෂයෙක් ආරූඪ වෙලා හිටපු නිසා කියල.ඒ නිසා තමයි මේකට The Devil Made Me Do It කියලා නම ලැබිලා තියෙන්නෙ. The Curse of La Llorona අධ්‍යක්ෂණය කරපු Michael Chaves ම මේක අධ්‍යක්ෂණය කරලා තියෙනවා වගේම,David Leslie Johnson-McGoldrick රචකයා විදිහට දායකත්වය ලබාදීලා තියෙනවා.ඒ වගේම මේකට 6.8/10 imdb අගයක්ද,61%rotten tomatoes අගයක්ද,95%ක ගූගල් පරිශීලක කැමැත්තද ලැබිලා තියෙනවා.එහෙනං හැමෝටම අන්තිමට අදත් කියන්න තියෙන්නෙ, “use headphones”,..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

22 comments

  1. නියමයි.. ❤

  2. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ!

  3. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි බන් 💜️ සබට තෑන්ක්න් 😘😍

  4. kavinda gamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඒ වගේම මට තව දෙයක් තියෙනවා දැනගන්න lord of the rings සහා the hobbit කථා දෙකෙන් මුලින්ම බලන්න ඕනේ මොකක්ද ?

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. The hobbit එකේ lord of the rings එකට කලින් කතාව යන්නේ මුලින් hobbit බැලුවා නං හොඳයි..

  7. හැමෝටම තැන්ක්ස් ❤️❤️😂

  8. shehan wishwajith

    තැන්ක්ස් බන් සබ් එකට

  9. මයිකි

    ලිපිය.නියමයි මචො. සබ් එකටත් තැන්ක්ස්

  10. Hobbit එකේ තියන්නේ Lord of the Ring කතාවට කලින් සිද්දවෙන සිදුුුුුුවීම් ටිකක් ඒත් ආපු පිළිවෙලට බලන්න

  11. Thanx sub ekata

  12. Ishira
    Top Fan ⭐⭐⭐

    Thanks ek

  13. Deninda dilshan

    Thnx sub ekata

  14. sandamin
    Cineru Family Member

    නියමයි සහෝ.. ,උපසිරැසියට ස්තූතියි .ඔබට ජයෙන් ජයම වේවා!

  15. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  16. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  17. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ⚡🔥

  18. Aruna Darshana
    Cineru Family Member

    Thanks bro 💖

  19. Thanks+++

  20. tnx sahoo..dn balanna hadanne

  21. තෑන්ක්ස් සබට.😙

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login