The title of the page
7.4
95

Jurassic World Camp Cretaceous (2021) Complete Season Sinhala Subtitles | ඩයිනසෝරයන්ගේ ලෝකයේ සිරවේවිද? | සිංහල උපසිරැසි සමග

(Jurassic World Camp Cretaceous 2021 Sinhala Sub) හරි ඉට්නින් මෙහෙමයි මෙක පටන් ගත්තේ. මම ඇහුවා “අරුණ මලයෝ, මොකෝ වෙන්නේ. සබක් දෙමුද?” කියලා. ලොක්කා කිව්වා හරි අයියේ ලින්ක් එක එවන්නකෝ කියලා. ඉතින් ඔන්න කවුරුත් බලන් හිටපු, ඒ වගේම මේකේ සීසන් 01 එකේදී ඩවුන්ලෝඩ් ප්‍රමණය 2500 පන්නපු කවුරුත් ආදරේ සුපිරි කතා මාලාවක් අරන් ආවා. මේක නෙට්ෆ්ලික්ස් ලාගේ ඇනිමේශන් එකක්. හැබැයි ඉතින් ඇනිමේශන් එකකට වඩා ගුණාත්මක බව ගොඩක්ම ඉහලයි. සීසන් 01 බලපු අය දන්නවා ඒක. නොබලපු අයත් ඒක බලල මේකට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම බාන්න කලින් ” කමෙන්ට් එකක් ලියන් යන්න” කියලත් ආදරෙන් ඉල්ලනවා. ගියපාර මට උදව්වට හිටියා ඇන්ග්‍රී බර්ඩ් දේශාන් ආදිත්‍ය. මේ වතාවේ අරුණ දර්ශන. ඉතින් මල්ලි ගොඩක්ම ස්තූතියි ආ. එපි අංක 01,03,05,07 ගැහුවේ අරුණ, 02,04,06,08 ටික ගැහුවේ මම. කාලයක්ම නිහඬව ඉඳලා මෙ සබ් ටිකක් අරන් එන්නේ. සෑහෙන්න අසනීපෙන් හිටියා. ඒ කාලේ ඊ මේල් එවලත් විස්තර අහපු “හෂාන් සහෝ” පට්ට ස්තූතියි ඈ. ඒ වගේඑම සමිත බොස් සහෝ, චානක තිලංක (මේ මනුස්සයා 49න් නැවතිලා, ආගිය අතක් නෑ😂) සහෝ ඇතුලු සිනෙරූ ඇඩ්මින් මඩුල්ලටත් ගොඩක්ම ස්තූතියි. මගේ ගැන නිතරම හොයල බලන, චූට්ටක් රණ්ඩුවක් දාගෙන ඉන්න මගේ ආදරණීය බිරිඳ ලක්ෂ්මී සහ මගේ පණ සදහම්ව මතක් නොකරොත් ඉතින් මම මහ තිරිසනෙක් වෙනවා. මොකද මගේ හයිය තමයි එයාලා. ඒ වගෙම මාර්තු 18 හෝ 19 විතර ‘ජස්ටිස් ලීග් – ස්නයිඩර් කට්” එකත් මුලින්ම අපි දෙන්න හිතන් ඉන්නවා ඔන්න. හිතන් ඉන්නවා නෙවෙයි,දෙනවා!

මෙහෙමයි පළැවෙනි සීසන් එකේදී මතකනේ අර දරුණු ඩයිනසෝරයෙක්ට අහුවෙලා දූපත විනාශ වෙනවා. ඩයිනසෝරයෝ මුලු දූපතම විනාශ කරනවා. ඒකෙන් කට්ටිය පැනලා යනවා. ඒත් කොල්ලෝ කෙල්ලෝ කල්ලියක් ඉතුරු වෙනවා. එයාලට පැනගන්න බැරි වෙනවා. එ අතරේ ආතල් පොරවල් වගේම දක්ෂයොත් ඉන්නවා. සීසන් 01 අරන් බලන්නකෝ කට්ටිය. ඉත්න් කොහොමහරි අර ඩයිනසෝරයගෙන් බේරිලා මෙයාලා කට්ටිය පැනගන්නවා. එත් දූපතක කොහේ කියලා යන්නද? අන්න එතනින් තමයි මෙකට මුල පුරන්නේ. ඉතින් මෙයාලා ජීවීතේ බේරගන්න වගේම තමන්ව විනාශ කරන්න එන ඩයිනසෝරයන්ව පවා බේරන්න හදන විදිහ හරි අපූරුයි. බටහිර ලෝකයත් අනුකම්පාව, කරුණාවට සෑහෙන ලොකු තැනක් දීලා තියෙයි මේකෙ. අනික අවසානය හොඳ වෙන්නෙම නෑ නේ හැම එකකම. එහෙම වෙන්න ඕනෙත් නෑ. ඔයාලට ඉඟියක් දෙන්නම්, සීසන් 01 බැලුවා නම් ඔයාලට මතක ඇති කවුරුහරි කෙනෙක් මැරෙනවා. අන්න ඒ කෙනා මේකේදී අයෙත් එනවා. හැබැයි ඔයාලා ඒකෙදී එයාව දැකපු විදිහට නම් නෙවෙයි. ඒ වගේම සීසන් 01 එකේ හිටිය හොඳ යාලුවෙකුත් ආයේ එනවා. ඉතින් මෙකේ අවසානේ කොහොමද කියලා ඔයාලට අරන්ම තමයි බලන්න වෙන්නේ. මෙහෙමයි මේකට දවස් කීපයකට කලින් වෙන කට්ටියක් සබ දීලා. හැබැයි අපි මේ දීපු සබ් එක අපි අපේ නම් දාලා තියෙයිනේ. බලන්න එක අකුරක්වත් අපි කොපි කරලත් නෑ. අනික අපි උපසිරැසිය හරිම ලස්සනට ගැහුවා. ගොඩක්ම ලස්සන කරන්න උත්සාහ කරා. ඔයාලා තමයි එක සාර්තකද කියලා කියන්න ඕනේ. අකුරුවල අඩුපාඩු නම් ඇති. ඒත් පුලුවන් තරම් අපි කතාකරන භාෂාවෙන්මයි මේ සබ ගැහුවේ.

කොහොමින් හරි ඔන්න ඊලඟට එන්නේ “ද එක්ස්පන්ස්” හෙවත් මම බැනුම් වැඩියෙන්ම අහපු කතා මාලාවේ එපි ටික. එක දිගටම දෙන්නම්කෝ. ඒක ඉවර වෙනකන් කිසිම සීරීස් එකක් නම් ඉල්ලන්න එපා. දෙන්න බැරියෝ. බැනුම් අහලා ඇතිවෙලා ඉන්නේ. ඒ නිසා “ද එක්ස්පන්ස්” ඉවර කරලා ඊට පස්සෙ සාලෙම් එක කරගෙන යනවා. ඒ අතරේ ෆිලුමක් දෙකක් දෙන්නම්. 200 කඩයිමට ඔන්න මෙන්න ඉන්නේ දැන්. ඒකටත් රස ෆිලුමක් තියෙයි. හරියට නිකන් “රෙසිඩන්ට් එවිල්, වෑන් හේල්සින්, අන්ඩර්කවර්, වැම්පයර් හන්ටර්” වගේ ම ෆිලුමක්. මරුම එකක්. ඉතින් එහෙනම් ඉක්මනින්ම එන්නම් කිව්ව විදිහටම, අරුණ දර්ශන මල්ලී මාරම සපෝර්ට් එකක් දුන්නේ. සබ් ෆයිල් හතරක් මේ ලොක්කා එක දවසින් ගහලා එව්වානේ!!! සයිට් එකේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් තමයි ඉතින්. ස්තූතියි මල්ලී. මොකෝ කියන්නේ, ආයේ සීරීස් එකක් දෙමු ද😀?? එහෙනම්හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි!! සඟ සරණයි!!! මතකයිනේ බාගෙන යනකොට කමෙන්ටුවක් ලියලා යන්න, ගෙදරටම වෙලා පරීසමෙන් ඉන්න පුලුවන් තරම්, සොබාදහමට ආදරේ කරන්න. අපි සොබදහම රකිනවා නම් ලෝකෙම විනාශ උනත් සොබාදහම අපිව රකිනවාමයි. ඒක තමයි සොබාදහම වගේම මම දන්න බුදු දහමත්. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

21 comments

  1. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, පරක්කු උනාට සොරි. ගොඩක්ම අසනීපෙන් හිටියේ 🌻

  2. අම්මො දවසින් දවසට ගෲප් එකට මැසෙජ් දාලා එනකල් බලගෙන සික් එකේ හිටපු එකක්… සංකු මේකට උදව් කරපු හැමෝටම සහ සිනේරූ ටීම් එකට…
    🖤

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, පරක්කු උනාට සොරි. ගොඩක්ම අසනීපෙන් හිටියේ 🌻

  3. Rashini navodya

    Dankm balan hitiye thanks lot

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ කමෙන්ටුවට

  4. චානක තිලංක

    මං නැවතිලා හිටියා කාලයක් දැන් ආපහු ආවෝ සිනෙරු සයිට් එකත් එක්ක ඉස්සරහට යන්න සබ නම් පට්ට ජයවේවා 👊👊👊👍👏👍👏👌👌🔥🔥😍😍😍👊👊👊❤️❤️❤️❤️❤️

  5. Sandul Methdinu

    තෑන්ක්ස් අයියේ සබ් දුන්නට. සීසන් 3 ත් අරන් එන්න අයියේ !

  6. බොහොම ස්තූතියි

  7. Thilina de silva

    Please bro මේකෙ සීසන් 3 එකත් ආව ඉක්මනට දෙන්නකො 😍

  8. Meke season 3 eka release una ne eketh sub eka dennako

  9. rashini navodya

    Season 3 dennkooooo😥😥😥😥😥

  10. Season 3 එකට sub ඕනේ 🙂❤️

  11. වීඩියෝ පිටපතේ දීල තියන link වල තියෙන්නෙ season 2 එකේ 1.32GBක් වෙන පළවෙනි Episode එක විතරයිනෙ 😕

    • කම්ප්ලීට් සීසන් එකම තියෙන්නේ..සිප් ෆයිල් එකක් ඇත්තේ..ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක් කරගන්න..එතකොට එපි ටික තියෙයි..

  12. Thanks………good luck…….

  13. Adeesha Pahasara

    සීසන් 5හෙත් sub ටික දාන්නකො ඉක්මනට…

  14. ජය වේවා සහෝදරයා දිගටම සබ් ගේන්න.

  15. saho Jurassic World Camp Cretaceous season 5 ekta sub dennna ko plz

  16. aneee (jurrasic world camp cretaceous) season 05 dennako please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login