The title of the page
Kunthi (2021) Sinhala Subtitles
Kunthi (2021) Sinhala Subtitles

Kunthi (2021) Sinhala Subtitles | භුත ගැහැණු දරුවා | සිංහල උපසිරැසි සමඟ

(Kunthi (2021) Sinhala Sub) ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන දහනවවැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් 2017 වසරේ ජුලි මස 07 වෙනිදා ඉන්දියානු සිනමා ශාලා වල තෙලිගු බසින් තිරගතවූ මෙම චිත්‍රපටය 6.8/10 · IMDb අගයක් ලබාගෙන තියෙනවා Drama/Thriller ය කැටගරි වලට අයත් මෙම සිනමා පටයෙහි දමිල ප්‍රතිනිර්මාණය 2021 වර්ෂයේ එලි දකිනවා.එහි සිංහල උපසිරසියයි මා රැගෙන ආවේ. මීට කලින් 2017 වර්ෂයේ නිකුත් වු මෙහි තෙලිගු පිටපතට සිංහල උපසිරසියක් මේවන තෙක් ලබාදී නොමැත. මා කලින් ලබා දුන්න Thadayam 2020 tamil චිත්‍රපටය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් එයා නැරබු සියළු අයට මාගේ ස්තූතිය පුද කරනවා. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.

 Panna Royal මහතා විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු Ashok Manda විසින් කර ඇත……….

Abhimanyu Singh
Shamna Kasim
Panna Royal
Thagubothu Ramesh
Prabhas Sreenu
Pruthvi Raj
Geethanjali Ramakrishna

ඇතුලු ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වෙලා තියෙන මෙම චිත්‍රපටයේ ඔරිජිනල් ලැන්වේජ් එක “තෙලිඟු” වේ…….නමුත් මම අද සිංහල උපසිරැසි අරගෙන ආවේ මෙහි දෙමළ බසින් නිකුත් වූ Kunthi (2021) දමිළ චිත්‍රපටයටයි.

ඉතින් මේකෙ කථාව පැත්තට පොඩ්ඩක් ගියොත් 

භයානක නපුරු ආත්මයන් ගැන අපි ඉතින් අහල තියෙනවා, දැකලත් තියෙනවා. ඉතින් මේ නපුරු ආත්මයන් එක්ක ගොඩක්ම සටන් කරන්නේ පූජකයන්, ඒ ගොල්ලන්ට තමයි මේ ආත්මයන් පලවා හරින්න පුළුවන්. ඒ වගේම පූජකයන් සමහර විට මේ ආත්මයන් පලවා හරින්න ගිහින් ජීවිතය පවා පුද කරන අවස්ථා අසන්නට, දකින්නට අපිට පුළුවන්. සයිලු, රාහුල් කියන්නේ කාලයක් ආදරයෙන් ඉදලා විවාහ වුන පවුලක්. මේ දෙන්නය විවාහ වෙලා ටික කාලයක් ගියත් තාම දරුඑලනම් ලැබිලා නෑ.

ඒක නිසා මෙයාලා ළමයින්ට තියෙන ආදරේට කාව්‍යා හා ජෙනී යන ගැහැණු දරුවන් දෙදෙනෙකු අරන් හදාගන්නවා. මේ ගොල්ලො දවසක් මෙයාලගේ ආච්චිත් එක්ක අළුත්ම ගෙදරකට පදිංචියට යනවා. ඉතින් ආච්චි අළුත් ගෙදරට යන එකේ වත් පිළිවෙත් කරලා එයාලගේ කාමර වලට යනවා. ආච්චිටනම් කාමරේට ගියාට මේ ගෙදර මහ අමුතු බවක් හැගෙනවා. ඉතින් ආච්චි මේක එයාගේ දුවටත් කියනවා.මේක කිව්වටනම් ඉතින් එයා මේ ගැන ගනන් ගන්නේ නෑ. ආච්චිට මහ රෑ එක එක හීන පේන්න ගන්නවා. පොඩි ළමයි ගෙදර ඇවිදිනවා පේනවා. ආච්චි පඉතින් උදේම මේ ගැන කිව්වට ඒ ගැන ගෙදර අය අහන්නේ නෑ.

මේක නිසා ආච්චි මේ ප්‍රශ්නෙ විසදගන්න ක්‍රමයක් බලන්න පූජකයෙක්ව හම්බ වෙන්න යනවා. මෙයා ඉතින් ආච්චිට මේ භුත ආත්ම වලින් මිදෙන්න උපකුම ටිකක් දෙනව කරන්න කියලා. ඒත් කරදර වලින්නම් අඩුවක් වෙන්නේ නෑ. මේක නිසා මේ පූජකයෙක් දවසක් මේ ගෙදරටම එනවා මේ භූත ආත්මය කව්ද කියලා හොයන්න. ඉතින් මේ පූජකයට මේ ගෙදර ඉන්න භූත ආත්මෙ හොයාගන්න පුළුවන් වෙයිද..? ටික දවසකින් සයිලුගේ මල්ලියි එයාගේ යාළුවො කට්ටියකුයි එක්ක නිවාඩුවකට මේ ගෙදරට එනවා. එයාලටත් හරිම කරදරවලට මුහුණ දෙන්නනම් වෙනවා. එයාලා මේ යකාව නැත්තම් හොල්මන අල්ලන වැඩේ භාර ගන්නවා. මුලින්ම මෙයාලට දෙන්නෙක් ගැන සැකයක්නම් එනවා…. ඒ අර ළමයි දෙන්නා ගැන..මම කතාවම කියන්න යන්නේ නෑ….එහෙනම් වැලන්ටයින් එක දවසට ලස්සන ලව් ස්ටෝරියක් අරන් එනව කියල මතක් කරන ගමන් අදට සමුගන්නවා. සියළු දෙනාටම තෙරුවන් සරණයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. බොහොම ස්තූතියි උපසිරසිය වෙනුවෙන්.
    දිගටම උපසිරසි දෙන්න හැකි ාව්වායි ප්‍රර්ථනා කරනවා.

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. (Udaya Saman)

  5. බොහෝම ස්තුති….

  6. Nice bro

  7. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login