The title of the page
Jurassic World Camp Cretaceous 2020 Sinhala Sub
Jurassic World Camp Cretaceous 2020 Sinhala Sub
7.5
73
93

Jurassic World Camp Cretaceous (2020) Sinhala Subtitles |ජුරාසික් ලෝකයේ කෑම්ප් එකක් ගහමුද?| සිංහල උපසිරැසි සමග

(Jurassic World Camp Cretaceous (2020) Sinhala Sub) හිතුවට වඩා පරක්කු උනා ඔන්න මේ සීරීස් එක දෙන්න නම්. සමාවෙන්න ඒකට. ඊටත් වඩා දේ තමයි හදිසියේ මේක ඉවර කරන්න දඟලද්දී දේශාන් මල්ලී කිව්වා “අයියේ දෙන්නම් සපෝර්ට් එකක්” කියලා. ඉතින් දෙයියෝ බැලුවා වගේ එයාට 4යි මට 4යි ගත්තා. හරිනේ. ඔන්න ඔහොමයි උණු උණුවෙම ආව ජුරාසික් වර්ල්ඩ් සීරීස් එක ගෙනාවේ. මේක ඇනිමේශන් එකක්. ඒත් ඩයිනසෝරයෝ නම් ඇත්තම වගේමයි. කිසිම වෙනසක් නෑ. පට්ටම කොලිටි. මේ ඩයිනසෝර් කේස් එකට මුලින්ම අදහස ආවේ සර් ආතර් කොනන් ඩොයිල්ගේ “ද ලොස්ට් වර්ල්ඩ්” පොතෙන්ලු. ඒකේම මූලික අදහස අරන් මේ වගේ ෆිල්ම්, සීරීස් ගොඩක් හැදිලා තියෙයි. හැබැයි මේක එළ.

ඔයාලා බැලුවනේ ජුරාසික් වර්ල්ඩ් ලයිව් ඇනිමේශන් 2014 ෆිලුම? අන්න ඒකේ හිටියා මතකද අමුතු ආකාරයේ දරුණු ඩයිනසෝරයෙක්? ඌ ඉන්නවා මේකෙත්. ඒ වගේම අර පීනන ලොකු එකා, අවසානේ අර දරුණු එකාව ගිලින්නේ! අන්න ඌත් ඉන්නවා. ඉතින් කතාව මරේ මරු. මේක ඇනිමේශන් උනාට ළමයින්ට ආව එකක්ම නෙවෙයි. ඕනේම කෙනෙක්ට මේක සුදුසුයි. මෙහෙමයි කතාවේ සිසන් දෙකක් තියෙයි. තාම ආවේ එකයි. අනිකත් එනකොටම දෙන්නම්කෝ.

 

Jurassic World Camp Cretaceous 2020 Sinhala Sub
Jurassic World Camp Cretaceous 2020 Sinhala Sub

 

දේශාන් මල්ලී ගැන විශේෂයෙන් යමක් කියන්න එපැයි. නැත්නම් ආයේ සබකටවත් එන්නේ නැතිවෙයි 🤣🤣🤣. නැහැ, නැහැ විහිලුවට කිව්වේ. කොල්ලා සුපිරියෙක්. සබකට උදව්වක් ඉල්ලුවොත් බෑ කියලා නෑ කවදාවත්. අනික සබ් එකට වැඩ කෑලි තොගයක්ම දානවා. ෆ්ලෑෂ් වගේ ස්පීඩ් එක. අනික ඇනිමේශන් පිස්සෙක්, මං වගේම. ඒ නිසා දේශාන් මල්ලී ගොඩක් ස්තූතියි. මල්ලි කිව්වට පුතා වගේ අපි දෙන්නගේ වයස පරතරේ. 

 

කතාවේ වෙන්නේ මෙන්න මේකයි; ඩයිනෝසෝරයන් දකින්න ඔහුගේ මුළු ජීවිතයම බලා සිටීමෙන් පසු, ඩාරියස් කියන කොල්ලා ජීවිත කාලය තුළ එක් වරක් කළ ත්‍රාසජනක ක්‍රියාවක් සඳහා ඉස්ලා නුබ්ලර් හි තවත් 5 ක් සමඟ එක්වීමේ අවස්ථාව දිනා ගන්නවා. ඉතින් ඊට පස්සේ එක පරීක්ෂකයෙක් ලොකු වැරැද්දක් කරනවා. මේ සෙට් එකේ කෙනෙකුත් වංචාවක් කරනවා. බයෙන් ඉන්න කෙනෙකුත් ඉන්නවා. අවසානේ මේ අය මොනවා කරගනීවිද, කී දෙනෙක් බේරෙයිද? කීයක් මැරෙයිද? මේක නියම එකක්. IMDB අගය 7.5ක්! තේරෙනවනේ මේකේ තත්වය. අනික මේක ගැන සැකයි නම් හොයන්න යූ ටියුබ් එකේ #සදහම් creations කියලා. ඒ චැනල් එකේ සිංහලෙන්ම තියෙයි ට්‍රේලර් එකක්.

අපේ සමිතේ බොස්, අංජුල බොස්, අශේන් බොස් වගේම සිනෙරූ ඇඩ්මින් සියල්ලෝම , මධුවා මල්ලී ඇතුලු සිනෙරූ පවුලේ හැමෝම, කමෙන්ට් හලන ටොප් ලෙවල් එකේ ඉඳන් සියලුම අපේ සිනෙරූ රසිකයන්වත් ආදරෙන් මතක් කරනවා. මගේ බිරිඳ, පුතා වගේම දේශාන් මල්ලිගේ පවුලේ හැමෝමත් ආදරෙන් මතක් කරනවා. අර චානක ආගිය අතක් නෑ. මැසේජ් එකකටවත් රිප්ලයි නෑ. කොරෝනා හැදිලා නීරෝධායනේට දාලද දන්නෙත් නෑ. ග්‍රීන් ……. සීරීස් එක අරන් එනවා කිව්වා, ඒත් මුකුත් තොරතුරක් නෑ. කට්ටියම එයාගෙන් අහලා බලන්න කමෙන්ට් එකක්වත් දාලා. අපිට හොරෙන් කසාදයක්වත් කොරගෙනද දන්නෙත් නෑ.

 

මේ දවස්වල රටේ තත්වය එච්චර හොඳ නෑ. චන්දෙට කලින් අපිට මාස්ක් පවා දුන්නු රජවරු, ඇමතිවරු, මැතිවරු, උපදේශකයෝ, දේශප්‍රේමියෝ එකෙක්වත් ආයේ ඊලඟ චන්දේ වෙනකල් එන්නේ නෑ. ඉතින් අපි අපේ ආරක්ෂාව බලන් පරිස්සමෙන් ඉමු. කල්ලි ගැහෙන්න එපා. ෆිල්ම් ඇති තරම් අපි දෙනවා. ගන්න, බලන්න, ගෙදර ඉන්න. මේ අපේ දේශාන් කොලුවගේ පළවෙනි කම්ප්ලීට් සීරීස් එක. ඉතින් මං අර කියනවා වගේ කමෙන්ට් එකක් දාන්න. එතකොටයි ඊලඟ එකට එන්න ආසා හිතෙන්නේ.

ඔන්න මං හිතන් ඉන්නේ ඊලඟ සතියේ රොබෝ යුධයක් ගේන්න. කම්ප්ලීට් සීරීස් එකක්. බලමුකෝ. කරදර දිගට හරහට එනවා. එහෙනම් ඉතින් ලිපිය පට්ට දිග උනා. කමක් නෑ. ඔන්න එහෙනම් අපි ලොක් ඩවුන් වෙනවා. ඊලඟ සබ අරන් එන්නම්, මතකයිනේ ගෙදර, ගෙදර, ගෙදරම ඉන්න. බුදු සරණ වේවා! සදහම් සරණ වේවා! සඟ සරණ වේවා! මෙතුන් සරණින් ජයම වේවා! හැමෝටම

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

66 comments

  1. බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ

    • G.W.Deshan Adithya

      එහෙමද දෙන්න ටිකක් පරක්කු උනා සොරි හොදේ ❤❤
      තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට ❤❤

  2. Godak sthuthi obata

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    හම්මෝ මේ Jurassic World series එකයි Siccin film series එකයි 😱😱 බැලිල්ලක් තමා ඉතිං ❤️බොහොම ස්තුතියි දෙන්නටම දර්ශන අයිය & දේශාන් මල්ලි 😊👊👊..
    ජය වේවා දෙන්නටම.! 👊👊👊

    • G.W.Deshan Adithya

      තෑන්ක්ස් මචං දර්ශන අයිය පේන්න නෑ හූම් ❤❤
      සහයෝගයට ස්තූතියි බන් ❤❤

      • ☑️දර්ශන හෙට්ටිවත්ත
        Cineru Family Member

        ස්තූතියි සහෝ 🌻
        මං පරක්කු උනේ ඊලඟ සීරීස් එක හෙව්ව නිසා මලෝ

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Ohh patta bro thanks balan hitiye illimak karanawada kiyala menna subtitle dila maru denna ekathuwela supiri wedak Jaya DC superhero ekath ep12ine pluwanda Scooby-Doo mystery Inc season ekama subtitle denna please bro dennama

    • G.W.Deshan Adithya

      ආ ජනිත් අයියා සුපිරි වීර කෙල්ලො ඉවර කරනව ඉක්මනටම ඊලගට බහින්නෙ Harley Quinn වලට ❤❤

    • G.W.Deshan Adithya

      ස්කුබි ඩූ ටිකක් පරක්කු වෙයි කමක් නැද්ද

      • ☑️දර්ශන හෙට්ටිවත්ත
        Cineru Family Member

        මිස් ජෝකර්ගෙන් පස්සේ ස්කූබී දෙන්නම් 🌻

        • Ishirajanith
          Top Fan ⭐⭐⭐

          Hhh aulak neh ekatath denna denna Tama Jaya apita kiyano wage ubalath parissam weyan film balanna kattiya hitiyata anime subtitle denna ubala vitharai kollane hode

          • ☑️දර්ශන හෙට්ටිවත්ත
            Cineru Family Member

            ස්තූතියි සහෝ, ඔයත් පවුලේ කෙනෙක් වගේ 🌻

  5. THANK YOU SO MUCH

  6. හම්මේ ආයේ කියන්න වචන නෑ.දෙන්නටම බොහොම ස්තුතියි 😘

  7. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේ වෙලාවේ විශේෂයෙන් කියන්න ඕනේ, මගේම වර්ගයේ, මාත් එක්ක සුපිරියට සබ් ගහන දේශාන් මල්ලි පුතා, ස්තූතියි කොල්ලෝ. ඔයා මේ තියෙන උනන්දුව නිසා 50 ගහයි මාස2න්. මං මගේ සබ් හරි දෙනවා ඔයාට 50ට යන්න. අපි අනිවා සබ් දාන හැම එකකටම කමෙන්ටුවක් දානවා වගේම අපේ සබ්වලදී කොහොමත් රිප්ලයි දානවාමයි.
    🌻🌻🌻🌻🌻🌻

    • G.W.Deshan Adithya

      තෑන්ක්ස් අයියෙ මාව ඇනිම්වලට ඇදලගත්තෙ අයියනෙ ගේමක් තමයි ❤❤❤❤
      🌻🌻🌻🌻🌻🌻

  8. Peter Barthelot
    Cineru Family Member

    මේ බලන ගමන් පට්ට හලෝ, දෙන්නටම ජය .

    • G.W.Deshan Adithya

      තෑන්ක්ස් පීටර් අයියෙ ❤❤❤❤

    • ☑️දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ඔයාලා වගේ සීනියර් අයගේ එක කමෙන්ටුවක් කෝටියකට වඩා වටිනවා අයියේ. ස්තූතියි.
      🌻🌻🌻🌻

  9. supiri Thank you sub ekata….!!!!

  10. හම්මෝ,සීරියස් එකටම සබ් දීල.ගොඩාක් ස්තුතියි❤️

    • G.W.Deshan Adithya

      තෑන්ක්ස් මචන් ❤❤❤❤
      දිගටම අපිත් එක්ක ඉන්න ❤❤❤❤

    • ඔන්න අද ගෙදර ඉන්නෙ මෙක බලන්න ගන්නව , පොඩි හිටියෙක් නම් නෙවෙ ඉතින් ,එ උනත් මොකෝ 😊 තැන්ක්ස් ටිම් එකටම 💚

  11. තැන්ක්ස් බ්‍රො පට්ට එලම

  12. තෑන්ක්ස් සහෝ පට්ට බාන්ඩයක් ගෙනල්ල තියෙන්නෙ ජය වේවා , ඔයවගේ ඒවා දිගටම ගේන්න එල. 👍👍

    • G.W.Deshan Adithya

      ස්තූතියි සහෝ දිගටම අපිත් එක්ක ඉන්න ❤❤❤❤

    • ☑️දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      දේශානයාගේ හයිය තමයි සහෝ . ස්තූතියි 🌻

  13. Video එක කොහොමද බාන්නේ අයියේ?

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අපේ ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් යන්න. නැත්නම් අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් යන්න.
      ඒ දෙම බැරි නම් ටොරන්ට් සයිට් එකක තියෙන වෙබ් රිප් සීරීස් එකක් ගන්න. 🌻

    • G.W.Deshan Adithya

      මචන් ක්‍රම දෙකක් තියෙනවා
      1.tvseriesandmovies.co එකෙන් ගන්න
      2.නැත්තම් උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන තැන යට තියෙනවා
      දිගටම අපි එක්ක ඉන්න ඕන හොදේ 🥰🥰

  14. කොහොමද series එක බාන්නේ? අයියේ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මං විදිහ උඩ කමෙන්ටුවේ කිව්වා සහෝ. 🌻

    • G.W.Deshan Adithya

      නැත්තම් Jurassic World Camp Cretaceous (2020) කියල ගූගල් ගහන්න webrip/webdl කියල වීඩියො එකේ නමේ තියනව නම් සබ් ගැලපෙනවා

  15. බොහොම ස්තූතියි.ජය වේවා!

    • G.W.Deshan Adithya

      බොහොම ස්තූතියි මචන් සහයෝගයට
      දිගටම අපි එක්ක ඉන්න ඕන හොදද 🥰🥰

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🌻

  16. චානක තිලංක

    පට්ට සබ් එක සුපිරියි ආ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      උඹව දැක්කත් සතුටුයි බං 🌻

  17. pasindu wijesooriya

    Thanks bro.

    • G.W.Deshan Adithya

      තැන්ක්ස් බන් දිගටම ඉන්න අපිත් එක්ක ❤❤❤❤

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🌻

  18. මලින් උදයංග

    Season 3 ආවිල්ලා ද ?
    Eluvotion කියලා ?

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      නෑ සහෝ. සීසන් 2 නම් ආවා. ඒක දෙන්නම්. Eluvotion කියන්නේ වීඩියෝ ගේම් එක.

  19. Season 2 wala sub ekmanata denna

  20. Season 2 wala sub eke ekmanata denna

  21. සීසන් 2 එකටත් සබ් එක දෙන්න බ්‍රෝ…

  22. Season 2 සබ් ටිකත් දෙන්නකෝ

  23. Thanks. ………….good luck. …………

  24. මේකෙ සීසන් 3 ත් ආවා. ඉතිරි සබ් දෙන්නෙ නැද්ද ඔයාලා? නැවැත්තුවද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login