The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok joo (2016) E4 Sinhala Subtitle | ඇගේ දෙබඩි ජීවිතේ | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දැන් ඔයාලට හතරවෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්.

බොක් ජූ කොච්චර ජේ යීට කැමතිද කියනවා නම්, එයාට ජේ යීව මැවිලා පේන්නත් ගන්නවා. ඒ කොහොම වුනත් බර සායනයට ලියාපදිංචි වෙන්න අවශ්‍ය සල්ලී බොක් ජූ ගාව නෑ, සල්ලී හොයාගන්න විදිහක් නැතුව ඉද්දී තමා සති අන්තේ තියෙන කදු නගින තරගයෙන් දිනන කෙනාට තෑගි මුදලක් දෙනවා කියලා බොක් ජූ දැනගන්නේ. ඉතින් කන්ද නැගලා ඒ සල්ලී ටික ගන්නම් කියලා හිතාගන හිටියට බොක් ජුට දිනන්න බැරි වෙනවා. කන්ද නගිද්දී ජුන් යොන්ග් ඇවිත් එයාට කරදර කරන නිසා බොක් ජූ ජුන් යොන්ග්ටත් කෑගහනවා.

කොහොමහරි ඔය හිතේ අමාරුවෙන් යාළුවෝ එක්ක එළියට ගියාම බොක් ජූ මිනිස්සු වගයක් එක්ක රණ්ඩුවකට පැටලෙනවා. බොක් ජූ එතනින් ගියාට පස්සෙත් ඒ මිනිස්සු බොක් ජූලට කැත විදිහට අපහස කරනවා අහන් ඉන්න බැරිම තැන ජුන් යොන්ග් ගිහින් ඒ මිනිස්සුන්ට ගහනවා. හැබැයි බොක් ජූ හිනදා රණ්ඩුවකට පැටලුනා කියලා නම් ජුන් යොන්ග් බොක් ජූට කියන්නේ නෑ. ලොකු බොරුවක් තමා බොක් ජුට කියන්නේ. කොහොම හරි මේ නිසා දෙන්නගේ අමනාපේ නැති වෙනවා.

අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,
බොක් ජූ තාත්තා දෙන සල්ලී වලින් බර සායනයට ලියාපදිංචි වෙනවා. ඩොක්ටර්ට බොරු ගොඩකුත් කියනවා. ඔය අස්සේ සොන්ග් සී හෝ බොක් ජුයි ජුන් යොනුයි එකට ඉන්නවා දැකලා හිතනවා මේ දෙන්නා ළගින් ආශ්‍රය කරනවා කියලා. මෙයා හරී ආත්මාර්ථකාමී කෙනෙකුත් වගේ. එයාට ඊරිසියාත් හිතෙනවා ඇති බොක් ජූ ගැන. සී හෝටත් ගෙදර ප්‍රශ්න තියෙනවා වගේම ජිම්නාස්ටික් පුහුණුවීම වලදිත් ප්‍රශ්න ඇති වෙනවා. මේ එපිසෝඩ් එක ඉවරවෙන්නේ නම් ලොකු කුතුහලයක් තියලා. හිනාත් යනවා. එහෙනම් ඒ ඇයි කියලා එපිසෝඩ් එක බලලම දැනගන්නකො.

ඊළග එපිසෝඩ් එකෙන් ඉක්මනට හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login