The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok joo (2016) E3 Sinhala Subtitle | අත ඇරලා දාන්න | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දැන් තුන්වෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්.

කලින් එපිසෝඩ් එක පුරාවටම ජුන් යොන්ග් බොක් ජුට විහිළු කරපු එකමයි කරේ. බැරිම තැන බොක් ජූ ජුන් යොන්ග්ට තර්ජනයත් කරනවා. ඒත් ජුන් යොන්ග් ගණන් ගනීද ඔය තර්ජන. ඒ වගේම අයියගේ කීමට ජුන් යොන්ග් මානසික ප්‍රතිකාර සදහා යොමු වෙනවා. ඔය අතරේ බොක් ජූට ඩොක්ටර් ජේ යී ගැන කැමැත්තක් ඇති වෙනවා. ඩොක්ටර් ඉන්න තැනට ගිහිල්ලත් ආපහු එන බොක් ජූට එක පාරටම හිතෙනවා ආපහු ගිහින් ඩොක්ටර් ජේ යීව හම්බවෙන්න.
ඉතින් අද මෙතන ඉදන් තමා කතාව පටන් ගන්නේ.

බොක් ජූ ඩොක්ටර් ජොන්ග් ජේ යී, එහෙමත් නැත්තම් ජුන් යොන්ග්ගේ අයියගෙන් තමා අහන්නේ “ඔයා මෙසීට කැමතිද?” කියලා. ඉතින් බොක් ජූ ජේ යීට කොච්චර කැමතිද කියනවා නම් බොක් ජුට ඕන කරනවා ඩොක්ටර් ජේ යීගේ බාර සායනයට ඇතුළත් වෙන්න. ප්‍රශ්නේ කියන්නේ මේකට බැදෙන්න තරම් සල්ලි බොක් ජූ ගාව නෑ.

ඉතින් දහ අතේ කල්පනා කරලා බොක් ජූ සල්ලී හොයාගන්න ක්‍රමයක් හොයාගන්නවා. ඔය අතරේ ජුන් යොන්ග් එක්ක වලියකුත් දාගන්නවා. ඊටත් වඩා ලොකු වලියක් දාගන්නවා වෙන මිනිස්සු ටිකක් එක්ක, ඒ නම් හැබැයි නන් හී නිසා. ඉතින් කොහොමහරි බොක් ජුට සල්ලී හොයාගන්න පුළුවන් වෙයිද? එයා රණ්ඩු වෙන්නේ කාත් එක්කද? මේ එපිසෝඩ් එක බලලම දැනගමු නේද.

එහෙනම් ඊළග එපිසෝඩ් එකෙන් ඉක්මනට හමබ්වෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

3 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අතෑරලා දාලා ඉන්නේ මේක කම්ප්ලීට් කරනකන්. එක දිගට බලන්න එපැයි

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login