The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E05 Sinhala Subtitle | මම ගෑනු ලමයෙක් වුන එක ගැන සතුටුයි | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දැන් ඔයාලට පස්වෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්.

අනේ, ඉතින් අපේ බොක් ජූ තාත්තා දෙන සල්ලී වලින්, බර සායනයට ලියාපදිංචි වෙනවා. යාළුවන්ටත් බොරු කිය කිය බොක් ජූ බර සායනයටත් යනවා. ඔය අස්සේ සී හෝට බොක් ජූ ගැන ටිකක් ඊරිසියාත් හිතෙනවා වගේ, එයා බොක් ජූට කියනවා ජුන් යොන්ග් එක්ක යාළු වෙන්න උදව් කරන්න කියලා. දවසක් මෙයාලා එක්ක කෑම කන්න ඇවිත් සී හෝ එතන ඉන්න හැමෝවම අපහසුතාවයට පත් කරනවා. එයා ජුන් යොන්ග්ට කියනවා ආය යාළු වෙමු කියලා. ජුන් යොන්ගට එයාව අවශ්‍යම වෙලාවේ දාලා ගිහිල්ලා, දැන් ආයේ ජුන් යොන්ගෙන් යාළු වෙන්න අහනවා. සී හෝටත් ප්‍රශ්න ගොඩයි. ඒත් එයාගේ ප්‍රශ්න වලට අනිත් අය පලි නෑනේ.
මේ අතරේ වැඩිමල් ශිෂ්‍යයෝ අතර රණ්ඩුවක් ඇති වෙනවා. මහාචාර්යතුමාට මේකට ගොඩක් තරහා යනවා. කොහොමහරි ළමයින්ට කෑමත් අරගෙන දීලා තමා රණ්ඩුව සමතයකට පත් කරන්නේ. එපිසෝඩ් එක ඉවර වෙන්නේ බොක් ජූ බර සායනයේ ඉන්නවා ජුන් යොන්ග් දකින තැනින්.
අද කතාව පටන් ගන්නේ එතනින්.

ජුන් යොන්ග් බොක් ජුගේ බොරු ටික එළි කරයිද? ඩොක්ටර් බොක් ජූ ගැන ඇත්ත දැන ගනීද? බොක් ජුව පාවා දීම කෙසේ වෙතත් ජුන් යොන්ග් බොක් ජුගෙන් වැඩ ගන්නවා, ආය විහිළුත් කරනවා. දැන් එයා බොක් ජුගේ ලොකුම රහස දන්නවනේ. මේ රහස රකින්න ගිහින් බොක් ජූ එයාගේ කණ්ඩායමට ද්‍රෝහිකමකුත් කරනවා. එපිසෝඩ් එක අවසානේ නම් හරිම ලස්සනයි. බොක් ජූ කියනවා එයාට ගොඩක් සතුටුයි කියලා එයා ගෑණු ළමයෙක් වෙලා ඉපදුනු එකට කියලා. එහෙනම් ඔයාලා එපිසෝඩ් එක බලලම ඉතුරු ටික දැනගන්නකෝ.

ඊළග එපිසෝඩ් එකෙන් ඉක්මනටම හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login