8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E11 Sinhala Subtitle | මේක තමා අවසානය, මේක අවසානය නෙමෙයි | සිංහල උපසිරැසි සමඟ

ඩොක්ටර් ජොන්ග් එයාගෙ තරගය බලන්න ආව වෙලේ ඉදන් බොක් ජූ ඉන්නෙ ලොකු දුකකින්. එයා අකමැතිම දෙයක්නෙ සිද්ධවුනේ. ජුන් යොන්ග් මොන තරම් මෙයාව හිනස්සන්න හැදුවත් බැරිවෙනවා. ඊළගට ඩොක්ටර් ජොන් බොක් ජුගෙන් සමාව ඉල්ලුවාම බොක් ජුව හොදටම කඩාවැටෙනවා. එයා ජුන් යොන්ග් එක්ක රණ්ඩු වෙනවා ඩොක්ටර් ජොන්ග්ට ඇත්ත කිව්වා කියලා. මේ පාර නම් ජුන් යොන්ග්ටත් තරහ යනවා. කොච්චර තරහ යනවද කියනවා නම් එයා එයාගෙ අයියට ගිහින් බනිනවා. කාලයක් කියාගන්න බැරුව තියෙන දෙයක් අයියට කියනවා. ජේ යීටත් තේරෙනවා එයා අති න් වැරැද්දක් වෙලා කියලා. ඒ කොහොම වුනත් මේ අයියයි මල්ලියි දෙන්නා නම් යාළු වෙනවා. මොන තරම් කරදර දරාගන හිටියත් කෝචුත් එයාව දාලා ගියාම නම් බොක් ජුට හැමදේම එපා වෙනවා. එයාට එයා ආස කරන බර උස්සන එකත් එපා වෙනවා. එයාට සේරම එපා වෙලා ඉන්නෙ කියලා ජුන් යොන්ග්ට කියලා අඩන තැනින් තමයි පහුගිය එපිසෝඩ් එක ඉවර වෙන්නේ.

අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,
බොක් ජූ ගෙදර ගිහින් එයාගෙ තාත්තටත් කියනවා එයා ඉස්සර වගේ බර උස්සන්න දැන් කැමති නෑ කියලා. එයාට සේරම එපා වෙලා, මුකුත් කරන්න හිතෙන්නෙ නෑ කියලත් කියනවා. ඉතින් බොක් ජූ බර උස්සන එක අත් අරියිද? එයාගෙ තාත්තා ඒකට ඉඩ දෙයිද? ජුන් යොන්ග්ට කිව්වා වගෙ ආයෙ බොක් ජු ගැන හොයන්නෙ නැතුව ඉදීද? මේ එපිසෝඩ් එක බලලම දැනගන්න.

මේ එපිසෝඩ් එක දෙන්න ගොඩක් පරක්කු වුනාට සමාවෙන්න. ඊළග එපිසෝඩ් එකෙන් ඉක්මණට හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |958|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


131
Total Subtitles

5 comments

    • Chathunika Manchanayake
      Cineru Family Member

      Welcome 😊😊

      • Run on කියන koren ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *