The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E10 Sinhala Subtitle | කොමාවක්ද ? තිතක්ද ? | සිංහල උපසිරැසි සමඟ

ඩොක්ටර් ජොන් බොක් ජු බර උස්සන කෙනෙක් කියල දැනගත්තට, එයා බර සායනයට ආවෙ ඩොක්ටර්ට කැමති නිසා කියලා දැනගන්නේ නෑ. ඩොක්ටර් ජොන් මේ සිද්ධිය ඩොක්ටර් ගෝටත් කියනවා. ඉතින් ඩොක්ටර් ගෝ හිතනවා බොක් ජූ කැමති ජුන් යොන්ග්ට කියලා. ඉතින් ඒ දෙන්නා මේ දෙන්නට උදව් කරන්න උත්සහ කරනවා. කොහොම හරි ජුන් යොන්ග් බොක් ජු එක්ක විනෝද වෙනවා. එයාලා හිත සැහැල්ලු කරගන්න රැල්ල පාගන්නත් යනවා. බොක් ජූ බර උස්සන ගෑණු ළමයෙක් වෙන එක ලේසි නැත්තේ ඇයි කියලා ජුන් යොන්ග්ට පැහැදිලි කරනවා. එයා හිතන විදිහට ගෑණු ළමයෙක් බර ඉස්සීමේ ක්‍රීඩාව කරනවා කියන්නේ එක්තරා දුරකට ගෑණු ළමයෙක් විදිහට ජීවත් වෙන එක අත් හැරීම. ජුන් යොනුත් එයාගෙ ජීවිතේ තියෙන ලොකුම රහස බොක් ජුට කියනවා. මේ එපිසෝඩ් එක ඉවර වෙන්නේ බොක් ජු අකැමතිම දේ වෙලා. ඩොක්ටර් ජොන් එයාගෙ තරගේ බලන්න එනවා.
එතන ඉදන් තමා අද කතාව පටන් ගනනේ.

මොන තරම් කරදර ඉවසගන හිටියත්, ඩොක්ටර් ජොන් එයාගෙ තරගය බලන්න එන එක ඉවසන්න නම් බොක් ජූට බැරි වෙනවා. මේ කරදරය අස්සේ තවත් ප්‍රශ්න කීපයක්ම බොක් ජුට වෙනවා. අනිත් එක හැමවෙලේම එයාගෙ දුකේදි එයා ලග හිටපු ජුන් යොන්ග් එක්කත් එයා රණ්ඩු වෙනවා. වෙනදා වගේම අනපේක්ෂිත විදිහට කතාව ඉවර වෙන්නෙත්.

ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login