The title of the page
Lupin (2021) E01- E05 Sinhala Subtitles
Lupin (2021) E01- E05 Sinhala Subtitles
7.6
97
96

Lupin (2021) E01- E05 Sinhala Subtitles | හොරෙක් | සිංහල උපසිරැසි සමඟ

(Lupin (2021) Sinhala Sub) සුබ දවසක් යාළුවො හැමෝටම. ඉතිං යාළුවනේ මේ තමයි මගේ පළවෙනි උපසිරැසිකරණය. මට මේ අවස්ථාව ලබාදුන්නු Cineru.lk වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ලට පළමුවෙන්ම බෙහෙවින් ස්තූති වන්ත වෙන්න ඕන.

ඔන්න එහෙනම් 2021 වසරේ ජනවාරි මස 8 වෙනිදා වෙබ් කතාමාලා ලෝකයේ රජු වන Netflix ආයතනය විසින් නිකුත් කරපු තවත් සුපිරිම සීරීස් එකක් තමයි අද මේ අරගෙන ආවේ. මේක Mystery/Thriller/Crime/Drama ඝණයට අයත් වන ප්‍රංශ කතා මාලාවක්. මේ කතා මාලාව අධ්‍යක්ෂණය කිරීමට අපි කවුරුත් දන්න Now You See Me (2013) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Louis Leterrier සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ X-Men : Days of Future Past චිත්‍රපටයේ Bishop චරිතය රඟ දැක්වූ Omar Sy නම් රංගන ශිල්පියා. ඒ වගේම මේ සඳහා Ludivine Sagnier, Shirine Boutella, Clotilde Hesme, Soufiane Guerrab වගේ නළු නිළියන් රැසකුත් රංගනයෙන් දායක වෙනවා.

මේ කතා මාලාව IMDb දර්ශකයේ 7.6ක් වැනි ඉහල අගයකුත්, 97%ක Rotten Tomatoes අගයකුත් සහ 96%ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේකේ පළවෙනි සීසන් එක එපිසෝඩ් 10කින් සමන්විතයි. හැබැයි දැනට නිතුක් වෙලා තියෙන්නේ එපිසෝඩ් පහක් විතරයි. ඒ කොටස් පහටම අද ඔයාලට උපසිරැසි ලැබෙනවා. කොහොමහරි ඉතුරු කොටස් පහත් මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙද්දී ප්‍රේක්ෂකයන් අතට පත් කරන බවට Netflix ලා පොරොන්දු වෙලා තියෙනවා.

ඉතිං, මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රංශ ජාතික නවකතා රචකයෙකු වන Maurice Leblanc විසින් නිර්මාණය කළ Arsène Lupin කියන චරිතය පදනම් කරගෙනයි. ලංකාවෙ අපිට මේ චරිතය නුහුරු උනාට ප්‍රංශ ජාතිකයන් අතර සහ ලෝකය පුරාම විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ සිත් දිනා ගත්ත චරිතයක් තමයි මෙයා. මෙයත් හරියට නිකම් Sherlock Holmes වගේ තමන්ගෙ වටේ ඉන්න හැමෝගෙම ඇස් බැඳලා හිතාගන්න බැරි විදිහට ගේම් දෙන්න දක්ෂ හාදයෙක්. වෙනස තියෙන්නේ Sherlock Holmes කියන්නෙ රහස් පරීක්ෂකයෙක් උනාට මෙයා ඒකෙ අනිත් පැත්ත ඒ කියන්නෙ මෙයා හොරෙක්. 1908දි Maurice Leblanc විසින් Arsène Lupin vs Herlock Sholmes නමින් කෘතියකුත් එළිදක්වලා තියනවා. මේකෙදි Sherlockගෙ නම Herlock විදිහට පොඩ්ඩක් වෙනස් උනාට මේත් අපි දන්න Sherlock Holmesම තමයි. තාමත් ඔයාල ලූපින්ව අවතක්සේරු කරනව නම් මට කියන්න තියෙන්නේ ලූපින් කියන්නෙ Sherlock Holmes ගෙ අත් ඔරලෝසුව පවා හොරකම් කරන්න සමත් උනු අති දක්ෂ හොරෙක් කියලා.

කතාව ගැන කිව්වොත්, කතාවේ ප්‍රධාන චරිතය තමයි අසාන් ඩියොප්. මෙයා අර්සෙන් ලූපින් ආදර්ශ කරගත්ත අර්සෙන් ලූපින්ව අනුගමනය කරන නූතන ලෝකයේ අති දක්ෂ ලූපින් කෙනෙක් කිව්වොත් නිවැරදියි. මෙයා පොඩි කාලෙදිම මෙයාගෙ තාත්ත හොරකමකට අහුවෙලා හිරේ ගිහින් සියදිවිනසා ගන්නවා. ඉතිං මෙයාගෙ තාත්තව මේ හොරකමට කවුරුහරි අහුකළාද? මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ ඉන්නෙ කවුද? තමන්ගෙ තාත්තට සාධාරණය ඉෂ්ඨ කරන්න අසාන් ඩියොප් කොයිතරම් දුරක් යාවිද? කියන දේවල් තමයි කතාවෙ තියෙන්නේ.

ඒ වගේම කියන්න ඕන මේ කතාමාලාව උපසිරැසි ගන්වල තියෙන්නෙ ප්‍රංශ භාෂාවෙන් නිකුත් උන වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහට නිසා ඔයාල වීඩියෝ පිටපත් ගන්නකොට ප්‍රංශ භාශාවට අදාල වීඩියෝ පිටපත් ගන්න. මොකද ඉංග්‍රීසි හඬකැවූ පිටපත් වලට මේ උපසිරැසි 100%ක් නොගැලපෙන්න පුලුවන්.

හොඳයි එහෙනම් ඊළඟ කොටස් පහත් නිකුත් උනාම උපසිරැසි අරගෙන එන්න පොරොන්දුවෙමින් ලූපින්ගේ වීරක්‍රියා තුලින් මම සමුගන්නම්. හැමෝටම ජය…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සවිඳු ඉෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සවිඳු ඉෂාන්

February 7, 2021


1
Total Subtitles

11 comments

  1. Priyashan Jayarathna
    Cineru Family Member

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ 😍
    😍
    මේ සබ් ටිකටත් බොහොම ස්තූතියි ❤️💫

  2. චරිත් හේෂාන්

    Ammo sub ek dunnu ek gana nm kiynna wachana
    wachana na. Thank you saho…😍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සුපිරියක් වගේ

  4. chamath thilakarathna

    ඉතුරු කොටස් පහ අද එනවා. ඉක්මනට සබ් එක බලාපොරොත්තු වෙනවා. 🤗💪

  5. Season 2th oni

  6. අනේ කොල්ලෝ සිසන් 2ත් දාන්න මෙලෝ මගුලත් තේරෙන්නේ න . ජය

    • සීසන් 2 එකත් දෙන ගමන් තියෙන්නේ මචං..ටිකක් සයිට් එක බලන්න..දැන් Part 2 එකේ තව එපි දෙකයි දෙන්න තියෙන්නේ..

  7. ඔබේ උත්සාහය හදවතින් ම අගය කරමි.

  8. machn meke S01 sub tika na ne missing wela wage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login