The title of the page
8.8
100

River Where The Moon Rises (2021) E06 Sinhala Subtitles | ” සඳ නැගෙන නදිය : හයවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

අන්‍යොං චිංගුලා හැමදෙනාටම.ඔන්න අද මම උපසිරැසි අරගෙන ආවෙ අපේ කොරියානු රසිකයො සෙට් එකට.ඉතින් දිගින් දිගටම Historical ඩ්‍රාම එකක උපසිරැසි දෙන්න කියල ඉල්ලපු නිසා මම ඊයේ විකාශනය අරඹපු අලුත්ම ඩ්‍රාම එකකට සිංහල උපසිරැසි අරගෙන ආවා.

ගිය අවුරුද්දේ රූගත කිරීම් ආරම්භ කලත් කොරෝනා උවදුර නිසා දිගින් දිගටම කල් දාන්න වුන තවත් ඩ්‍රාම එකක් තමා මේ Rever Where The Moon Rises කියන්නෙ.
හරි එහෙනම් හැරෙමු ඩ්‍රාම එක පැත්තට.

කොරියානු භාශාවෙන් ” Dari tteuneun gang ” ( 달이 뜨는 강 ) නමින්  ” Moon Rising River “ ලෙස අර්ථගන්වමින් තමයි මේ ඩ්‍රාම එකට නම වැටිල තියෙන්නෙ.ඉතින් මේකට හැමෝම පාවිච්චි කරන පොදු නම තමා River Where The Moon Rises කියල කියන්නෙ.මේ ඩ්‍රාම එකේ කතාවට පාදක වෙලා තියෙන්නෙ 2010 වර්ශයෙ  Choi Sa Gyu විසින් රචනා කරපු ” Princess Pyeonggang (평강공주) “ කියන නව කතාව.The Legend , King Maker : Change Of Destiny වැනි කතා අධ්‍යක්ශණය කරපු Yoo Sang Ho ගේ අධ්‍යක්ශණයක් තමයි මේකත්.

පෙබරවාරි 15 වෙනිදායින් පටන් අරගෙන අප්‍රේල් 20 දක්වා KBS2 නාලිකාව ඔස්සෙ සෑම සතියකම සඳුදා සහ අඟහරුවාදා මේ ඩ්‍රාම එක විකාශනය වීමට නියමිතයි.ඒවගේම විනාඩි 60 ක පමණ ධාවන කාලයක් තියෙන කතාංග 20ක් මේ ඩ්‍රාම එකට ඇතුලත්.

ඊළගට අපි යොමුවෙමු මේ ඩ්‍රාම එකේ සුවිශේෂීම පැත්තක් වෙන අදාල චරිත සහ නලු නිලියන්ගෙ පැත්තට.

මුලින්ම මේ ඩ්‍රාම එකේ ප්‍රධානම සුවිශේෂී චරිතය විදියට ගන්න තියෙන්නෙ අපිට ප්‍රධාන නිලියගෙ චරිතය.ඒ සඳහා රංගනයෙන් එක් වෙන්නේ වර්තමාන කොරියානු ඩ්‍රාම ක්ෂේත්‍රයේ ඉන්න යොවුන් දක්ෂ නිලියක් වන Kim So Hyun විසින්.ඉතින් මේ ඩ්‍රාම එකට බොහෝ දෙනෙක්ගෙ අවධානය යොමු වෙන්න ඇය ලොකුම හේතුවක්.මොකද මීට කලින් ඇය රංගනයෙ යෙදුනු ඩ්‍රාම අතර Historical ඩ්‍රාමත් බොහොමයක් තිබ්බ වගේම ඇය ඒ හැම ඩ්‍රාම එකක්ම හරහා ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනාගැනීම.ඇය මේ ඩ්‍රාම එකේ Pyeong Gang ලෙස චරිතය පණ පොවන ඇය එක් එක් අවස්තාවන්හිදී චරිත රැසක් නිරූපණය කිරීමට නියමිතයි.අපිට ඒ ගැන හොඳටම දැනගන්න පුළුවන් ඩ්‍රාම එක බලාගෙන යනකොට.පහල පොටෝ එකෙ තියෙන්නෙ දැනට අපිට දකින්න ලැබුනු චායාරූප අනුව ඇයගේ චරිත පෙළගස්වල.

ඒකයි මං කිව්වෙ මේ ඩ්‍රාම එකේ Kim So Hyun ප්‍රධාන චරිතය විදියට විශේෂ කෙනෙක් වෙනව කියලා.
සෙසු චරිත ගැන කතා කරනකොට My First First Love, When I Was The Prettiest , Moon Lovers වගේ ඩ්‍රාම වල රඟපාපු ” Jo Soo “ තමා ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නේ.ඊට අමතරව Lee Ji-Hoon , Choi Yu Hwa යන අයත් රංගනයෙන් එක් වෙනවා.

ප්‍රධාන චරිත හතර
• Kim So Hyun  : Pyeong Gang කුමරිය,
                               Yeom Ga Jin සහ
                               Yeon රැජින ලෙස.
• Ji Soo               : On Dal ලෙස.
• Lee Ji Hoon    : Go Gun ලෙස.
• Choi Yu Hwa  : Hae Mo-Yong ලෙස.

   

[මාධ්‍ය හමුවේදී…]

හරි පොඩ්ඩක් දැනට මම කතාව කෙටියෙන් හඳුන්වල දෙන්නම්.Pyeong Gang කියන්නෙ Goguryeo වල කුමරිය.ඇය ඉපදුනාට පසුව ඇතිදැඩි වෙන්න Goguryeo වල සෙබලියක් විදියට.ඇය සිහින දකින්නෙ රටේ රජ වෙන්න.නමුත් ඔය අතරෙ තමා ඇයට On Dal ව හම්බ වෙන්නේ.

ඉතින් කතාව ඉස්සරහට මොනව වෙයිද? කොරියන් කතාමාලා රසික හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා එහෙනම් අද පටන් රැදෙන්න සිංහල උපසිරැසියෙන් රසගන්වල ගේන මේ කතාව නරඹන්න.ඒ වගේම බලල ඔයාලගෙ අදහස් අපේ එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.එහෙනම් ගිහින් එන්නම් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන්.

                JI JOO සහ KIM SO HYUN 

අන්‍යොං…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. Thank you sub ekata

  2. Run on කියන koren ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login