8.8
100%

River Where The Moon Rises (2021) E07 Sinhala Subtitles | ” සඳ නැගෙන නදිය : හත්වන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඩ්‍රාම එකෙ උන එක් වෙනස් කමක් නිසාම අද අලුත් ලිපියක් එක්ක සබ් එක අරන් එන්න හිතුනා.ඉතින් මෙතෙක් දුන්න ඩ්‍රාම වලදි කවදාවත් නොවුන විදියට මේ ඩ්‍රාම එකේ ඔන් ඩල් ගෙ චරිතෙ රගපාපු ජි සු ව චරිතෙන් ඉවත් කෙරුනා.ඒ යම් යම් සාධාරණ කාරණා හේතු කරගෙන.ඒ ගැන ගොඩක් දෙනා මෙලහකටත් දන්නව ඇති.

ඒ චරිතෙට ඒ වෙනුවට රිප්ලේස් වුනේ මේ මිස්ටර් ක්වින් එකෙත් හිටිය Na In-Woo.ඉතින් මේ ගැන ගොඩක් අයගෙ ප්‍රසාදයක් නම් පල උනේ..( මා ද ඇතුලුව )

හරි මෙතෙක් කතාවත් අපි මතක් කරගමු. ග ජින් යන නමෙන් පෙනී හිටින්නෙ ගොගුරියෝවේ රජ කුමරිය වෙන ප්යොන්ග් ගන්ග් කුමරිය.ඇය පොඩිකාලෙ උන කුමන්ත්‍රණයක් නිසා ඇයට මවත් රජමාලිගයත් අහිමි වෙලා පලා යන්න වෙනව වගේම ඇයගෙ මතකයත් නැති වෙනවා.පසුව ඇය ඝාතකයෙක් බවට පත් වෙනව.ඔය අතරෙ තමා ඇයට ඔන් ඩල් කියන තරුනයව හම්බ වෙන්නෙ.
ඒ වෙන කවුරුත් නෙමේ ඇය පොඩ්කාලෙ උදව් කරපු ජෙනරාල්ගෙ පුතා..මේ කරුනු කාරනා හෙලි වීමත් එක්ක ඇයට වගේම ඔන්ඩල් ටත් බොහෝ කරදර වලට මුහුන දෙන්න වෙනවා.

මෙහි අවසානය විදියට වෙන්නෙ නොසිතපු ඉක්මනින් ඇයට කුමරිය විදියට ආයෙම රජමාලිගයට යන්න..නමුත් තවමත් අර කුමන්ත්‍රණ කාරයො මාලිගාවෙ ඉන්නව..ඉතින් ඇයගෙ මීලග පියවර මොකක් වෙයිද? ඇයට ආයෙම කරදර එන්න ගනීද ?

අද කොටසින් බලා ගන්න පුළුවන් මේ දේවල්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙ හදිසියෙ උනු චරිත මාරුව හින්දා මෙතෙක් බලාගෙන ආව කතාව නවත්තන්න එපා කියලා.මොකද මම නම් මේ කතාවට උපසිරැසි කරන්න වගේම බලන්න ප්‍රබලම හේතුව තමයි අපේ හුරුබුහුටි කුමරිය Kim So Hyun.මං මුලදි සඳහන් කලා වගේම ඇය තමා මේ කතාවට පාදක උන ප්‍රධාන චරිතය. ඉතින් තව දුරටත් මේ කතාවෙ දර්ශන වල දිස් වෙන්නේ වැඩියෙන්ම ඇයව තමා..කොටින්ම කිව්වොත් ඇය නිසාම ඩ්‍රාම එක බලාගෙන යන්න පුළුවන් ඒ වගේම කතාවත් හොඳ විදියට ගලා යනව.

එහෙනම් ගිහින් බලන්න ඊයෙ රෑ ආව මේ කොටසත්.අද රෑ එන කොටසින් ආයෙම හම්බෙමු ..
ඔබට ජය !

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|451

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


198
Total Subtitles

3 comments

  1. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  2. Supun Sadeepa
    Cineru Family Member

    Elm

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *