The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E06 Sinhala Subtitle | සහෝදරයා සොයා | සිංහල උපසිරැසි සමඟ

 ගිය සතියෙ විකාශය වුණු Sisyphus: The Myth කොටස් දෙකෙ දෙවනි කොටසට තමයි අද උපසිරැසිය අරගෙන එන්න. ටිකක් විතර පරක්කු වුණා. කලින් කොටස කට්ටිය බලලත් ඉවරද දන්නෑ 😁 කමක් නෑ බලල නැති ඉන්නවා නම් බලන්න. ඊළඟ කොටස් ටිකනම් ඉක්මන්ටම ලැබෙයි.

කලින් කොටසෙදි සෝ-හේ සහ ටේ-සුල් පාලන කාර්යංශයෙනුයි ආසියා මාකට් එකේ කෙනාගෙනුයි පැනලා ගිහින් ටේ-සුල් ගෙ ගෙදර නතර වෙනවනෙ. එතනදි ටේ-සුල් ගෙ යාළුවා එඩී ඇවිත් ඒ ගෙදර උදේ වෙනකල් මුර කරන්න කියලා පිටත්වෙනවා. එතනදි එඩී ටේ-සුල් ව දැක්කද කියලත් හිතෙනවා නේද? ඒක ඔයාලම බලාගන්නකො. ඒ නිසා සෝ-හේ ට සහ ටේ-සුල් ට උදේ වෙනකල් බලාගෙන ඉන්න වෙනවා ඒ ගෙදරින් පිටවෙන්න. ඒ ගෙදරින් පිටවෙලා පාටි එකට යන්න තමයි දෙන්නගෙ සැලසුම. මේ කොටසෙදි තමයි දෙන්නා පාටි එකට යන්න ලෑස්තිවෙලා ඉන්නෙ. මේ කොටසෙ මගක් බලනකොට නම් කරකවලා අතෑරියා වගේ වෙනවා 😅 ඒත් පස්සෙ ඒ හැමදේම පැහැදිලි කරලා දෙනවා… ඒත් අන්තිමට ආයෙත් හිතාගන්න බැරි සිදුවීමක් වෙනව 😐 ඒ සිදුවීමෙන් පස්සෙ මොනවද වෙන්නෙ කියලා බලන්න නම් මේ සතියෙ කොටස් දෙක බලන්න වෙනවා.

මොනවද මේ වෙන්නෙ කියලා ඔයාලම බලලා දැනගන්න 🙂 එහෙනම් මීළඟ කොටසෙන් මුණගැහෙමු ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

5 comments

  1. thank you

  2. එපි 7,8 ත් ඉක්මනට ඕනේ,මේක නම් සුපිරි කතාවක්

  3. Supun Sadeepa
    Cineru Family Member

    Elm

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login