The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E07 Sinhala Subtitle | දෙවනි පලායෑම | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් 

Sisyphus: The Myth කතා මාලාවෙ හත්වෙනි කොටසෙ උපසිරැසිය තමයි අද මේ අරගෙන එන්නෙ. ඔව් ඔව් සෑහෙන පරක්කුයි  මේ දවස්වල තියන වැඩත් එක්ක වෙලාව වෙන් කරගෙන බොහොම අමාරුවෙන් තමයි මේ කොටසත් කරගත්තෙ.

කලින් කොටසෙදි සිදුවීම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෝ-හේ සහ ටේ-සුල් පාටි එකට යන සිදුවීම තමයි කලින් කොටසෙ හුඟක්ම දකින්න ලැබුණෙ. ඒ කොටසෙදි ටේ-සුල් ව අල්ලගන්නවා මතක ඇතිනෙ. ඒ වගේම සෝ-හේ බේරෙන්නෙත් බොහොම අමාරුවෙන්. සෝ-හේ ගෙ පළවෙනි යාළුවා එතමයි එතනදි එයාව බේරගන්නෙ. එයා ආවෙ නැත්තන් සෝ-හේ මැරෙන්නත් තිබ්බා. මොකද එයාගෙ අම්මව මැරුවා කියලා හිතාගෙන පළිගන්න ආව පොරත් එතන හිටියනෙ. කොහොම හරි සෝ-හේ එතනින් බේරිලා යනවා.. හැබැයි ටේ-සුල් අහුවෙනවා. ඒත් ඒ කොටසෙදිම ටේ-සුල් කොහොම හරි පැනලා ඇවිත් ආයෙමත් සෝ-හේ එක්ක එකතුවෙනවා.

ඒත් ඉතින් බේරුණේ කොහොමද කියන ප්‍රශ්නෙ ඉතුරු වෙනවා… ඒ ප්‍රශ්නෙට මේ කොටසෙදි උත්තරයක් ලැබෙනවා. ඒ ප්‍රශ්නෙට විතරක් නෙවෙයි හුඟක් ප්‍රශ්න වලට උත්තර මේ කොටසෙදි දැනගන්න ලැබෙනවා.

ඒවා මොනවද කියලා මේ කොටස බලලම දැනගන්න. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. ගොඩාක් ස්තූතියි සොමේෂ්!ඔයාගේ සබ් මාරම කොලිටි,මං ගොඩක් ආසයි,අගේ කරනවා!ඉතුරු ටිකත් ඉක්මනට කරගන්න ශක්තිය ලැබේවා! -ක්ලෙමන්ටයින්-

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Ithiri ep tikath ikamanata denna.

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login