The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E03 Sinhala Subtitles | අනාගතයට සාදරයෙන් පිලිගන්නවා | සිංහල උපසිරැසි සමඟ

ඔන්න කිව්වා වගේම තුන්වෙනි කොටසත් පුළුවන් ඉක්මන්ට අරගෙන ආවා. තව විකාශය වෙලා අවසන් වුණු එක කොටසක් ඉතුරුවෙලා තියෙනවා ඒකට උපසිරැසියත් ඉක්මන්ට අරගෙන එනවා. හැබැයි මමනම් නෙවෙයි වෙන කෙනෙක්. මෙතෙක් කතාව ගැන වගේ අද කොටස ගැනත් වෙනදා වගේම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්.

මීට කලින් කොටසෙ සිද්ධවුණේ සෝ-ගේ වර්තමානයට ඇවිත් පාලන කාර්යංශයේ අයගෙන් බේරිලා පැනලා යන සිදුවීම. ඒ පැනලා යන්නෙ බුසාන්වලට. ඒ අතර මගදි එයාට හන් ටේ-සුල් ව දකින්න ලැබෙනවා… ඒත් ඉතින් එතනදි අඳුනගන්න බැරිවෙනවනෙ. ඒ අස්සෙ ටේ-සුල් ට හිතාගන්න බැරි දෙයක් සිද්ධවෙනවා. ඒ තමයි අර පොටෝ ටිකේ තිබ්බ දේවල්. මේ කොටස බැලුවහම තේරුම් යනවා ඇත්තටම මේ කතාවෙ මොකක්ද සිද්ධවෙන්නෙ කියලා. ඒක මම කියන්න යන්නෙ නෑ ඔයාලම බලලා හදැනගන්න. “අනාගතයට සාදරයෙන් පිළිගන්නවා” කියන එකෙන්ම ඔයාලට ඒක හිතාගන්න පුළුවන් මං හිතන්නෙ.

ඒ වගේම මේ කොටසෙ උපසිරැසියෙන් බාගයක්ම ගහලා දුන්න මදුශාන් අයියට ස්තූති කරනවා. මොකද කිව්වොත් මේ දවස්වල තියන වැඩත් එක්ක එයා නැත්තන් මේක කරගන්න වෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් මදුශාන් අයියා තමයි මේ කතා මාලාව කරන්න කියලා කිව්වෙත්. එහෙම නැත්තන් මේ කතා මාලාවට උපසිරැසි කරන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි හිටියෙ. එහෙනම් ඉතින් අදට සමුගන්නවා. ඊළඟ කොටසත් ඉක්මන්ටම අරගෙන එයි. කලින් දවසෙ කිව්වා වගේම මේක වෙනස්ම විදිහක සුපිරිම කොරියානු කතා මාලාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මම ගියා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

5 comments

  1. Supun Sadeepa
    Cineru Family Member

    එලම 😍

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Thank you sub ekata

  4. Run on කියන koren ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login