The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E02 Sinhala Subtitles | පලා යෑම | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් අද උදේ පටන්ගත්ත Sisyphus: The Myth කතා මාලාවෙ දෙවනි කොටසෙ සිංහල උපසිරැසිය තමයි මේ අරගෙන එන්නෙ. දැනටමත් කොටස් 4 ක් විකාශය වෙලා අවසන් නිසා විකාශය වෙලා තියන කොටස්වල උපසිරැසි ඉකමන්ටම දීලා ඉවර කරන්න තමා උත්සාහය. ඔයාලා පළවෙනි කොටස බලනකොට තේරෙයි මේක වෙනස්ම විදිහක කොරියානු කතා මාලාවක් කියලා. මොකද කොරියානු කතා මාලාවන් හුඟක්ම බර Detective නැත්තන් Serial Killer කියන පැතිවලට. හැබැයි ඉතින් ඒ දේවල්වලින් පොඩ්ඩක් වෙනස් වෙලා වෙනමම පැත්තක් බලලා නිර්මාණය කරපු කතා මාලාවක් තමයි මේක. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් Powerful කතා මාලාවක්. පළවෙනි කොටසෙ සිද්ධවුණු දේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙවනි කොටසෙ වෙනදේත් පොඩියට කියලා ඉන්නම්.

පෙර කොටසින්,

පළවෙනි කොටසෙදි සෝ-හේ කාල තරණයක් වගේ දේකින්ද මන්දා ගමන් කරනවා. එයා ආයෙ ඇවිත් ඉන්නෙ කොරියාවටම තමා. ඒත් එයාට එච්චරම දැනුමක් නෑ වගේ තමයි මේ කොටස බලනකොට පේන්නෙ. ඒත් ඉතින් එහෙමම නෑ. එයාගෙ එනකොට අරන් ආව සූට්කේස් එක එයා ආරක්ෂා කරනවා. මං හිතන්නෙ ඒ සූට්කේස් එකේ වටිනා කියන මොනවා හරි… එහෙමත් නැත්තන් හුඟක්ම ප්‍රයෝජනවත් වෙන දෙයක් ඇති. ඒ වගේම තමයි හන් ටේ-සුල් ගෙ සහෝදරයා වගේ කෙනෙකුත් ගුවන් යානා අනතුර නිසා හන් ටේ-සුල් ට දැකගන්න ලැබෙනවා. ඒ ඇත්තටම ඉන්නෙ එයාගෙ අයියද කියලා නම් දන්නෙ නෑ. ඉස්සරහට බලාගෙන යනකොට ඒක තේරෙයි.

අද කොටසින්,

මේ කොටසෙදි හන් ටේ-සුල් ට හුඟක්ම ප්‍රයෝජනවත් දේවල් කීපයක්ම හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අකරතැබ්බ වලටත් මූණ දෙන්න වෙනවා… ඒ අස්සෙ සෝ-හේ ව “පාලන අධිකාරියෙන්” ඒ කියන්නෙ නීතිවිරෝධී සංක්‍රමණිකයො ගැන හොයලා බලන කාර්‍යංශයක් වගේ එකකින් ලුහුබඳිනවා. ඇත්තටම මෙයාලා ඒ කාර්‍යංශයේද කියන එකනම් ප්‍රශ්නයක්. ඒ කොහොම උනත් සෝ-හේට මෙයාලගෙන් ගැලවිලා යන්න පුළුවන් වෙයිද කියලා මේ කොටසත් බලලම දැනගන්න.

කලින් කොටස දුන්නා වගේම මේ කොටසත් HDTV සහ WEB-DL කියන කොපි දෙකටම ලබාදීලා තියෙනවා… ඉස්සරහට එන ඒවත් කොපි දෙකටම දෙන්න බලාපොරොත්තු වෙනවා. වෙලාව තියන විදිහට පුළුවන් ඉක්මන්ට උපසිරැසිය කරලා අරගෙන එන්නම්. විකාශය වුණු කොටස් දෙකක උපසිරැසි අරගෙන එන්න තියෙනවා. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබට ජය✌
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. sub ek ikmanatama dl ammoooo thanx

  2. Run on කියන ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ

  3. Snowpiercer sub one

  4. ඇත්තටම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login