The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E01 Sinhala Subtitles | මොනවද මේ වෙන්නෙ? | සිංහල උපසිරැසි සමඟ

(Sisyphus : The Myth (2021) E01 Sinhala Sub) JTBC නාලිකාව කියන්නෙ හැමදාමත් වගේ කොරියානු රසිකයින්ට සුපිරිම කතා මාලාවන් තිලිණ කරන කොරියානු නාලිකාවක්. කොරියාවෙ අයට වගේම ලංකාවේ ඉන්න අපි වගේ කොරියානු කතා මාලාවන් රසවිඳින රසිකයින්ටත් ඒක එහෙම්ම තමයි. පසුගිය පෙබරවාරි 17 වෙනිදා JTBC නාලිකාවෙ විකාශය ආරම්භ කරපු “Sisyphus: The Myth” | “시지프스” කතා මාලාව අද තමයි මේ විදිහට උපසිරැසි ගන්වලා අරගෙන එන්නෙ. මේ කතා මාලාව විකාශය වීම ආරම්භ කරන්නෙ JTBC නාලිකාවෙ 10 වන සංවත්සරය නිමිති කරගෙන වගේම මේ කතා මාලාවෙ ප්‍රධාන චරිතයට පණ පොවන කොරියානු නිළි Park Shin-hye ගෙ 31 වෙනි උපන්දිනය නිමිති කරගෙන. Call 2020, Alive 2020 වගේ සුපිරිම කොරියානු චිත්‍රපටිවලටත් Park Shin-hye රංගනයෙන් දායකවෙලා තියෙනවා. Park Shin-hye ඇරුණම මීළඟ ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ Cho Seung-woo කියන කොරියානු රංගන ශිල්පියා. අපි හැමෝම හුඟක් ආසාවෙන් නරඹපු “ඉසිවර වෙදැදුරු” නමින් “The King’s Doctor” කියන කොරියානු කතා මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් මෙයා.

Sisyphus: The Myth කතා මාලාවේ Park Shin-hye සහ Cho Seung-woo

Sisyphus: The Myth කතා මාලාවෙදි පිළිවෙලින් Kang Seo-hae ලෙසත් Han Tae-sul ලෙසත් අපිට මේ දෙන්නව දැකගන්න පුළුවන්. මේ කතා මාලාවෙ සිද්ධවෙන දේ නම් තාම හරියටම කියන්න බෑ. ඒක තේරුම් ගන්න නම් කතාවෙන් බාගයක්වත් බලන්න වෙයි මං හිතන්නෙ. අනාගතයෙන් එනවා වගේ දෙයක් තමයි දැනට නම් මට තේරුම් ගියේ. JTBC නාලිකාවෙන් වගේම අපි කවුරුත් දන්න Netflix එකෙනුත් මේ කතා මාලාවෙ විකාශන අයිතිය අරගෙන තියෙනවා. ඒ නිසාම සිංහල උපසිරැසිය ලබාදෙනකොට HDTV සහ WEB-DL කියන පිටපත් දෙකටම අදාළවෙන උපසිරැසි ගොනු වෙන වෙනම ලබාදීලා තියෙනවා. ඒ නිසා කැමති අයට කැමති කොපියක් අරගෙන බලන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන පළවෙනි කොටසෙ උපසිරැසිය අපේ තවත් කෙනෙක් කරලා තියෙනවා, ඒ කියන්නෙ දෙන්නෙක් කරපු උපසිරැසි ගොනු දෙකක් ඇතුළත් වෙනවා. ඒක වුණේ අපේ පොඩි අතපසුවීමකින්… ඉතින් මේ දෙකෙන් කැමති කෙනෙකුගෙ උපසිරැසියක් අරගෙන බලන්න. ඒකෙ කිසිම ප්රශ්නයක් නෑ. අද ඉඳන් මේ කොරියානු කතා මාලාවෙ සිංහල උපසිරැසිත් “කොරියානු උපසිරැසි රාජධානියෙන්” ම අරගන්න පුළුවන්.

දැනටමත් මේ කතා මාලාවෙ කොටස් 4 ක් විකාශය වෙලා ඉවරයි… ඒ උනත් ඉතිරි කොටස් ටිකත් ඉක්මන්ටම අරගෙන එන්නම්. ඊට පස්සෙ ඉතුරු කොටස් ටික විකාශය වෙන ගමන් දෙන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් අළුත් කොරියානු කතා මාලාවක් බලන්න එකතුවෙන්නෙ. මේක වෙනස්ම විදිහක කොරියානු කතා මාලාවක්. මිස් කරගන්න එපා. ඊළඟ කොටසෙන් ඉක්මන්ටම මුණගැහෙමු.

සටහන:- සොමේෂ් ජයරත්න

විශේෂ : අපිට මේ ඩ්‍රාම එකේ පලවෙනි සබ් එකේම පොඩි අකරතැබ්බයක් වුනා. මම වගේම වැරදිලා ඉනෝකා අක්කත් පලවෙනි එපියට සබ් ගහල තිබුනා.ඉතින් දෙන්නගෙම සබ් මේකට දාල තියෙන්නෙ ඒ ඒ කොපි වලට ගැලපෙන විදියට .. අරගෙන බලන්න 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

12 comments

  1. ඇත්තෙන්ම මේ කරනා සේවයට ගොඩාක් පින් මොකද මම ඇත්තටම කොරියානු කතාමාලා පිස්සෙක් කොරියන් ඇඩ් එකක් උනත් කම්ක්නෑ ඇත්තටම Cineru.lk සුපිරියි සාමානයෙන් ගොඩාක් වෙබ් සයිට් වල කොරියානු කතාමාලව ඉවර උනාට පස්සෙ තමා සබ් දාන්නෙ ඒත් Cineru අපිව පිස්සු වට්ටනව මොකද කොරියානු කතාමාලාවක එපිසෝඩ් දෙකක් රිලීස් වෙච්ච ගමන් සබ් දෙන්න පටන් ගන්නව හිතා ගන්න බෑ ඇත්තටම මාරයි Cineru.lk ❤️❤️😘

  2. Run on කියන ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ 😊

  3. Thank you❤ Run on tv series එකෙත් සිංහල sub complete කරන්නකෝ please.

  4. දකින දකින කොරියන් කතාව දුන්නට කමක් නෑ,කලින් පටන් අරගෙන එපිසොඩ් 2 ක් 3 ක් දීලා මග නවත්තලා තියෙන කොරියන් ඒවා ඉවර කරලා ඉන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.නැත්නම් අන්තිමට මේකත් ඒ ලිස්ට් එකටම වැටෙයි.තව දැකපු දෙයක් තමයි එක්කෙනා සීරිස් 2-3 බදාගෙන කරනවා,අන්තිමට එකක් වත් කරන්නෙ නැතුව අතැරලා දානවා.ජය!

    • Priyashan Jayarathna
      Cineru Family Member

      මං පටන් අරන් මග නවත්තලා තියන එක සීරීස් එකක් කියන්න බලන්න 🙄

      • ඔයා නැවැත්තුවද නැද්ද කියන්න දන්නෙ නෑ. සිනෙරූ එකේ පේන්න තියෙන තත්වේ ගැන මං කිව්වේ. මග නවත්තපුව මොනාද කියලා ඔයාලම හොදට දන්නවා ඇතිනේ.
        ජය!

        • samitha
          Cineru Family Member

          රන් on එකට නොදී ඉන්නේ නැහැ කරන කෙනා දුන්න ගමන් දානවා . අපේ ගොඩක් කතා මග නැවතිලා නැහැ කතා කිහිපයයි තියෙන්නේ ඒවත් ඉක්මනට ඉවර වෙයි

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. අනේ මේකේ ඉතුරු ටිකත් දෙන්න පුලුවන්ද
    Run On
    Secret Healer
    වගේ මග නවත්තන්න එපා
    සිනෙරු එකට ගොඩක් ❤ ❤❤❤

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. Thank you for the subtitles

  9. You guys are amzing, can we get sub for “The Fiery Priest” series please ❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login