The title of the page
Dracula (2020) E03 (END) Sinhala Subtitles
Dracula (2020) E03 (END) Sinhala Subtitles
6.8
71
87

Dracula (2020) E03 (END) Sinhala Subtitles | සියවසකට පසු | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරැසිය අරන් මං අද ආවේ. මං කලින් වගේම අද ඇවිත් ඉන්නවා ඩ්‍රැකියුලා පළමු කතා මාලාවේ අවසාන කතාංගයත් අරගෙන. ඒ කියන්නේ තුන්වෙනි කතාංගය. මං හිතනවා ඔයාලා හැමෝම පලවෙනි සහ දෙවෙනි කතාංග දෙකම බලන්න ඇති කියලා. ඩ්‍රැකියුලාගේ එංගලන්ත ගමන ගැන, ඒ අතරමග වුණු දේවල් ඔයාලට මතක ඇති. බැලුවේ නැත්නම් ඒ කොටස් දෙකම බලලා ඉන්න කියලා මං ඔයාලාට ආරාධනා කරනවා.

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඉතින් කලින් කොටසේ ඔයාලා දකින්න ඇති ඩ්‍රැකියුලා එයාගේ අරමුණ වෙච්ච එංගලන්තෙට යන ගමන ඩිමීටර් කියන නැවේ තමයි යන්නේ. ඉතින් ඒ කොටසේ අන්තිමට ඩ්‍රැකියුලා එංගලන්තෙට යනවනේ. හැබැයි එයා එංගලන්තෙට යනකොට කාලය සියවසක් විතර ඉක්මවලා ගිහින්. ඒ කියන්නේ ඔක්කොම දේවල් නවීකරණය වෙලා. ගමන් බිමන් යන්නේ අශ්ව කරත්තවලින් වෙනුවට කාර්වලින්, දුරකථන එහෙමත් භාවිතා කරනවා. ඒ කියන්නේ නිකන් දැන් තියන වර්තමාන ලෝකෙ වගේ. ඩ්‍රැකියුලා එංගලන්තෙට පය තියලා තියෙන්නේ සියවසකට පස්සේ. හැමදෙයක්ම වෙනස්වෙලා.ඉතින් මේ කොටසේ තියනවා එයා මේ වෙනස් වුණු ලෝකෙ ජීවත්වෙන හැටී. මං වැඩිය කියන්න යන්නේ නෑ. ඔයාලා බලන්නකෝ කතාව.

මේ කොටසත් කලින් කොටස් දෙක වගේම පැය එකහමාරක් පුරා දිවෙනවා. මේ කොටසත් එක්ක ඩ්‍රැකියුලා කතා මාලාව අවසන් වෙනවා. මොකද තවම එක කතා සමයක් විතරයි නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම්, කොටස් තුනම බලන්න, බලලා අඩුපාඩු හදාගන්න තැන් එහෙම තියෙනවානම් comment එකක් දාලා මගෙ අඩුපාඩු පෙන්නලා දෙන්න… මං ආසයි ඔයාලගෙ අදහස් දැනගෙන මගේ සබ්වල තියන අඩුපාඩු හදාගන්න…

මං තවත් ඉංග්‍රීසි කතා මාලාවක වැඩ මේ වෙනකොට භාර අරන් ඉන්නේ. ඒකත් පුළු පුළුවන් විදියට ඉක්මනටම දෙන්න උත්සහා කරනවා. ඉතින් රැදිලා ඉන්න මාත් එක්ක ඒවගේම සිනෙරූ වෙබ් අඩවියත් එක්ක.

එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි…

<—ඒ වගේම රටේ මේ දිනවල ඇතිවෙලා තියෙන COVID-19 වසංගත තත්ත්වය නිසා හැමෝම රජයවිසින් පනවපු නීති රීතිඅනුගමනය කරන ගමන්, පරිස්සම් වෙලා තම තමන්ගෙ එදිනෙදා වැඩ කටයුතු කරගන්න කියලත් හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා—>

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චවින්ද්‍ය හසාංජන ද සිල්වා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චවින්ද්‍ය හසාංජන ද සිල්වා

February 17, 2021


5
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login