The title of the page
6.8
71
87

Dracula (2020) E02 Sinhala Subtitles | නෞකාවෙන් එංගලන්තය බලා | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මං එහෙනම් කිව්වා වගේම අද ඇවිත් ඉන්නවා ඩ්‍රැකියුලා පළමු කතා මාලාවේ දෙවෙනි කතාංගයත් අරගෙන. මං හිතනවා ඔයාලා හැමෝම පලවෙනි කතාංගය බලන්න ඇති කියලා. ඒකේදී මොකක්ද වුණේ? හිටපු චරිත කවුද? කියලා ඔයාලට දැන් යම් අදහසක් ඇති. බැලුවේ නැත්නම් ඒක බලලා ඉන්න කියලා මං ඔයාලාට ආරාධනා කරනවා.

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඉතින් කලින් කොටසේ ඔයාලා දකින්න ඇති ඩ්‍රැකියුලාගේ ප්‍රධානම අරමුණ තමයි එංගලන්තෙට යන එක. ඉතින් මේ කොටසේ තියෙන්නේ ඩ්‍රැකියුලා එංගලන්තෙට යන අතරමග සිදුවෙන සිදුවීම් ගැන. ඉතින් මේ කොටසේදී ඩ්‍රැකියුලා ඩිමීටර් කියන නැවේ මගියෙක්. මේ නැව තමයි එයා තෝරාගන්නේ එංගලන්තෙට යන්න. මේ නැවේ තව මගියෝ කිහිප දෙනෙකුත් යනවා. පුදුමෙකට වගේ මේ හැමෝටම මේ නැවේ යන්න ආරාධනා කරලා තියෙන්නේ Balaur කියන අද්භූත චරිතයක් විසින්. ඒ කවුද කියලා මං දැන් කියන්න යන්නේ නෑ. ඒක ඔයාලා බලලම දැනගන්නකෝ. මේ නැවෙන් එංගලන්තෙට යන අතරමග සිදුවෙන සිදුවීම් තමා තියෙන්නේ යන අතරමග මොනාද වෙන්නේ? ඩ්‍රැකියුලාට එංගලන්තෙට යන්න පුළුවන් වෙයිද? ඕවා දැනගන්නනම් ඔයාලට මේ කොටස බලන්නම වෙනවා.

මේ කොටසත් කලින් කොටස වගේම පැය එකහමාරක් පුරා දිවෙනවා. තව එක කොටසක් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ ඔයාලට අරන් එන්න මට. ඉතින් එහෙනම්, තුන්වෙනි සහ අවසන් කොටසත් මං ඉක්මනට අරගෙන එන්නම්… එතකන් ඔයාලා හැමෝම මේ කොටසත් බලලා අඩුපාඩු හදාගන්න තැන් එහෙම තියෙනවානම් comment එකක් දාලා මගෙ අඩුපාඩු පෙන්නලා දෙන්න… මං ආසයි ඔයාලගෙ අදහස් දැනගෙන මගේ සබ්වල තියන අඩුපාඩු හදාගන්න…

එහෙනම් අවසන් කොටස මං ඉක්මනට අරන් එන්නම්… එතකන් ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි…

<—ඒ වගේම රටේ මේ දිනවල ඇතිවෙලා තියෙන COVID-19 වසංගත තත්ත්වය නිසා හැමෝම රජය විසින් පනවපු නීති රීතිඅනුගමනය කරන ගමන්, පරිස්සම් වෙලා තම තමන්ගෙ එදිනෙදා වැඩ කටයුතු කරගන්න කියලත් හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා—>

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චවින්ද්‍ය හසාංජන ද සිල්වා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චවින්ද්‍ය හසාංජන ද සිල්වා

February 17, 2021


5
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login