The title of the page
6.8
71
87

Dracula (2020) E01 Sinhala Subtitles | ඩ්‍රැකියුලාගේ ආගමනය | සිංහල උපසිරැසි සමඟ

(Dracula (2020) E01 Sinhala Sub) ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණ විදියට අද මං අරන් ආවා 2020 අවුරුද්දේ Netflix හරහා නිකුත්වුන ටීවී සීරිස්එකක පලවෙනි කතා සමයේ පලවෙනි කොටස…

මේ ටීවි සීරිස් එක ඇවිල්ලා ලොකු පොඩි කවුරුත් අහලා තියෙන ඩ්‍රැකියුලා ගැන තියෙන ටීවී සීරිස් එකක්. ඉතින් මේ ටීවි සීරිස් එකගැන කතා කලොත්, Bram Stoker විසින් 1897දි රචිත ඩ්‍රැකියුලා නවකතාව පදනම් කරගෙන Mark Gatiss සහ  Steven Moffat විසින් නිර්මාණය කරන ලද නාට්‍ය-ත්‍රාසජනක ගණයට වැටෙන ට වී සීරිස් එකක්.  මේ කතා මාලාව BBC One සහ Netflix හරහාවිකාශනය කරලා නිකුත් කරපු, කොටස් තුනකින් සමන්විත කතා මාලාවක්. ඒත් තවමත් එක කතා සමයක් විතරයි එළි දක්වලාතියෙන්නේ… ඉදිරියේදි සමහරවිට දෙවනි කතා සමයකුත් අපිට බලාගන්න පුළුවන් වෙයි. තාම ඒ ගැන සදහනක්නම් නෑ. ඉතින් අදමං අරන් ආවේ පලවෙනි කතා සමයේ පලවෙනි කොටස.. අපි එහෙනම් පොඩ්ඩක් පලවෙනි කොටස ගැන පොඩ්ඩක් බලමුකෝ…

ජොනතන් හාර්කර් කියන්නෙ එංගලන්තේ නීතිඥයෙක්. ඉතින් හාර්කර් යනවා එංගලන්තේ දේපළ මිලදී ගන්න එකකට සහායවෙන්න Transylvaniaවේ තියන ඩ්‍රැකියුලාගේ මාලිගාවට. ඉතින් හාර්කර්ට මුලින්ම හම්බෙන ඩ්‍රැකියුලා ගොඩාක් වයසකකෙනෙක්…70 පැනපු කෙනෙක් වගේ… හාර්කර් ඔක්කොම වැඩ ඉවර කරලා ආපහු එංගලන්තේට යන්න ලෑස්ති වෙනකොටඩ්‍රැකියුලා එයාට යන්න නොදී මාලිගාවේ හිර කරගන්නවා… හිර කරගන්නවා කිව්වට හාර්කර්ට මාලිගාව ඇතුලෙ ඕනි තැනකටයන්න පුළුවන්කම තියනවා… ඉතින් කල් යනකොට හාර්කර්ට එයා මුල්ම දවසේ දැකපු වයසක ඩ්‍රැකියුලා වෙනුවට තරුණ ඩ්‍රැකියුලාකෙනෙක්ව තමා දකින්න හම්බෙන්නේ… දවසින් දවස තරුණ වෙන ඩ්‍රැකියුලා කෙනෙක්…

ඉතින් මේ වයසක ඩ්‍රැකියුලා කොහොමද මෙහෙම දවසින් දවස තරුණ වෙන්නේ? හාර්කර්ට ඊලගට මොකද වෙන්නේ? හාර්කර්ඩ්‍රැකියුලාගෙන් බේරිලා පැනලා යනවද? ඒ කොහොමද? මේ හැම දේකටම උත්තර ඕනනම් ඔයාලට පලවෙනි කොටස බලන්නමවෙනවා…තවත් කියෝලා කතාව එලිකරන්න යන්නෙ නෑ…ඔයාලම බලලා දැනගන්න මොකද වෙන්නෙ කියලා…

ඉතින් එහෙනම්, දෙවෙනි කොටසත් මං ඉක්මනට අරගෙන එන්නම්… එතකන් ඔයාලා හැමෝම මේ කොටස බලලා අඩුපාඩුහදාගන්න තැන් එහෙම තියෙනවානම් comment එකක් දාලා මගෙ අඩුපාඩු පෙන්නලා දෙන්න… මං ආසයි ඔයාලගෙ අදහස්දැනගෙන මගේ සබ්වල තියන අඩුපාඩු හදාගන්න…

එහෙනම් දෙවෙනි කොටස මං ඉක්මනට අරන් එන්නම්… එතකන් ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි…

<—ඒ වගේම රටේ මේ දිනවල ඇතිවෙලා තියෙන COVID-19 වසංගත තත්ත්වය නිසා හැමෝම රජය විසින් පනවපු නීති රීතිඅනුගමනය කරන ගමන්, පරිස්සම් වෙලා තම තමන්ගෙ එදිනෙදා වැඩ කටයුතු කරගන්න කියලත් හැමෝගෙන්ම ආදරෙන්ඉල්ලනවා—>

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චවින්ද්‍ය හසාංජන ද සිල්වා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චවින්ද්‍ය හසාංජන ද සිල්වා

February 17, 2021


5
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login