The title of the page
RED (2021) Sinhala Sub
RED (2021) Sinhala Sub
5.6
94

RED (2021) Sinhala Subtitles | අභිරහස් ඝාතනය | සිංහල උපසිරැසි සමඟ

(RED (2021) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අදත් මම ආවෙ සුපුරුදු විදියට තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන.

ගිය අවුරුද්දේ ඉදන් කොරෝනා නිසා කල් යමින් තිබුනු මේ RED චිත්‍රපටය අවසානයේ මේ අවුරුද්දේ ජනවාරි 14 තිරගත කිරීම ආරම්භ කලා.ඒ අනුව ඉන්දියානු රුපියල් කෝටි 27 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්න සමත් වුනා.

මේ චිත්‍රපටය සැකසෙන්නෙ 2019 වර්ශයේ තිරගත වුනු Thadam චිත්‍රපටයෙ ප්‍රති නිර්මාණයක් විදියට.නමුත් ඉතින් තෙලිඟු චිත්‍රපටයේ යම් යම් වෙනස්කම් කරල තියෙනවා.අනිත් දේ තමයි ප්‍රධාන චරිතය විදියට ද්විත්ව රංගනයක් එක් කරන තෙලිඟු සිනමාවේ Energetic Star ලෙස නම් දරා සිටින Ram Pothineni මේ චිත්‍රපටයට එක් වීම.ඉතින් රාම් මං ආසම නලුවෙක් නිසාම තමයි මේක එනකම් බලාගෙන හිටියෙ.

ප්‍රධාන නිලියන් විදියට තුන් දෙනෙක් රංගනයෙන් එක් වෙනවා.ඒ Nivetha Pethuraj , Malvika Sharma සහ තම පලමු තෙලිඟු චිත්‍රපටය විදියට මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වන Amritha Ayier.

කතාව ගැන මතක් කලොත් ආදිත්‍යා සහ සිද්ධාර්ත් කියන්නෙ නිවුන් සහෝදරයො.නිවුන් කියන්නෙ සර්වසම නිවුන්නු.මෙයාලට වෙනස්ම විදියෙ ජීවන රටාවක් තමයි තියෙන්නෙ.සිද්ධාර්ත් ඉංජිනේරුවෙක්.මෙයාට මහීමා කියන ගෑනු ලමයට හිත ගිහින් ට්‍රයි කරල කොහොමෙන්හරි සෙට් කරගන්නවා.
ආදිත්‍ය වංචාකාරී වැඩ කරල බීල කරල ජීවිතේ ගෙවනව.ඒ වගේම කාඩ් සෙල්ලම් කරන ඇබ්බැහි වුන කෙනෙක්.මෙහෙම තියෙන මෙයාලගේ ජීවිත එක්තරා සිදුවීමක් එක්ක කණපිට පෙරලෙනව.

මෙතනින් එහාට ඔයාලම බලල දැන්ගන්න.තවත් අපූරු තෙලිඟු ෆිල්ම් එකක් ඉතින් මේකත් සිංහල උපසිරැසි අරගෙන බලන්න.එහෙනම් මං ගිහින් එන්නම් ආයෙම උපසිරැසියකින් හම්බෙමු.

ඔබට ජය ..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

12 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මදුශාන් සහෝ

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මධූවෝ, මේක සුපිරියක්, තෙලිඟු ෆිල්ම් කොහොමත් සෑහෙන්න මරු. ස්තූතියි පුතේ. ගොඩක්ම ස්තූතියි.

  3. ස්තුතියි උපසිරැසියට (මධුෂාන් ප්‍රියංකර) ජයවේවා තෙරැවන් සරණයි …..

  4. udaya saman
    Cineru Family Member

    අඩ්ඩේ…ආපු ගමන්ම සබත් දීලනේ රු මරු ඇ කොල්ලා දක්ෂයා

  5. tnx all for comments 😍

  6. Supun Sadeepa
    Cineru Family Member

    තෑන්ක්ස් අයියා 😍

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥

  9. Malith Sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි🖤

  10. Movie link eka ko film eke. Tvseriesandmovie me site eke na ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login