The title of the page
7
86
90

The Eight Hundred (2020) Sinhala Subtitles | පරාජයේ වීරත්වය | සිංහල උපසිරැසි සමඟ

“මට වයස අවුරුදු 7 දි…”
“මම සහ වැඩිහිටි අය ඒ සටන දැක්කා…”
“එතන මිනිස්සුන්ගෙන් පිරිලා තිබ්බා…”
“මගේ තාත්තා මට කිව්වා ඒ හැමෝම වීරයෝ කියලා…”
“එයාලා අපිව ආරක්ෂා කරනවා කියලා…”
“මම දැනගෙන හිටියෙ ඒ වෙලාවෙ එතන මොනවද වෙන්නෙ කියලා…”
“මට මතක එකම දේ ඉදුණු බත් ගුලිවල රස විතරයි”

(The Eight Hundred (2020) Sinhala Sub) 1937 දි ජපානය සමග යුද්ධයෙන් ෂැංහයි බිඳවැටීමෙන් මාස කීපයකට පස්සෙ… චීනයේ 88 වෙනි සේනාංකයේ ඉතුරු වුණු සොල්දාදුවන්ට ජෙනරාල් චියැන් කායි ෂික් සිහාන්ග්/සිහාන් ගබඩාව ආරක්ෂා කරන්න කියලා අණ කරනවා. මේ ගබඩාවෙ රැඳිලා ඉන්න කියලා ජෙනරාල් නියෝග කරන්නෙ බලයන් නවයෙ සමුළුවේ අනුකම්පාව දිනාගන්න චීන හමුදාව යටත් නොවෙන බව ඒ සමුළුවට පෙන්නන්න!! හුබෙයි, හූනාන් සහ ෂෙජියැන්ග් වල අඩ පුහුණුව ලබපු ආරක්ෂක බලකායන් එක්ක එකතුවෙන 411 දෙනා ජපන් හමුදාවට එරෙහිව නැගී සිටිනවා!! ඒ ජපන් හමුදාවෙ දරුණුම සේනාංකයට එරෙහිව!! මේ ගබඩාව ආරක්ෂා කරන්න එන චීන සෙබළු 411 දෙනා, මේ ගබඩාව දවස් 4 ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි චීන හමුදාවෙ තියන බලයත් මෙතනදි ලෝකයාට පෙන්නනවා!!

The Eight Hundred Movie Poster 

2020 වසරේ COVID-19 වසංගතය චීනයෙන් ආරම්භවීමත් එක්කම අළුත් අවුරුද්ද ඉලක්ක කරගෙන චීනයේ Theatrical Release කරන්න හිටපු Chinese Blockbuster සිනමාපට රාශියක්ම දින නියමයකින් තොරව කල් යනවා!!! 😪🇨🇳 COVID-19 වසංගතයේ ව්‍යාප්තිය නිසාම මාස 08 ක කාලයක් වගේ දීර්ඝ කාලයක් තිස්සෙ චීනයේ කිසිම සිනමාපටයක් නිකුත් කරන්න බැරි තත්වයක් උදාවුණා.. ඔහොම කාලයක් ඉන්නකොට චීන සිනමා රසිකයන්ට තම රටේම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් අගෝස්තු 21 වෙනිදා නිකුත් වෙනවා. මේ චිත්‍රපටිය නිකුත් වෙන්නෙ අවුරුද්දක වගේ කාලයක් තිස්සෙ දින නියමයකින් තොරව කල්ගියපු චිත්‍රපටියක් විදිහට, හරියනම් මේ චිත්‍රපටිය නිකුත් කරන්න තිබුණෙ 2019 අවුරුද්දෙ අගෝස්තුවේදී.. මේ චිත්‍රපටියට විශේෂ තැනක් හිමිවෙන්නෙ හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම IMAX කැමරාවලින් රූගතකරපු චිත්‍රපටියක් වීම… ඒ වගේම මේ චිත්‍රපටිය තමයි IMAX කැමරාවලින් රූගතකරපු පළමු ආසියානු යුධමය චිත්‍රපටිය 😯🔥 මේ චිත්‍රපටිය නිකුත් වෙනකොටත් කොරෝනා වසංගතය චීනයෙන් සම්පූර්ණයෙන්ම පහව ගිහින් තිබුණෙ නෑ. මේ කොරෝනා වසංගත තත්වය අතරතුරත් “The Eight Hundred” චිත්‍රපටිය ඇ.ඩො මිලියන 420 ක වගේ අතිවිශාල ආදායමක් ලබාගන්න සමත්වෙනවා. 🎬🔥 ඒ විතරක් නෙවෙයි Eight Hundred චිත්‍රපටිය නිකුත්වෙලා දින 10 ක් ඇතුළත ඇ.ඩො මිලියන 277 ක ආදායමක් ලබාගන්නත් සමත්වෙනවා 🇨🇳😯🔥

                                                   

සිනමාපටය නැරඹීමට පැමිණි පිරිස්

මේ චිත්‍රපටියෙ නිෂ්පාදනය වියදම එක්ක බලනකොට අතිවිශාල ආදායකම් ලබාගන්න මේ චිත්‍රපටිය සමත්වෙනවා. ඇ.ඩො මිලියන 80 ක පිරිවැයකින් තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නෙ 🙂 මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ “ගුආන් හු” කියන චීන චිත්‍රපටි අධ්‍යක්ෂවරයා

Guan Hu/ගුආන්

ඒ වගේම ලෝකය පුරාම 2020 වසරෙදි මේ වෙනකන් නිකුත්වුණු චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ලබාගත්ත චිත්‍රපටිය විදිහට The Eight Hundred චිත්‍රපටිය වාර්තා අතරට එකතුවෙනවා. චීනයේ එතෙක් මෙතෙක් නිකුත්වුණු 12 Biggest China Movies ගොන්නටත් මේ සිනමාපටය එකතුවෙනවා. ✋😋 මේ යුධමය චිත්‍රපටිය විශේෂිත වෙන්න තවත් හේතුවක් තමයි සත්‍ය සිදුවීමක් පාදක කරගෙන චිත්‍රපටිය නිර්මාණය වීම 💥💥

චිත්‍රපටියෙ උපසිරැසිය කරන්න මම බාර අරගෙන සෑහෙන දවසක් වෙනවා. චිත්‍රපටිය පිටපත් අන්තර්ජාලයට රිලීස් වුණු ගමන්ම වගේ උපසිරැසිය කරන්න හැදුවත් හරි විදිහක ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බෙ නැති නිසා BluRay පිටපත් එනකල්ම ඉන්න වුණා.

පැය 2 යි විනාඩි 30 ක කාලයක් මේ සිනමාපටය රසවිඳින්න පුළුවන්. ඇඟ කිලිපොලා යන සංවේදී සිදුවීම්වලින් පිරුණු Powerful Movie එකක් කියලා කියන්න පුළුවන්..පරාජයේ වීරත්වය ගැන තියන තවත් සුපිරිම චිත්රපටියක් 👌😌
අරගෙනම බලන්න 🔥🔥
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. Ammooo daanakan balagena hitiye thanks bn

  2. Supun Sadeepa
    Cineru Family Member

    තෑන්ක්ස් සෝමේ 😍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Silk Road (2021)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login