The title of the page
Tom And Jerry (2021) Sinhala Sub
Tom And Jerry (2021) Sinhala Sub
6.6
25
120

Tom And Jerry (2021) Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරි | සිංහල උපසිරැසි සමඟ

(Tom And Jerry (2021) Sinhala Sub) කොහොමද යාළුවනේ.. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ ඒ කියන්නේ Monster Hunter ෆිල්ම් එකේ සබ් එක අරගෙන ආවට පස්සේ අද මම තවත් අලුත් උපසිරැසියක් අරගෙනයි ආවේ.. මේක මම මුලින්ම කරන්න බලාපොරොත්තුවෙන් හිටිය උපසිරැසියක්, ඒත් වැඩ රාජකාරි අස්සේ මේක කරගන්න බැරිවෙන නිසා කැම්කොපි ආවාම Original එනකල් හිමීට කරන්න කියලා තමා හිතාන හිටියේ.. ඒත් අවාසනාවකට කැම් කොපියට සබ් එකක් ආවේ නෑ.. දැන් කැම්කොපි වලට English සබ් නොඑන ප්‍රවණතාවක් ඇවිල්ලා.. ඒක කණගාටුවට කාරණායක්.. කොහොමහරි ඒ නිසා මං මේක අතෑරියා.. ඒත් ෆිල්ම් එක එනකොට හුගාක් අය මොකක්හරි උපසිරැසියක් බාරගෙන කරනවා.. ඉතින් මේක කරන්න කවුරුවත් නෑ.. මොනා කරන්නද.. වැඩේ බාරගත්තා.. හැබැයි වැඩේ පටන්ගත්තට පස්සේ ආරංචි වුණා අපේ දර්ශන අයියා කවුරුවත් නැති නිසා මේකට ලෑස්ති වුණා කියලා.. එතකොට මං වැඩේ පටන්ගෙන නිසා මංම ඉවරයක් කරන්න හිතුවා..
ඔන්න ඔය විදිහට තමා සබ් එක බාරගත්තේ..

හරි දැන් ෆිල්ම් එක මොකක්ද කියලා හැමෝම දන්නවා නේ.. ඔව් Tom & Jerry.. හැමෝම පුංචි කාලේ ඉදලා ආසා කරපු චරිත දෙකක් තමයි ඒ.. මේ චිත්‍රපටය මේ මාසේ 26 වෙනිදා නිකුත් වෙන්නෙ Live action – Animation කියන කාණ්ඩ දෙකේම එකතුවක් විදිහට.. ඒකත් අමුතු අත්දැකීමක්..කොහොමහරි හොඳට හිනාවෙලා Enjoy කරන්න පුළුවන් ෆිල්ම් එකක් මේක..

• Music by: Christopher Lennertz
• Based on: Tom and Jerry; by:   William Hanna and; Joseph Barbera
• Cinematography: Alan Stewart
• Distributed by: Warner Bros. Pictures
මං හිතන්නේ කතාව මං කියනවට වඩා හොඳයි ඔයාලම ඒක බැලුවා නම්.. ඒ නිසා මං කතාව කියන්න යන්නේ නෑ.. ඒක ඔයාලම බලන්නකෝ… ඒවගේම මේක වැඩ රාජකාරි අස්සේ කරපු සබ් එකක්.. ඒ නිසා යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්.. ඒවාට සමාවෙන්න.. ටයිපින් මිස්ටේක් තිබුනොත් ඒවාටත් සමාවෙන්න.. 
එහෙනම් ආයෙත් අලුත් සබකින් හම්බෙමු.. ඔයාලට ජය..!!!
– සුපුන් සදීප – 
#උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ…
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

12 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි සුපුනෝ සබ ඉක්මනින් දුන්නට. එනකන් බලන් හිටියේ මේක බාගෙන. මේක ලයින් 2000+ සබක්නේ? පට්ටාමාරුයි කියලා දන්නවා. ස්තූතියි කට්ටක් කාලා දුන්නට

  2. ස්තූතියි මල්ලි සබට ❤

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි මචන් 😍

  6. Thank you very much

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login