ඔන්න කිව්වත් වගේ විකාශය වෙලා තියන අන්තිම කොටසත් අරගෙන ආවා. හැබැයි ඉතින් අදයි හෙටයි දවස් දෙකේ තව කොටස් දෙකක් විකාශය වෙනවා. බදාදා සහ බ්රහස්පතින්දා දවස්වල තමයි සතියකට දෙක ගාණෙ මේක විකාශය කරන්නෙ. ඒ වගේම හැමෝම දන්නවා ඇතිනෙ මේක කොටස් 16 කින් යුක්ත කතා මාලාවක් කියලා. අද විකාශය වෙන කොටසෙත් උපසිරැසිය පුළුවන් ඉක්මන්ට අරගෙන එන්න බලන්නම්. මේ කොටස නම් ඇක්ෂන් පැත්තට හුඟක් බර කොටසක්. හොඳ ෆයිට් ටිකක් එහෙම තියෙනවා. මේ කොටසෙදි හන් ටේ-සුල් සහ සෝ-හේ පාලන කාර්යංශයෙන් බේරිලා පැනලා යන්න හදනවා. ඒ වගේම කලින් කොටසෙ එයාලව අල්ලගත්ත අයගෙනුත් බේරෙන්න වෙනවා. ඔන්න ඔය සිදුවීම තමයි මේ කොටස පුරාවටම දැකගන්න තියෙන්නෙ. දැනට ආපු කොටස්වලින් සුපිරිම කොටස තමයි මේක. එහෙනම් ඉතින් මේ කොටසත් බලලම ඉන්න. ඊළඟ කොටසින් ඉක්මන්ටම මුණගැහෙමු.
ජය !!
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 9, 2020
Thanx sub ekata 😊
තෑන්ක්ස් සබ් එකට