The title of the page
WandaVision (2021) E07 Sinhala Sub
WandaVision (2021) E07 Sinhala Sub
8.7
94
89

WandaVision (2021) E07 Sinhala Subtitles | තවත් සුපිරි වීරයෝ සහ සුපිරි දුෂ්ටයෝ | සිංහල උපසිරැසි සමඟ

මං මේ කල්පනා කරන්නේ අපේ සමිතේ බොස්ට මොකක්ද දෙන තෑග්ග කියලා, මොකද මං කොමික් පිස්සෙක් විදිහට අලුත් මාර්වල් විශ්වයේ පළවෙනි කතාවට සබ් දෙන්න කොයි තරම් කැමතිද කියලා හිතා ගන්නවත් බැරිවෙයි ඔයාලට. මම මගේ ජීවිතේ කරන එකම අමතර වැඩේ තමයි මේ සබ් ගහන එක. ඉතින් ඒකෙදිත් මාර්වල් එකකට සබක් දෙනවා කියන්නේ හීනයක් තමයි. කොහොමින් හරි බොහොම ස්තූතියි සමිතේ බොස්. ඔන්න මේ එපියත් උණු උණුවෙම අරන් ආවා එහෙනම්. අනික ඉතින් “කමෙන්ට් එකක් ලියන්න හොඳේ”

ඔයාලට මතකද කලින් කොටසේදී විශන් ගැන අපිට අලුත් දෙයක් දැනෙනවා. මේ ඉන්නේ අර ඇවේන්ජර් එකේ හිටිය විශන් නෙවෙයි. මෙයාට ඒ සිද්ධී මතක නෑ මුකුත්ම. ඉතින් එයා ගිය වතාවෙදී වොන්ඩාගේ බලය බිඳගෙන එලියට පයින්න හදනවා වගේම ටිකක් සාර්තකත් වෙනවා. එයා එලියේ අයට අනතුරු අඟවලා සහයෝගේ ඉල්ලනවා. හොඳම දේ තමයි වොන්ඩා මේ මොනවා උනත් විශන්ට පට්ට ආදරෙයි. (මගේ ලක්ෂ්මී මට ආදරෙයි වගේ) . කට කැඩිච්ච කතාවක් කියවලා පියෙට්‍රෝ හෙවත් වොන්ඩගේ සහෝදරයා ගුටිත් කනවා. වොන්ඩගේ ළමයින්ගේ බලයන් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒ එක්කම වොන්ඩගේ තරහා නිසා එයාගේ බල සීමාවත් වැඩිකර ගන්නවා. ඉතින් ඒක බැලුවේ නැත්නම් අනිවා බලන්න. මේ වතාවේ කතාවේ වෙන්නේ මෙහෙමයි. අපි මෙච්චර කල් හිතන් හිටියනේ මේ ඔක්කොම වොන්ඩගේ පිස්සු වැඩ කියලා. ඒක එහෙමම නෙවෙයි වෙන්නේ. සුපිරි දුෂ්ටයෙක් ඔන්න මේ එපියෙදී හම්බු වෙනවා. අර කලින් එපියක බල්ලෙක් මැරුනේ. ඌ මැරුන විදිහත් කියවෙනවා ඕං. එහෙනම් කතාව තව එපි 2යි. අපි බලන් ඉමු එහෙනම් ඉතින් මොනවා වෙයිද කියලා. ආයේ එපියක් දුන්නොත් මේ වගේම උණු උණුවේ ගේන්නම්කෝ. දැන් නම් කතාව ඉවර වෙන විදිහ හිතාගන්න බැරුවයි මාත් ඉන්නේ. බලන් ඉමු අපි. මාර්වල් කියන්නේ ඉතින් නොහිතන දේවල් හරි අපූරුවට අපිට දෙන කට්ටියක්නේ. මේ සීරීස් එකෙන් පස්සේ “ලොකී, ෆැල්කන් ඇන්ඩ් වින්ටර් සෝල්ජර්, මිස් මාර්වල්, ශී හල්ක්” වගේ සීරීස් ටිකක් එන්න තියෙයි. ඒවත් මේ වගේම දෙනවා මුලින්ම සිනෙරූ එකෙන්. අපේ සබ් හොරකන් කරලා දාන “මංකොල්ලකාරයින්”ට කියන්න තියෙන්නේ උඹලා පව් බං! බඩු භාණ්ඩ ගත්තත්, උපසිරැසියක් ගත්තත් හොරා හොරාමයි. අඩුගානේ අපේ සයිට් එකට ස්තුති කරලවත් හොරකම කරපල්ලා 😂😂😂😂

ඉතින් හරිනේ? සබ් ගහන්න පස්සෙන් ඉඳන් තල්ලුව දෙන, සබ්වල ඇත්තම උරුමක්කාරයෝ තමයි මගේ සදහම් පුතා සහ මගේ ආදරණීය ලක්ශ්මී. ඉතින් බොහොම පිං ඒ දෙන උදව්වට. ඒ වගේම සමිතේ බොස්, රොම්බ තෑන්ක්ස් ආ. පට්ට ආසාවෙන් මේ සබ ගහන්නේ. ඉතින් ඔයාලට පුලුවන් එකම දේ තමයි “ඩවුන්ලෝඩ් කරද්දී, කමෙන්ටුවක් ලියන් යන එක” කැමතියි නම් ලියන් යන්න. මොකද ඒ තමයි ඊලඟ එපියේ හයිය. එහෙනම් බුදු සරණින්, සදහම් සරණින්, සඟ සරණින් හැමෝටම යහපතක්ම වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

21 comments

  1. චවින්ද්‍ය හසාංජන ද සිල්වා

    ස්තූතියි සහෝ… දානකන් බලන් හිටියේ…

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      චවියා ස්තූතියි බං, ඩ්‍රැකියුලා මරු ඈ 🌻

  2. Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🌻

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි සහෝ, ආසාවෙන් බලන කතාවක්. සබ් එක දානකන් හිටියේ 👍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා අවසාන එපිය වෙනකල්ම ඉන්න 🌻

  4. බොහෝම ස්තූත්‍යි උපසිරැසියට අයියේ…!

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි කමෙන්ටුවක් ලියලා සප් එක දුන්නට සහෝ 🌻

  5. thank you sub eka ikmanatama denawata digatama one saho .

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා, සිනෙරූ තමයි සබ් රේස් එකේ අංක 1 සහෝ 🌻

  6. Supun Sadeepa
    Cineru Family Member

    දර්ශන අයියා ස්තූතියි 😍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      සුපුනා ස්තූතියි බං 🌻

  7. සබ් එකට බොහොම සතූතියි.ඔක්කොම එක පාර බලන්න ඉන්නෙ. Servent s01 එකටත් සබ් එක දෙන්න පුළුවන් නම් බොහොම වටිනව.ලොලු උදව්වක් …

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      උපරිම උත්සාහ කරන්නම් සහෝ, ස්තීතියි ආ 🌻

  8. thanks sub ekata
    podi illimak thiyenawa Nancy Drew tv series ekata sub dennako

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මං විස්තර පොඩ්ඩක් බලලා කියන්නම්කෝ සහෝ 🌻

  9. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි සබ් එකට දර්ශන අයියෙ 🙂❤️…
    ජය වේවා.!! 👊👊👊

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අන්න අන්න අවශ්‍යම කමෙන්ටුවක් ආ. ස්තූතියි හෂානෝ 🌻🌻🌻

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      සුපුන් මල්ලී, ස්තූතියි ආ 🌻🌻

  11. චානක තිලංක

    අනිවා අනිවා අපේ සමිත බොස් නම් නියම බොස් කෙනෙක් තමයි, මමත් මාරම ආසයි මාර්වල් ෆිල්ම් වලට සබ් දෙන්න මරු හොදේ සබ නම් ජයවේවා 👍👍👍👍👍👌👌👌👌👏👏👏👊❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login