The title of the page
WandaVision (2021) E04 Sinhala Subtitles
WandaVision (2021) E04 Sinhala Subtitles
8.7
94
89

WandaVision (2021) E04 Sinhala Subtitles | යථාර්තය | සිංහල උපසිරැසි සමඟ

~ මුලින්ම කියන්න ඕන අනිවාරෙන් ලිපිය කියවන්න, නැත්තන් මේක තේරුම්ගන්න අමාරුවෙයි ~

වොන්ඩා-විෂන් කලින් කොටස නිකුත්වුණාට පස්සෙ මේකෙ ඊළඟ කොටස හුඟක්ම Mind Blowing එපිසෝඩ් එකක් කියලා කිව්වා. ඇත්තටම ඒක එහමම වුණා. මේ කොටස බලලා ඉවර වෙනකොට හැමෝම වගේ හිතයි මේ මොකද වෙන්නෙ කියලා? 🤔 ඔව් මටත් එහෙමම හිතුණා. මොකද කිව්වොත් මේකෙදි අපිට කලින් කොටස් නැවත නැවත් පෙන්වීමක් කරනවා. දැන් අපි හැමෝම වගේ දන්නවනෙ වොන්ඩා-විෂන් එකේ සිදුවීම වෙන්නෙ Avengers Endgame එකෙන් පස්සෙ සිදුවීම කියලා. ඒක දැනටමත් තහවුරු කරලා තියෙන්නේ.

“මේක දැන් එක් පුද්ගලයෙක් අතුරුදන් වුණු කේස් එකක් නෙවෙයි, මුළු නගරයක්ම අතුරුදන් වුණු කේස් එකක්”

 

ඔය උඩින් තියන පොටෝ දෙක බලන්නකො. මේ කොටසෙදිත් අපිට ෂඩාශ්ර දැකගන්න ලැබෙනවා. හැබැයි මේකෙදි මේවා ටිකක් විශේෂ අවස්ථාවක තමයි දැකගන්න ලැබෙන්නෙ. ඒ කියන්නෙ SWORD එක මේ අතුරුදහන් වෙන දේවල් ගැන නිරීක්ෂණය කරනකොට තමයි මේක හමබවෙන්නෙ. මෙතනදි පෙන්නන මේ ෂඩාශ්ර හැඩය තමයි වොන්ඩගෙ රියලිටි එකේ එහෙමත් නැත්තන් යථාර්තයෙ හැඩය වෙන්න ඕන කියලයි මම හිතන්නෙ. මෙන්න මේක ඇතුළෙ තමයි ඔය හැමදේම සිද්ධවෙන්නෙ.

මෙතනදි විශේෂ සිදුවීමක් වෙනවා. මේ කොටසෙදි අපිට මෙතෙක් කතාවෙ හුඟක් දේවල් පැහැදිලි කරල දෙන්න හදනව කියලා පේනවා. කලින් කොටසෙ අන්තිමට ජෙරල්ඩීන්ව වොන්ඩගෙ රියලිටි එකෙන් නෙරපනවා. හැමෝම හිතනවා ඇති මොකකින්ද මේ නෙරපන්නෙ? මොකක් ඇතුළෙද මෙයාලා ඉන්නෙ කියලා? මේකෙදි වෙන්නෙ වෙස්ට්වීව් තුළ වොන්ඩා විසින්ම නිර්මාණය කරපු රියලිටි එක පාලනය කරනව වගේ දෙයක් මේකෙදි පේන්න තියෙනවා. මමනම් හිතන්නෙ වොන්ඩා නගරය විතරක් නෙවෙයි නගරෙන් එළියෙ ඉන්න අයගෙ මනස පවා පාලනය කරනවා වෙන්න ඕන. මේ කොටසෙ අන්තිමට ඔයාලට ඒක දැනගන්න පුළුවන් වෙයි.

තවත් විශේෂ දෙයක් අපිට මේකෙදි හම්බවෙනවා, ඒ තමයි “CMBR – Cosmic Microwave Background Radiation” මේකෙ සිංහල තේරුම ගත්තොත් “විශ්වීය ක්ෂුද්ර තරංග පසුබිම් විකිරණ” කියන එක. මේවා තමයි දැනට ලෝකෙ තියන පැරණිම විකිරණ. මහා පිපිරුම් වාදයට අනුව විශ්වයේ මූලාරම්භයේ ඉදලම තියෙන විද්යුත් චුම්බක තරංගයක්. මුලු අවකාශයම පුරවන්න පුළුවන් අඳුරු විකිරණයක්. මෙන්න මේ විකිරණශීලීබව වෙස්ට්වීව් වලදි SWORD එකේ අයට හම්බවෙනවා.

විශ්වීය ක්ෂුද්ර තරංග පසුබිම් විකිරණ මෙතනදි වොන්ඩාගෙ තියන බලයක් ගැන කියනවද එහෙමත් නැත්තන් මේ විකිරණශීලි දේවල තියන දේ පැහැදිලි කරන්න හදනවද කියලා නම් තේරෙන්නෙ නෑ. ඒ වගේම කලින් කොටස වලදි අපිට දකින්න ලැබුණු දෙයක් තමයි මේ වොන්ඩාගෙ රියලිටි එකට ඇතුල්වෙන දේවල් ඒකට ගැලපෙන්න වෙනස් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් වැඩකට නැති දේවල් වෙනවා වගේ අදහසක්. මතකනෙ කලින් කොටසකදි වොන්ඩා හෙලිකොප්ටර් එකක් හම්බවුණා, අන්න ඒකයි තව මේ කොටසෙදි ඇතුල්වෙන ඒජන්ට් ෆ්රැන්ක්ලින්ගෙ ඇඳුමයි. මේ දේවල් මේකට ඇතුළ් වෙන්නෙ මේ විදිහට නෙවෙයි. වොන්ඩාගෙ රියලිටි එකට ඇතුළ් වුණහම ඒ දේවල් ඉබේම වෙනස් වෙනවා. පහළින් ඒ පොටෝ දෙක දාන්නම්

ඔන්න ඔයවගේ දේවල් තමයි මෙතෙක් කතාවෙන් සහ අද කොටසින් අපිට දැකගන්න ලැබෙන්නෙ. මේ දේවල් පැහැදිලි කරන්න හිතුවෙ ඔයාලට මේවා නොතේරුනොත් එහෙම මේක බලන එකත් එපාවෙයි. ඒ වගේම අද කොටසක් හුඟක් අවධානයෙන් බලන්න. මීළඟ කොටස නම් මීටත් වඩා හපන් එකක් වෙයි කියලා හිතනවා. මේ කොටසින් සෑහෙන දෙයක් අපිට පෙන්නලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකෙ සිට්කොම් ගතිය එහෙම මැකීගෙන ගිහින් හොඳ මට්ටමකට එනව කියලත් කියන්න පුළුවන්. මේක සිට්කොම් එකක් කියලා නොබලපු අය ඉන්නවා නම් ආයෙත් බලන්න ගන්න. හුඟක් බර වචන මේ කොටසෙදි හමබවුණු නිසයි උපසිරැසිය ගේන්න පොඩ්ඩක් පරක්කු වුණේ.එහෙනම්

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. marvel කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පරක්කු නෑ කොල්ලෝ, ස්තූතියි ආ. එනකල් බලන් වෙනදා වගේ 🤣
    ඊලඟ එපියත් ඉක්මනින් දියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login