The title of the page
The White Tiger (2021) Sinhala Subtitles
The White Tiger (2021) Sinhala Subtitles
7.2
92
87

The White Tiger (2021) Sinhala Subtitles | ධවල ව්‍යාඝ්‍රයා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන්! 

The White Tiger (2021) Sinhala Sub චිත්‍රපටය Drama Film ගනයට අයත් වෙන​ ඇමෙරිකන් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramin Bahrani. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන​ Adarsh Gourav පළවෙනි වතාවටයි ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ. මේ චිත්‍රපටයේ සෙසු චරිතවලට​ Rajkummar Rao, Priyanka Chopra, Prem Akkaraju, Ava DuVernay සහ Ken Kamins යන අය රංගනයෙන් දායක වෙනවා. Priyanka Chopra ඇත්තටම මේකෙ Executive Producer කෙනෙක් හැටියටත් කටයුතු කරනවා. මේ චිත්‍රපටයේ කතාවට පාදක කරගෙන තියෙන්නේ Arvind Adiga විසින් 2008 දී ලියන ලද The White Tiger නව කතාවයි. Adiga තමන් ගේ පොත පල කිරීමෙන් පස්සේ 2010 දි තීරණය කරනවා මේක චිත්‍රපටයකට නගන්න​. ඒ අනුව ඒක Producer කෙනෙක් වෙන Mukul Deora ට අයිතියත් සමඟ බාර දෙනවා, නමුත් චිත්‍රපටය හැදෙන්නේ නැහැ. පස්සේ තමයි Bahrani ට මේක බාර වෙන්නේ. මේක ඉස්සර වෙලාම 2021 ජනවාරි 06 වෙනිදා Las Vegas වලින් පටන් අරන් සීමිත Movie Theatres කිහිපයක දර්ශනය කළත්, ලෝකයටම නිකුත් කරන්නේ Netflix හරහා 2021 ජනවාරි 22 දිනයි.

මේකේ කතාව තියෙන්නේ බලරාම් කියලා කෙනෙක් ගැන​. ඔහු කුඩා කාලයේ ඉඳලා හැදී වැඩෙන්නේ පුංචි ගමක​. ඔහුට පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන්නත් කළින් පාසලෙන් අයින් වෙන්න සිදු වෙනවා. නමුත් ඔහුට සිහිනයක් තියෙනවා දුප්පත් කමේ හස්තයෙන් කවදා හරි මිදෙන්න, වහල් බාවයෙන් පැනගන්න සහ වැඩවසම්වාදයට යට නොවී ඉඳීමට​. ඔහු කොහොමහරි තමන්ගේ සහජ බුද්ධිය සහ කපටි බව භාවිතා කරලා දුප්පත් කමින් මිදිලා ඉහලට යනවා. The White Tiger චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ ගොඩක්ම Positive Reviews. ඒකේ අධ්‍යක්ෂණයට, තිර රචනයට වගේම නලු නිලියන් ගේ රඟපෑම්වලට හොඳ ප්‍රශංසා ලැබිලා තියෙනවා.එහෙනම් ඔයාලම නරඹලා තීරණය කරන්න​. සුභ පැතුම්.තවත් උපැසිරසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

14 comments

  1. ස්තුතියි උපසිරැසියට (උදිත ඩිල්ෂාන්) ජයවේවා තෙරැවන් සරණයි ……

  2. Thanks Bro..

    Serious Men (2020)
    mekatath sub imanata denna

  3. Sandeepa Malshan
    Cineru Family Member

    එනකන් බලාගෙන හිටපු එකක් සහෝ තෑන්ක්ස් සබ් එකට ❤

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Tribhanga 2021
    Tandav 2021
    Bang Baanga 2021
    මේ වලත් සින්හල සබ් ඉක්මනට දෙන්නකෝ

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. thanks for sub

  8. නිරෝෂ්

    ස්තුතියි උදිත සහෝ.ජයවේවා!

  9. Thanks jayawewa…..!

  10. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤

  11. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    Thanks bro ✌

  12. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login