The title of the page
WandaVision (2021) E03 Sinhala Subtitles
WandaVision (2021) E03 Sinhala Subtitles
8.7
94
89

WandaVision (2021) E03 Sinhala Subtitles | පවුලේ අළුත් සාමාජිකයො | සිංහල උපසිරැසි සමඟ

(WandaVision (2021) E03 Sinhala Sub) ඔන්න එහෙනම් සුපුරුදු විදිහට අදත් මේ අරගෙන එන්නෙ වොන්ඩා විශන් කතා මාලාවෙ තුන්වෙනි කොටසෙ සිංහල උපසිරැසිය. කලින් කොටස් දෙකේදි ඒ කියන්නෙ පළවෙනි කොටසෙදි වොන්ඩා සහ විශන් අළුත් නගරෙක පදිංචියට එනවනෙ. ඉතින් එහෙම පදිංචියට ඇවිත් විශන් රස්සාවක් එහෙම හොයාගෙන වැඩ කරන්න පටන්ගන්නවා. ඒ අතරෙදි එයාලට අළුත් යාලුවෝ එහෙමත් මුණගැහෙනවා.

ඒත් ඉතින් ඒ අය දන්නෙ නෑ වොන්ඩා සහ විශන් අමුතු අය කියලා. දෙවනි කොටසෙදිත් විශන්ට චුයින්ගම් එකක් ගිලිලා මාරම ජංජාලයක් තමයි වෙන්නෙ. හැමදේම වෙන්නෙ හොඳට කියන්නා වගේ ඒ සිද්ධවුණු දෙයිනුත් ඒ දෙන්නට හොඳක්ම සිද්ධවෙනවා. දෙවනි කොටසෙන් WandaVision කතා මාලාවෙ කළු සුදු විදිහට ආව කොටස් අවසන් වෙනවා. ඒ වෙනුවට සුපුරුදු වර්ණ රූපවලින් ඉතිරි කොටස් දැකගන්න ලැබෙයි.

ඒත් දෙනවනි කොටසෙ අන්තිමට වොන්ඩා ගැබ් අරගන්නවා. අන්න ඒ සිදුවීමෙ ඉතිරි ටික තමයි අද කොටසෙන් සිද්ධවෙන්නෙ. හැබැයි ඉතින් ඒ දේම විතරක් නෙවෙයි සිද්ධවෙන්නෙ. මේ කොටසෙදි හුඟක් විශේෂ දෙයක් සිද්ධවෙනවා. මමනම් හිතන්නෙ මේ සිදුවීම නිසා WandaVision කතා මාලාව වෙනස් මුහුණුවරක් අරගනියි. මේ වෙනකල් මේක ආවෙ Sitcom කතා මාලාවක් විදිහටනෙ. ඒක වෙනස් වෙයිද කියලා නම් දන්නෙ නෑ.

හැබැයි කොහොම හරි හුඟක් වෙනස් සිදුවීම මාලාවක් ඉස්සරහට WandaVision කතා මාලාවෙන් බලාගන්න පුළුවන් වේවි. එහෙම නම් ඉතින් අනිත් කොටසත් රිලීස් උනහම පුළුවන් ඉක්මන්ට උපසිරැසි අරගෙන එන්නම්. සිනෙරූ උපසිරැසි අඩවියත් එක්ක දිගටම රැඳිලා ඉන්න. හැමෝටම සුබ දවසක්!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    එල මචන්.🙂

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි මචං සබට. දිගටම ඕනේ ඈ

  4. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login