The title of the page
WandaVision (2021) E02 Sinhala Subtitles
WandaVision (2021) E02 Sinhala Subtitles
8.7
94
89

WandaVision (2021) E02 Sinhala Subtitles | ටැලන්ට් ශෝ එකක් !! | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනං වන්ඩා විශන් කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ.පලමු කොටස බලපු නිසා හැමෝම දන්නවා ඇතිනේ දැං මේක sitcom එකක් විදිහටයි යන්නෙ කියලා.ඒත් ඉස්සරහට කොහොම වෙයිද කියන්න බෑ.මොකද මුලින්ම මේක සතියට එක කොට බැගින් නිකුත් කරන්න තමයි Disney+ විසින් තීරණය කරලා තිබුනේ.ඒත් පස්සේ එයාලා ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය සම්බන්දයෙන් හිතලා තමයි දෙවෙනි කොටස සහ පළවෙනි කොටස එකවර නිකුත් කරන්නෙ.මොකද පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කලු සුදු වලින් තමයි තියෙන්නෙ. Marvel phase 4 හී ආරම්භය විදිහට මේ කතා මාලාව නිකුත්වෙනවා වගේම ඉස්සරහට තව කතා මාළාවන් කීපයක්ම එන්නත් තියෙනවා.ඒ ඔක්කොම ආවාහම තමයි මාවල් වල අලුත් වෙනස කොහොම වෙයිද කියලා තීරණය කරන්න වෙන්නෙ.

වන්ඩා විශන් කතා මාළාව අධ්‍යක්ෂණය වෙන්නේ Matt Shakman අතින් ඒ වගේම මේකට පාදක වෙලා තියෙන්නෙ ස්ටැන්ලී සහ ජැක් කර්බි විසින් නිර්මාණය කරපු ස්කාලට් විච් චරිතය තමයි.මේක අයත් වෙන්නෙ Acation.Comedy,Adventure,Drama,Fantasy,sci-fi, කියන කැටගරි වලට තමයි.ඊයේ ඒ කියන්නෙ ජනවාරි 15ස් වෙනිදා වෙනකොට මේක 9 IMDB අගයක් අරගෙන තිබුනත් දැං මං මේ ලිපිය ලියන වෙලාව වෙනකොට ඒක 7.9 IMDB අගයක් දක්වා අඩුවෙලා තියෙනවා වගේම. 94%ක රොටන්ටොමෑටෝස් අගයක් සහ 88%ක ගූගල් පරිශීලක අගයක් දක්වා වෙනස් වෙලා තියෙනවා පස්සේ මේ අගයන් වෙනස් වෙන්නත් පුලුවන්.මොකද ලබන සතියේ ඉඳන් තමයි කතාව හරියටම ගලාගෙන යන්නෙ.පළමු කොටස් දෙකෙන් ඒ හැටි දෙයක් ප්‍රේක්ෂකයාට දෙනවා කියලා නං මං හිතන්නෙ නෑ.ඒක මගේ පෞදගලික මතය.මොකද පලමු කොටස් තුන විනාඩි 30කට ආසන්නවත් ඉතුරු කොටස්වල කාලය වෙනසක් වෙයි කියලා එයාලා සඳහන් කරලා තියෙනවා.බලමු මොනවා වෙයිද දන්නෙ නෑ.මේකේ දැනට Elizabeth Olsen,Paul Bettany,Kathryn Hahn,කියන නලු නිළියන් දැකගන්න පුලුවං වගේම තව ගොඩක් චරිත ඉස්සරහට තමයි එන්න ඉන්නෙ.තව නළු නිළියෝ ගොඩ දෙනෙක් ඉන්නවා එයාලා ගැන පස්සෙ බලාගන්න පුලුවං වෙයි.

කතාවේ මුලින් පෙන්නන්නේ වන්ඩා සහ විශන් විවාහ වෙලා අලුත් ජීවිතයක් ගත කරන්න යන එක ගැන තමයි.ඒත් හැමෝම දන්නවනේ විශන් Avengers Endgame එකේදි මැරෙනවා කියලා මොකද නැති උන අනිත් අය ආවත් විශන් ආපහු එන්නෙ නෑ.මේකෙන් මෙයාලා පෙන්නනෙ මාවල් හී නව ආරම්භය වගේම මේ කතාව ඉදිරියට එන්න තියෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කතාවටත් සම්බන්ද වෙන්න ඉඩ තියෙනවා කියන එකයි.මොකද ඒකේ තමයි මල්ටිවර්ස් කතාවක් එන්න තියෙන්නෙ.ඒ වගේම මේකෙ හිටපු ගමන් සමහර වෙලඳ දැන්වීම් ටිකකුත් පෙන්නවා ඒවාත් තව තව කතා වලට සම්බන්ද වෙයි කියලා තමයි කියන්න පුලුවං.ඒවත් හොඳට බලාගන්න වෙයි මොකද මාවල් එක එන්න එන්න සංකීරණ වේගෙන තමයි එන්නෙ.තව අලුත් හීරෝස්ලා,ඇන්ටි හීරෝස්ලා ගොඩක් එක්ක තමයි marvel phase 4 දිගහැරෙන්න යන්නෙ.

මේ කොටසේ අමුතු අමුතු සිද්දි ටිකක් වෙනවා ඉතිං.ඒ ටිකත් බලාගෙන ලබන සතිය වෙනකම් ඉමු එහෙනං.ජයවේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

13 comments

  1. තෑන්ක්ස් සහෝ

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඇති යන්තම්. ඔන්න 2ත් බලනවා ඈ. 3වෙනි එක මමනේ සබ. එහෙනම් ඔන්න 1යි 2යි ඕකේ ආ. 3වෙනි එපිය අරන් එන්නම් ආව ගමන්ම. ස්තූතියි නිපුන කොලුවෝ.

  3. තැක්ස් බ්‍රෝ….

  4. බොහෝම ස්තූතියි..!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Gaming with 3idiot's

    thank you. meka download kara ganna link ekak nedda?

  7. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 😍🔥

  8. Thanx sahoo…..අපිට the watch කියන tv series එකටත් සබ් දෙන්නකෝ….කට්ටියක්ම බලන් ඉන්නේ…

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login