The title of the page
WandaVision E01 Sinhala Subtitle
8.7
94
89

WandaVision (2021) E01 Sinhala Subtitle | අදුර හා ආලෝකය | සිංහල උපසිරැසි සමඟ

මාවල් (Marvel) විශ්වයේ මීලඟ ආරම්භය 😍🔥
WandaVision සහ MUC Phase 04 😍🔥

WandaVision කිව්වම මාර්වල් ෆෑන්ස්ල නම් ඇඟිලි ගැන ගැන හිටපු කතා මාලාවක් තමයි මේක. ඒ මොකද කියනව නම් මේ කතා මාලාවෙන් Marvel Cinematic Universe Phase 04 ආරම්භ වෙනවා 👌🔥 ඒ කියන්නෙ Marvel සිනමා විශ්වයේ හතරවෙනි අදියර 🙂 මාර්වර් සිනමා විශ්වයේ මල්ටිවර්ස් කන්සෙප්ට් එක මේ කතා මාලාවත් එක්ක ආරම්භ වෙනවා. ඒ වචන ටික කියනකොට නම් නියම Marvel Fan කෙනෙක්ට නම් මාරම ගැම්මක් එනවා. WandaVision කතා මාලාව ගත්තොතින් මේකෙ හුඟක් විශේෂත්ව තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේක කොටස් 09 කින් යුත් මිනි සීරීස් එකක්. ඒ ගැනත් හෙමින් හෙමින් පැහැදිලි කරලා දෙන්නම් 🙂 WandaVision කතා මාලාව තමයි MCU එකේ පළවෙනි කතා මාලාව වෙන්නෙ. ඒ වගේම තමයි 2021 වසරෙ MCU එකේ පළවෙනි නිර්මාණය වෙන්නෙත් මේ කතා මාලාව.

අපි කවුරුත් දන්න ඇවෙන්ජර්ස් සාමාජිකයො වෙන වන්ඩා සහ විශන් දෙන්නා තමයි මේ කතා මාලාවට පාදක වෙන්නෙ. ඒ දෙන්නා තමයි ප්රධාන චරිත දෙක වෙන්නෙ. දැන් කට්ටිය හිතනව ඇති මීට කලින් Marvel කතා මාලා ආවා, එතකොට ඒවා මොනාද කියලා 😅 ඔව් මීට කලින් Punisher, SHEILD, Iron First වගේ කතා මාලාවන් නිකුත් වුණත් ඒවා කිසිම විදිහකින් MCU එකත් සම්බන්ධ වෙන්නෙ නෑ. WandaVision කතා මාලාව MCU එකත් එක්ක සම්බන්ධ වෙනවයි කියන්නෙ ඉදිරියේදි නිකුත්වෙන්න තියන චිත්රපටි එක්කත් සම්බන්ධ වෙනව කියන එකයි. උදාහරණයක් විදිහට කිව්වොත් ඉදිරියේදි නිකුත්වීමට නියමිත Spider Man 3 සහ මීළඟ Doctor Strange චිත්රපටියත් එක්කත් මේ කතා මාලාව සම්බන්ධ වෙනවා. පළවෙනි වතාවට තමයි MCU චිත්රපටියක් එක්ක කතා මාලාවක් ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නෙ.

හැමෝම වගේ දැනටමත් දන්නවා ඇතිනෙ මීළඟ ස්පයිඩර් මෑන් චිත්රපටිය ගැන මේ වෙනකොට දැනගන්න ලැබිලා තියන විස්තර එහෙම 😎 ඔන්න ඔය වගේ ඉදිරියේදි නිකුත් වෙන්න නියමිතව තියන MCU චිත්රපටි සහ කතා මාලාවන් එක්ක WandaVision කතා මාලාවත් සම්බන්ධ වෙනවා. MCU – Phase 04 එකේ ආරම්භය මේ විදිහට තමයි පටන්ගන්නෙ.

 Wanda & Vision

                                                                      🔥 Wanda සහ Vision 🔥

දශකයකට අධික කාලෙක ඉඳන් සාර්ථකව ගොඩනගාන ආව MCU – Phase 04 එක වෙනස්ම මානයකට තමයි ගලාගෙන යන්නෙ. 😍🔥මීට කලින් ආරම්භ වුණු MCUපරිච්ඡේද ගැන අපි ඒ හැටිම දෙයක් දන්නෙ නෑ. ඒත් ඉතින් මේ කතා මාලාවෙන් ආරම්භවන MCU – Phase 04 එකෙන් ආරම්භය ගැන අපිට හොඳ අත්දැකීමක් ලබාගන්න පුළුවන්.දැනටමත් මේ කතා මාලාවෙ හෑෂ් ටැග් එක (#WandaVision) මෙන්න මේ හෑෂ් ටැග් එක Twitter Worldwide Trending වල පළවෙනි තැනට එන්න සමත්වෙලා තියෙනවා  🙂 ලංකාවෙ නැති උනත් පිටරටවල මේ කතා මාලාව පිළිගන්න සූදානමින් හිටියා. පහළින් තියෙන්නේ WandaVision පිළිගන්න සූදානම් වෙලා තියන විදිහ.

ඔන්න ඔය විදිහට සමහර රටවල් WandaVision කතා මාලාව පිළිගන්න සූදානම් වුණා. මේ කතා මාලාව Inspired වෙලා තියෙන්නෙ 50, 60 දශකවල I love lucy සහ Dick van dyke කියන Sitcom වලින්. ඒ නිසාම මුල් කොටස් කළු සුදු විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ කතා මාලාවෙදි වන්ඩගෙ නොදුටු ස්වරූපයන් අපිට බලාගන්න පුළුවන් කියලත් සඳහන්වෙලා තියෙනවා. ඒ කියන්නෙ වන්ඩා කියන්නෙ කොච්චර නම් පවර්ෆුල් චරිතයක්ද කියලා මේ කතා මාලාවෙන් හරියටම අපිට පෙන්නලා දෙනවා. මේ කතා මාලාවෙදි MCU එකට අළුතෙන්ම එකතුවෙන චරිතය Monica Rambeau කියලත් සඳහන් වෙනවා.

ඒ වගේම Surprise Characters එකකුත් මේකෙදි බලාගන්න පුළුවන් කියනවා. හැබැයි ඒ ගැන නම් ඒ හැටි සඳහනක් කරලා නෑ. අපි ඉස්සරහට බලමු ඒ කවුද කියලා. විශේෂම කාරණේ තමයි MUC එකේ ඉදිරි අනාගතයට මේක සම්බන්ධවෙන හැටි දැකලා ප්රේක්ෂකයන් මවිතයට පත්වෙනවා කියලත් Elizabeth Olsen සඳහන් කරලා තියෙනවා 😮 ඒකනම් බලන්න වටින වැඩක්. මේ වෙනකොට WandaVision කතා මාලාව IMDb 9/10 ක අගයක් අරගන්නත් සමත්වෙලා තියෙනවා 😍 Rotten Tomatoes වල %94 ක අගයකුත් 88% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමත්තත් හිමිකටගන්න සමත්වෙලා තියෙනවා. කියන්න දේවල් නම් හුඟක් තියෙනවා. ඒ උනත් ඔක්කොම කියන්න බෑනෙ. ඒක නිසා පොඩි විස්තරයක් තමයි දුන්නෙ. MCU එකේ මීළඟ පරිච්ඡේදයේ ආරම්භයට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. කළු සුදු සීරීස් එකක් වගේම සිට්කොම් එකක් කියලා නොබලා ඉන්න එපා. ඒ මොකද කියලා මම මුලින්ම පැහැදිලි කරා.

WandaVision
Beginning MCU – Phase 04

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

15 comments

  1. Sub ekata thanks Broh

  2. Thanks Bro

  3. අම්මෝ මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ.බොහොම ස්තුතියි සහෝ💓💓💓

  4. අනිත් එකත් ඉක්මනටම දෙන්න. ගොඩක් ස්තූතියි

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ ලිපියත් සුපිරි

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මල්ලි දෙවනි එකත් ඇවිල්ලා. දීපියෝ. උඹ නම් සුපිරි ඈ. පට්ටම

  7. ආදරෙයි කොල්ලෝ✌️✌️✌️

  8. 2 episode ekath ikmnatama one bro

  9. Thanks jayawewa……!

  10. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි අයියෙ 😍

  11. Thanks bro enakan balan hitiye. 🤩🤩

  12. 2nd episode ekath ikmnatama one bro

  13. බොහොම ස්තුතියි නියම වැඩක් මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා.

  14. E01 විතරද තියෙන්නේ ඉතුරු Episode වල සබ් කෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login