The title of the page
Triples (2020) Complete Season Sinhala Sub
Triples (2020) Complete Season Sinhala Sub
7.1

Triples (2020) Complete Season Sinhala Subtitles | තුන් කට්ටුව | සිංහල උපසිරැසි සමඟ

Triples (2020) Complete Season Sinhala Sub

ඔන්න එහේමනම් කාලෙකින් ආයෙත් දමිළ වෙබ් සීරිස් එකක් අරගෙන ආවා. මේ පාර අපේ සචිත් පුතා තමයි මට සපෝර්ට් එක දුන්නේ.

මේක IMDb එකේ 7.1 ක් වෝට් 533 කින් ලබාගෙන තියෙනවා. Times of India රේටිං වලින් 3/5ක් ලබාගෙන තියෙනවා. මේක Hotstar එකේ 11 දෙසැම්බර් 2020 විකාශය වුනා. මේක විනාඩි 25-30 අතර කොටස් 8කින් සමන්විත. නිෂ්පාදනය කාර්තික් සුබ්රාජ්ගේ.  කාර්තික් සුබ්රාජ්ගේ කල්ලච්චිරිප්පු එකෙන් පස්සේ නිෂ්පාදනය කරන දෙවෙනි වෙබ් සීරිස් එක. කල්ලච්චිරිප්පු සුපිරිම ක්‍රයිම් ත්‍රිලර් සීරිස් එකක් වුනත් මේක ඒකට හාත්පසින්ම වෙනස් සුපිරිම රොමැන්ටික් කොමඩි සීරිස් එකක්. අධ්‍යක්ෂණය චාරුකේෂ් සේකර්, සංගීතය විශාල් චන්ද්‍රසේකර් කැමරාකරණය කලයිසෙල්වන් විස්නි. ප්‍රධාන රංගනයෙන් ජෙයි , විවේක් ප්‍රසන්නා, රාජ්කුමාර් මේ තුන්කට්ටුවට මනිකන්ඩන්, වානි බෝජන් හා නමිතා සහයවෙනවා.

Triples (2020) Complete Season Sinhala Sub

කතා සාරාංශය.

මෑතකදි නිකුත්වුන කොමඩි චිත්‍රපටි හා සසඳනකොට මේක ඉහල තත්වයක තියෙන කොමඩි සීරිස් එකක් කියන්න පුලුවන් . ඒ කියන්නෙ ගොන් ජෝක්වලින් තොර ලස්සන කතාවක් එක්ක ගලාගෙන යන කොමඩි සීරිස් එකක්. ජෙයි ප්‍රධානකොට ගෙන විවේක් ප්‍රසන්නා හා රාජ්කුමාර් හා දුෂ්ඨයා ලෙස මනිකන්ඩන් හොද රංගනයක් යෙදිල තියෙනවා. ඒ වගේම සංගීතය කැමරාකරණය හොද තත්වයක තියෙන අතර මොනම වෙලාවකවත් මේක සීරිස් කියන හැගීමක් දැනෙන්නේ නැතිවේවි. කිසිම කම්මැලිකමක් නැතිව හිනාවෙවි පවුල්පිටින් නරබන්න පුලුවන් වෙබ් සීරිස් එකක්.

රාම් ( ජෙයි) මාධු ( විවේක් ප්‍රසන්නා) හා චීනු (රාජ්කුමාර් ) මේ තුන්කට්ටුවට ෆිට්ම යාළුවෝ. හැබැයි මේ චීනු මාධු දෙන්නනම් අමුම අමු පිස්සෝ දෙන්නෙක්. මේ දෙන්නා කෙලින්නෙම පිස්සු . හැබැයි අන්ඩයෝ… ඉතින් රාම් මේ දෙන්නා එක්ක එකතුවෙලා IT ඔෆිස් එකක කොෆි ෂොප් එකක් අරිනවා. හැබැයි මේ අය ඒකට සල්ලි ගන්නේ බේබි චේටා ගෙන් (මනිකන්ඩන් ). වැඩේ කෙරීගෙන යන අතරේ බේබි චේටාට දෙන්න තිබ්බ සල්ලියි ඒ ඔෆිස් එකේ වැඩකරන මන්ත්‍රීකෙනෙක්ගෙ දුවත් අරන් මේ කොෆි ෂොප් එකේ වැඩකරන මුකේෂ් පැනල යනවා. දැන් මේ තුන්කට්ටුවට තරු පෙනිල ඉන්නේ. කොහොමද ඕක ගෙවන්නේ. ඉතින් ඔය අතරේ මේ තුන්දෙනාට වෙන අකරතැබ්බයන් එමටයි. අනිවාර්යයෙන් බලන්නම ඕනේ වෙබ් සීරිස් එකක් .

එහේමනම් අපි තවත් හොද සිංහල සබ් එක්කම හම්බවෙමු

profile cardඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොයුරාට සහ  සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් දෙන්නටම

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි පීටර් අයියෙ 🙂❤️…
    ජය වේවා.!! 👊👊👊

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ආසබ් එකට ආදරෙයි

  4. thnak you …..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login