The title of the page
Batman: Soul of the Dragon (2021) Sinhala Subtitles
Batman: Soul of the Dragon (2021) Sinhala Subtitles
5.9

Batman: Soul of the Dragon (2021) Sinhala Subtitles | මකර ආත්මයේ හිමිකරු(වෝ) | සිංහල උපසිරැසි සමඟ

(Batman: Soul of the Dragon (2021) Sinhala Subtitles) ඔන්න ඉතින් උණු උණුවෙම 2021 ආව සබක් ගෙනාවා එහෙනම්. ඇවිල්ලා දවස් 2කයි තාම. ඔන්න සබ ගෙනාවා. පරක්කු වෙන්න හේතු 2ක් තිබ්බා.

01) මම මේ මොහොතේ ඉන්න තැනට ඩේටා සිග්නල් නෑ
02) මගේ PC එක නෑ, ටැබ් එක තමයි උදව් උනේ සබට

ඔන්න ඔහොමයි අපි සබ් ගේන්නේ ඔයාලා වෙනුවෙන්. මුලින්ම මං ස්තූති කතාව කරලා ඉන්නම්කෝ. මුලින්ම චානක තිලංක සහෝට ගොඩක් ස්තූතියි. මේ සබ මං කරන්න විදිහක් නැතුව ඉද්දී කිලෝමීටර් 14ක් දුරට ගිහින් ෆිලුම බාගෙන ඇවිත් මට දාලා දුන්නා. ඕනේ නම් ලයින් ටිකක් ගහලත් දෙන්නම් කිව්වා. අන්න එහෙමයි සිනෙරූ පවුල. ඉතින් චානෝ ස්තූතියි බං ගොඩක්ම. ඉක්මනින් 50 අරන් වරෙන් ඈ. හරි ඊලඟ සමිතේ සහෝ, මේ ෆිලුම මං අහද්දී එයා මට මැසේජ් එකක් එවලා “මං හිතුවා අයියා ඕක කරයි කියලා” කියලා. ඉතින් ඔන්න 2021 එන්න තිබ්බ, කොරෝනා නිසා 2022 එන බැට්මෑන් ෆිලුමට සබ් ගේන්නෙත් මං. එහෙන් එනකොට සෙනිකව පැය කීපයකින් සබ දෙන්නම්කෝ. හරිනේ. ඊලඟට අසේන්, මධුවා ඇතුලු සිනෙරූ පවුලටම ස්තූතියි මාව තියන් ඉන්නවට මේ සිනෙරූ පවුලේ. වැදගත්ම දෙන්නා තමයි මගේ චූටී, ඒ කිව්වේ මගේ බිරිඳ ලක්ෂ්මී සහ සදා හෙවත් මගේ සදහම් පුතා. දෙන්නම මට වඩේ, රටකජු, තේ සප්ලයි කරලා නිදි. ඉතින් මං සබ් ගහනවා. ගොඩක් ආදරෙයි ඔය දෙන්නට මං. ඒ වගේම ස්තූතියි.

හරි මේකේ බෲස්ගේ කතාව ටිකක් වෙනස්. මෙයා අපි අහලා තියෙන්නේ “රාස් අල් ගුල්”ගෙන් පුරුදු උනා කියලනේ. හැබැයි මේ කතාවේ එහෙම නෑ. අනික එයාගේ ටීම් එක නයිට්වින්ග්, රොබින්. බැට්වුමන් හෝ කැට්වුමන් නෙවෙයි ඉන්නේ. මේකේ තියෙන්නේ චීන/ජපන්/කොරියන් කතා හුරුවක්. ටිකක් අර බැට්මෑන් නින්ජා එකේ වගේ. ඒත් කතාව හරි පැහැදිලියි. මේකේ ඉන්නේ විශාල, දරුණු නාග ආත්මයක්. අර කැලණි ගඟෙන් ආව නයා වගේ නම් නෙවෙයි ඈ. මේකේ නයා ඉන්නේ හිර කරලා. බැටා සටන් ඉගෙන ගන්නේ කුංග්ෆු මාස්ටර් කෙනෙක්ගෙන්. එතන තව “තෝරාගත්” කට්ටියක් ඉන්නවා. එයාලා ඔක්කොම නරකද? හොඳද? කවුද කණ්ඩායම? නයා වෛරය ලෝකෙට මුදා හරියිද? නැත්නම් බැට්මෑන් මැරෙයිද? ඔයාලා බලලම දැනගන්න. ලෝකේ ශර්ලොක් හෝම්ස් හැරුනාම චිත්‍රපට වැඩිම ප්‍රමාණයක ඉන්න තනි චරිතේ තමයි බැට්මෑන්. ඉතින් මේ අසහාය චරිතේ රසවිඳින්න. ලස්සන කතාවක්. කපන කොටන ඒවා නම් අනිත් ඇනිමේශන් ඒවට වඩා පෙන්නනවා මේකේ. ඊලඟට “ද එක්ස්පන්ස්” 4 හා 5වෙනි එපි දෙන්නයි ලෑස්තිකරන් ඉන්නේ. මං ආයේ ටීවී සීරීස් පටන් ගන්නේ නෑ මේ ටික දෙනකන්. මොකද ටීවී සීරීස් 4ක් තියෙයි ඉවර කරන්න. ඒ වගේම “ට්‍රාන්ස්ෆෝර්මර්ස්, වෝර් ෆෝර් සයිබර්ට්‍රෝන්, අර්ත්‍ රයිස්” ඩවුන්ලෝඩ් කරගන්න. ඉරිදා විතර කම්ප්ලීට් සීසන් එකම දෙන්නම්. හරිනේ? එහෙනම් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! හැමෝටම කිව්වට බාර් කරන, වැලි හාරන, කැලෑ කපන, ගණිකාමඩම් කරන, රට විකුණන කිසි එකෙක් මේ “හැමෝටම” කියන කුලකයට අයිති නෑ හොඳේ !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

15 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සුපිරි

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සුපුන් සහෝ 🙏

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Kantha_DLA ස්තූතියි සහෝ 🙏

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ප්‍රියශාන් සහෝ ස්තූතියි 🙏

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි දර්ශන අයියෙ 🙂❤️… අද තමා මේක බලන්නෙ 🙂
    ජය වේවා.! 👊👊👊

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සුපුන් මල්ලී. ඉල්ලීමක් එහෙම තියෙයි නම් කියන්න. දෙන්නම්

  5. Well done සහෝ…the watch කියන tv series එකටත් සබ් දෙන්නකෝ…අපි සෙට් එකක් බලන් ඉන්නෙ ඒකට සබ් එනකන්…..

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඒකේ එපි තාම 4යි තියෙන්නේ සහෝ. කම්ලීට් දෙන්නම් 🚬

  6. The Expanse eke ithuru sub denna aiye plz

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා දෙන්නම් මල්ලී. සබ් ගහන ගමන් ඉන්නේ. පොඩ්ඩක් අසනීපයි මේ දවස්වල

  7. චානක තිලංක

    සබ නම් පට්ට මරු හොඳේ 👍👍👍👍👌👌👌👌👏👏👏🙌🙌🙌🙌🙌

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි, ස්තූතියි ඈ, කෝ 50????

  8. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login