The title of the page
Mandharam (2018) Sinhala Subtitles
Mandharam (2018) Sinhala Subtitles
4.1
73

Mandharam (2018) Sinhala Subtitles | කාලයත් සමග වෙන් වූ ආදරය… | සිංහල උපසිරැසි සමඟ

 

(Mandharam (2018) Sinhala Subtitles)
ගූගල් පරීශිලක දර්ශකය 73%

IMDB 4.1/10
Runing Time : 2.17 min

Cast :
• Asif Ali as Rajesh
• Anarkali Marikar as Devika
• Varsha Bollamma as Charu
• Jacob Gregory as Tittu
• Arjun Ashokan as Renjith
• Vineeth Vishwam as Nazer

..ආයුබෝවන්..
🙏സ്വാഗതം🙏

        මම ඔයාගෙන් මෙහෙම අහනවා.ඔයා ආදරය කරනවා ද? ඔයාගේ ආදරය කොයි වගේද ? කෙනෙක් කියයි මගේ ආදරයනම් ගොඩක් ලස්සනයි.තව කෙනෙක් කියයි මගේ ආදරය ඒ තරම් ලස්සන නැ කියලා.කොහොම හරී ඉතින් අපි ආදරය කරනකොට ඇත්තටම අපේ හදවතේ නවතින්නේ පළවෙනි ආදරය එක්ක නෙවෙයි,අපේ හිතට ගොඩක් දැනුන ආදරය එක්ක. ආදරය නිසා ජීවිත කොච්චර සුන්දර වෙනවාද? සමහර අයගේ ජිවිත ඉපදුන දවසේ ඉදන් වැනෙන්නාට ලොව වැනෙනවා වගේ.එත් යාලුවනේ ඒ කෙනාට ලස්සන ආදරයක් හම්බ උනොත් ඒ ජිවිතය ගොඩක් වෙනස් වෙනවා.එහෙනම් ඒ සොදුරු ජිවතයේ නවාතැන  ආදරය සොයාගෙන අද අපි යමු.

මේ ජීවිතයේ අපිට විදින්න පුළුවන් ලස්සනම හැගීමක් තියෙනවා නම් ඒ තමයි ආදරය. අපි හැමොම ආසයි ආදරය විදින්න.ආදරය  දැනෙනකොට අපේ හීතේ පීදෙන හැගිම කිසිම කෙනෙක්ට වචනෙන් මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන් ද? එය එතරම් චමත් කාර හැගීමක් විදියට අපි දනිමු. රාත්‍රී අහසේ පූර්ණ චන්ද්‍රායා පායලා තියනකොට තරු දහසක් පායලා තිබ්බත් අපි ඒ තරු වල සුන්දරත්වය  ගැන කතා කරන්නේ නැ වගේ අපිට ආදරය කරන අවංක ආදරයක් හම්බුනාම කොච්චර අපිට ආදරය කරන්න අය ආවත් අපිට ඒ අයගෙන් වැඩක් නැ. සමහරු කියනවා පළවෙනි බැල්මෙන්ම ඇතිවෙන ආදරය ගොඩක් සුන්දරයි ලු. එහෙම පටන් ගත්ත ආදර කතාත් හරී ලස්සනයි ලු. කොහොම උනත් ආදරය කියන්නෙනම් පුදුමාකාර මායාවක්ම තමයි.එක පාරක් මේ ආදරය කියන දැලේ පැටළුනොත් ලෙහා ගන්න එකනම් බොරු නේද යාලුවනේ.

ආදරයට ඇත්තටම වයසක් තියෙනවා ද? ආදරය කරනකොට අපිට දැනෙන හැගීම් වයසත් එක්ක වෙනස් වෙනවාද? කියලා හරී අපූරුවට මේ කතාව තුලින් අපට බලා ගන්න පුළුවන්.

අපි කතාවටත් කියනවානේ අලියන්ටයි ළමයින්ටයි දගලන්නමයි හීත කියලා. එක ඉතින් බොරුවක්නම් නෙවෙයි පොඩි කාලේ අපි කොච්චර දගයි ද කියලා හොදටම දන්නේ අපේ අම්මලා තාත්තාලා තමයි.පුංචි කාලේ ලමයි හරී ආසයි නේ හැම දේම ගැන ඉගෙන ගන්න.පොඩි කාලේ අපි දන්නේ නැති දෙවල් සමහර විට අහන්නේ අපේ වැඩි හිටි අයගෙන් එත් සමහර දෙවල්නම් එහෙම අහන්න බැ. එතකොට තමයි අපි වයසට බාර දීලා පාඩුවේ ඉන්නේ. පුංචි කාලේ ආදරය කියන වචනේ තෙරුම අපි දැනගෙන හිටියේ නැනේ.කොටින්ම කියනවානම් පොඩි කාලේ අපි ළමයි හම්බෙන්නේ කොහොමද කියලවත් දන්නේ නැ.ඉතින් මේ පුංචි සංසිද්දී හරි ලස්සනට මළයාලම් සිනමාව තුලින් නිර්මාණ කරුවා දකින අතර කුඩා ළමුන්ගේ ඉතාමත් ලස්සන දර්ශනයන් කිහිපයක් සමග චිත්‍රපටය ආරම්භ කිරීම නිසා එය සිත් ඇද ගනී.

” මගේ කටහඩට මල් පිපෙන ඒ ගීතය

ලස්සන නිල් අහසේ පාවෙන සඳ

මා ලියූ කවි

ඔබේ ඇස්වලින් දුටුවෙම

මගේ දේවතාවිය

එහි නොසිට මෙහි ඇත”

පුංචි කාලේ නොදන්නා කමට උනත් ආදරය කියන දේ අපිටත් හොරෙන් අපේ හිතේ ඇති වෙනවා.ඒ කාලේ අපි හිතන්නේ නැ ඒ ආදරය අපේ කරගෙන සදහටම එයා එක්ක ඉන්න.එත් ඉතින් මේ ඇතිවන ආදරය ආකර්ෂණයක් විතරයි කියලා ඉතාමත් අපුරු දර්ශන යොදා ගනිමින් නිර්මාණය කරුවා අපට පෙන්වලා දෙනවා. කුඩා ළමුන් දෙපලක් තුලින් ඉතාමත් අලංකාර ලෙස ආදරය සිත්තම් කරන නිර්මාණ කරුවා ඉතාමත් අලංකාර ගීතයක් යෝදා ගනිමින් ආදරයේ රසය තවත් වැඩි කිරිමට සමත් වෙලා තිබීම චිත්‍රපටයේ මා දකින විශේෂත්වයක්.

ළමා කාලයේ ආදරය රසය එහෙම විදිනකොට තරුණ කාලේ ආදරයේ රසය විදින්නේ අපි ගොඩක්ම වෙනස් ආකාරයකින්.
මටනම් හිතෙන්නේ ජීවිතයේ ලස්සනම වගේම සුන්දරම හැගීම ආදරය කියලා.ඒ ආදරය අපේ මනසට එකතු උනාම අපි අපිටත් හොරෙන් ජිවතය විදිනවා.ආදරය කොච්චර සුන්දරයි ද කියලා  මම හිතන්නේ මේ ලොකේ ඉන්න කාටවත්ම වචනෙන් කියන්න නම් බැරිව ඇති.හීමිදිරි උදයක මම කියනවා ඔයාට ලස්සන ගමනක් යන්න කියලා.ලස්සන උඩ කන්දකට නැගලා තෙරෙක් නොපෙනෙන ඈතක් දිහා බලාගෙන අත් දෙක ඈත් කරගෙන සුළගේ පහස විදිනකොට මනසට එන සැහැල්ලුව කොච්චරනම් මීහිරී ද? ලා හිරු කිරණ අපේ ඇගට වදිනකොට කුරුලෝ කීච් බීචි ගාලා ගීත කියනකොට මනසට එන සැහැල්ලුව ඔයා මොහොතක් ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න.ඔයාගේ හිත සතුටින් පිරිලා කියලා මම හිතනවා.ජිවතයේ කවදා හරී අහම්බෙන් හම්බෙලා.එක පාරට දැකපු ඒ ඇස් දෙක් අදටත් ඔයාගේ මනසේ ඇදිලා ඇති.එයා එක්ක දුර ගමනක් යන්න කියලා හිතාගෙන ආදරය අහපු වෙලාවේ.ඔයාට එයා කැමති උනාම මේ ලොකෙම දිනුවා වගේ සතුටක් එන්න ඇති.පළවෙනි ආදරය ඒ තරම් ඔයාගේ හිතට දැනෙන්න ඇති.ඒ වෙලාව මොහොත ටිකක් මතක් කරගන්න.ඔයා ඒ සතුටට මොනාදා නොකලේ ජිවතයම පිරිළා වගේ නේද? ආදරය කියන්නේ බෙහෙතක් වගේ අපේ මනසට. මෙන්න මේ ලස්සන  හැගීම් ඉතාමත් තාත්වික විදියට මළයාලම් සිනමාකරුවා අපට පෙනවලා දෙනවා.

හොද යාලුවෙක් නැති මරණය ශාක්ෂියක් නැති මරණයට හා සමානයි. අපිට දුකක් සතුටක් ආවාම අපේ දෙමාපියන්ට පස්සේ අපි ලගින් ඉන්නේ හොදම යාලුවෝ. යාලුවෝ කියනේ සමහර වෙලාවට ආත්මීය බැදිම් කියලා මට සිතෙනවා. ආදරය සමග ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ කරුවා මිතුරු කම ගලපලා තියන නිසා කතාව තුලින් බැදිම් ගැන කතා කරනවා කියලා හොදින්ම පැහැදිලි  වෙනවා.

මලයාලම් සිනමාව ඉතාමත් අලංකාර ලෙස කුඩා දෙයක් උවත් පෙන්නුම් කිරිමට සමත් වෙනවා.ආදරය සමග පරිසරය ඉතාමත් හොදින් ගැලපීමට නිර්මාණ කරුවා සමත් වෙනවා.බොහෝ විට චිත්‍රපටයේ ආදරය පිරුණු දර්ශන තළ රාත්‍රී කාලයේ රූගත කිරිම නිසා සිනමාවට වෙනස්ම ඌ ආලොකයක් ලබාදෙනවා. තවද චිත්‍රපටය පුරාම කතා කරන්නේ ආදරය හා ඒ සමග ජිවිතයේ වයස වෙනස් වන සංසිද්ධිය නිසා වයස අනුව මිනිසාගේ ආදරය සමග එන බුද්දිය වෙනස් විමත් ඉතා හොදින් පෙන්නුම් කරනවා.ආදරය කරන කෙනෙක් තමන්ගේ ආදරය තව කෙනෙක් හට ප්‍රකාශ කිරිම තුලින් ඔවුන්ගේ ආදරය ස්තීර කර ගනී.නමුත් කෙනෙක් ආදරය ප්‍රකාශ කළ පමනින් එය පිළිගත යුතු නැති බව නිර්මාණ කරුවා අපට පෙන්වා දී ඇත.එහීදී ඉතා හොදින් ආදරය ප්‍රතික්ෂේප කිරිමෙදී එකිනෙකාට ගරු කිරිම පෙන්නුම් කරන අතර එය චිත්‍රපටය තුල ඇති විශිෂ්ඨ දර්ශනයක් ලෙස අපට පෙන්වා දිය හැකිය.

” අපි කැමති කෙනෙක් එක්ක වාඩි වෙලා ඉන්න කොට…

මේ ලොකේ අපි විතර්‍යි ඉන්නේ කියලා හිතනවා..

චිත්‍රපටය  තුල සියළු දර්ශනයන් ආදරය ස්මතු වන ආකාරයට නිර්මාණය කර ඇති අතර යම් යම් අවස්තාවන් වල චිත්‍රපටය තුලට අනිසි අලස ගතියක් එම වැලක්වීම සදයා ඉතාමත් ලස්සන කොමඩි දර්ශන එකතු කර තිබීම මනා සංකලනයක් ලෙස අපට පහදා දිය හැකිය. චිත්‍රපටය  සියළු අංගයන්ගෙන් පරීපූර්ණ ලෙස ඉදිරිපත් කිරිමට නිර්මාණය කරුවා ඉතාමත් හොද උත්සහයක් ගෙන ඇති අතර එහීදී තරුණ යුවලකටගේ ආදරයට දෙමාපියන් මැදිහත් වන ආකරයද නිරූපණය කිරිමට සමත් වේ. එපමනක් නොව ආදර හා දෙමාපියන් අතර පාලමක් නොමැති විට ඔවුන්ගේ ආදරය ගගට කපන ලී මෙන් විසීරී යයි ද? යන්න ඉතා පුළුල් ලෙස නිර්මාණය තුල කතා කිරිමට නිර්මාණය කරුවා සමත් වේ.

මේ ලොකේ අපිට කෙතරම් යහළුවන් සිටියත් අපි තනි උන විට අප ලග සිටින්නේ අපගේ දෙමාපියන් පමනී. ඒ දෙමාපියන් කෙතරම් අපිට ආදරය කරයි ද යන්න අපට දැනෙන්නේ අප තනි වු විටය එය ඉතා හොදින් අපට නිර්මාණය තුල දැක ගත හැකිය.සමස්තයක් ලෙස ගත් කළ චිත්‍රපටය  සාමාන්‍ය මට්ටමේ චිත්‍රපටයක් ලෙස අපට පෙන්වා දිය හැකිය. චිත්‍රපටය ස්භාවික අංගයන්ගෙන් පරීපූර්ණ වේ. චිත්‍රපටය ඉතාමත් අලංකාර මළයාලම් ගීත වලින් අලංකාර වේ.

අධ්‍යක්ෂණය විජේෂ් විජේ විසින්  කරන ලද අතර තිර රචනය එම්. සාජාස් කරන ලදි. මොනිෂා රජිව් හා ටීනු යන අය නිශ්පාදනයෙන් දායක වේ.

තවත් මලයාලම් සුන්දර උපසිරැසියකින් හමුවෙමු🙏

සටහන :තාරුක නිරොෂාන් සහෝදරයාටත්,
විශේෂ ස්තූතිය :රුමේෂ් බස්නායක සහෝදරයාටත් හිමි වේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

7 comments

  1. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 😍

  2. ගිහාන් ලක්මාල්

    සුපිරි මචෝ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සුපිරි ෆිල්ම් එක

  4. Shehan
    Cineru Family Member

    ගුණ දොස් පිළිබඳව කමෙන්ට් එකකින් දැනුවත් කරන්න…… නැත්තන් mesenger මැසේජ් එකක් දාන්න…

  5. ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Thank you …මේ movie එකට හරියන link එක දෙනවද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login