The title of the page
Master (2021) Sinhala Subtitles
Master (2021) Sinhala Subtitles
7.6
91

Master (2021) Sinhala Subtitles | “මාස්ටර්” | සිංහල උපසිරැසි සමඟ

” They call me master… You know me master… I’m the master Blaster….

(Master (2021) Sinhala Sub) ” ඔන්න කාටත් කලින් First & Fast සබ් එකක් වෙනදා වගේම “සිනෙරූ” අපි අරගෙන ආවා.. ඒ වෙන කිසි එකක් නෙවේ කාගෙත් එකම බලාපොරොත්තුව වූ දකුණු ඉන්දීය සුපිරි දමිල නළු “තලපති විජෙයි” ගේ නවතම චිත්රපටිය වන ” මාස්ටර්” වෙනුවෙන්.. මාස්ටර් ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි කතා කරමු. 2019 වසරේ ආදායම් වාර්තා අලුත් කළ තලපති විජෙයිගේ “බිගිල්” චිත්රපටියෙන් පසු ආ නවතම නිර්මාණය තමා “මාස්ටර්” නොහොත් “ගුරුවරයා” කියන්නේ. මාස්ටර්ට බාහිරව බොහෝ දේ කතා කරන්න තියෙනවා.

බිගිල් තිරගත වී ටික දිනකට පසු මාස්ටර්හී රූ ගත කිරීම පටන් ගත්තේ 2020 අප්රේල් වල සියල්ලම අවසන් කර තිරගත කිරීමේ බලාපොරොත්තුවෙනි.. එහෙත් කිසි කෙනෙක් නොපැතූ නොසිතූ ලෙස පැමිණි වසංගත තත්ත්වය හේතූකොට ගෙන අවුරුද්දක් වගේ කාලයක් බලන් සිටීමට සිදු වුණා සිනමා ශාලා වෙතට යොමු කිරීම සදහා.. බොහෝ චිත්රපටි අන්තර්ජාලය හරහා රසිකයන්ට ලං කළද, තලපති වෙනුවෙන් බලන් සිටි රසිකයන්ගේ බලාපොරොත්තු නොබිද ම ඔන්න මේ අවුරුද්දේ (2021) ජනවාරී 13 දීපවාලී උත්සවය වෙනුවෙන් සිනමා ශාලා වෙතට මාස්ටර් මුදා හැරියා. කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම ආරක්ෂක විධිවිධාන යටතේ 50% ක උපරිම ජන ගහනයකට ලෝක සිනමා ශාලා විවෘත වුණා. රෝගී තත්ත්වය නිසා හෙම්බත්ව සිටි ජනතාවට මෙය මහා අස්වැසිල්ලක් ලෙස දැනුන නිසා දෝ මන්දා සිනමා ශාලා ජනතාවගෙන් පිරී ඉතීරී ගියා. (මම මේ කියන්නේ ලංකාව ගැන) සිනමාශාලා වෙත මිනිස්සු යන්නෙ නෑ කිව්වට, සෑම සිනමා ශාලාවක් වගේම හවුස් ෆුල් මට්ටමට ආවේ තලපති නිසා කියලා කියන්න ම ඕනේ.

දවස පුරාම නැරඹුම් වාර සියල්ලම මාස්ටර් වෙනුවෙන් ඉඩ ලබා දී තිබුණා. ඉන්දියාවේ වගේම ලංකාවේ ද එය එසේම විය. මාස්ටර් නොහොත් ගුරුවරයා හි අධ්යක්ෂනය ලොකේශ් කනකරාජ් වනවා. ලොකේශ් වනාහී මෑතකදී ජනප්රිය වූ “කයිති” හි අධ්යක්ෂක තුමා. ඉතින් ඒක බලපු අයට ලොකේශ් ගැන කියන්න දෙයක් නෑ. අමුතු ඇහැක් තියෙන දක්ශයෙක්. ඉතින් මෙවර තලපති හා සේතුපති සමග ගෙනා අලුත් නිර්මාණය තුළත් වෙනදා නොදැක්ක අමුතු රසක් තියෙනවා. මාස්ටර් නිශ්පාදනය Xaviar Britto. තිර රචනය රත්න කුමාර් වේ. සංගීත නිර්මාණය අනිරුද්. සංගීතය ගැන කතා කළොත් අනිරුද් මෙවරත් තමන්ගේ හැකියාව උපරිමයෙන් භාවිතා කරලා තියෙනවා. මාස්ටර් හි රංගන දායකත්වය වෙනුවෙන් ජනප්රිය දක්ශ නලු නිලි පිරිසක් දායක වූවා. ප්රධාන නිලිය ලෙස කියාරා අද්වනී, රශි කන්නා හා රශ්මිකා මන්දනාගේ නම් යෝජනා වුවද අවසන මල්ලවිකා අවසන් ප්රතිඵල ලෙස තලපති සමග රංගනයට එක් වූවා..

ප්රධාන නලු නිළි කැලැ අතර,

💥 Thalapathy Vijay As JD
💥 Vijay Sethupathi As Bhavani
💥 Mallavika Mohan As Charu
💥 Arjun Das As Das
💥 Andrea Jeremiah As Vaanathi
💥 Ramya Subramaniam As Ramya

ප්රදාන වේ. විනාඩී 179 (පැය 3) ක කාලයක් මෙය දිගහැරෙයි. කෝලේජ් එකක දරුවන් හා මැරයන් වටා ගෙතුන මෙහි සමාජගත විය යුතු කරුණු රාශියක් තිබෙනවා. අනිරුද්ගේ සංගීත අධ්යක්ෂනය යටතේ මෙහි ගීත 5ක් පමණ තිබේ. එනම්, 🎶 Kutty story 🎶 Vathi coming 🎶 Andha kannu paathaaka 🎶 Quiet pannuda 🎶 Polakattu para para 🎶 Vaathi ride ගූගල් පරිශීලකයන් 91% වේ. මෙහි IMDb අගය 7.6/10 වනවා.. මාස්ටර් ඉන්දිය රු.බිලියන 1.35ක වියදමක් දරා නිශ්පාදනය කර ඇත. ලෝකය පුරාම විදුලියක් වගේ පැතිරුන මාස්ටර් අවම ඉඩ කඩ යටතේ වුවද තම අනසක පතුරුවා හැරියා. එහිදී දින දෙකක් තුළ $1.4 මිලියන ලැබූ අතර , ආන්ද්රා ප්රදේශ්වල තෙලුගු බසින් තිරගත වී දින තුනක් තුළ කෝටී 9.25 ක් ලැබුවා. පලමු දින 16 තුළ තමිල්නාඩුවේ තුළ පමණක් කෝටී 130 ක් ඉපයූවා. හින්දි බසින් කෝටී 13ක් ලැබූ අතර තිරගත වී දින 16ක් තුළ කෝටී 220+ අදික ආදායමක් ඉපයීමට සමත් වෙනවා. .
“Deadline Hollywood” අනුව මාස්ටර් තිරගත වූ දා සිට, එය ලොව විශාලතම වසංගත තත්ත්වයෙන් පසු ජාත්යන්තර වෙළඳපොලේ වැඩිම ආදායමක් උපයාගත් චිත්රපටය බවට පත් වූ අතර කලක් ගෝලීය බොක්ස් ඔෆිස් ශ්රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින බවයි. ගෝලීය බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබාගත් පළමු ඉන්දීය චිත්රපටය මෙය විය. චිත්රපටියක් තිරගත වි දින 16 ඇතුලත HD පිටපත මාස්ටර් වෙනුවෙන් අන්තර්ජාලයට මුදා හැරුණා. ඔන්න ආපූ ගමන්ම අපේ කට්ටිය වෙනදා වගේම “සිනේරූ” වෙනුවෙන් සිංහල උපසිරැසියත් ගෙනාවා. තලපති වෙනුවෙන් මගෙ අදහස් සිනෙරූ හරහා ඔබට ගෙනාව මම,

✍️…..නිත්යා රූපසිංහ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

38 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Film ekak apu gamanma sub dunnata tanks ayya ♥️♥️

  3. Thanks Brother…

  4. හපොයි.. Night Time වලින් මූවි එක ඩවුන්ලෝඩ් කරල නිකමෙට වගේ බලන්න ආවා..මෙන්න දීලා..
    First & Fast ම සබ් දීම තමා..(ලංකාවෙන් 01) බොහෝම ස්තූතියි සබ් එකට..
    ඊලග සබෙන් හමුවෙමු..!

  5. 700MB එක නැද්ද සහෝ..
    සබ් එකට ස්තූතියි

  6. කොහොම ද සිංහල සබ් එක ගන්නේ

  7. තෑන්ක්ස් බ්‍රෝ දෙනකන් බල බල හිටියෙ ජය වේවා

  8. Tharindu madushan

    අඩෙහ් ……මෙන්න බඩු දීලා දන්නෙම නෑ …ගොඩක් ස්තුතියි

  9. thanks sub ekata naara uikne wada jayawewa………………..

  10. maara ikmanne thanks jayawewa

  11. හම්මෝ ❤️

  12. හම්මී ❤️🙂

  13. Ikmanatama dunnata thanks bro. 🤩🤩

  14. රංගික සිනෙත් කාරියවසම්

    ලංකාවෙන්ම අංක 1සිනෙරු.ජය වේවා සබ එනකම් බලන් හිටියේ.ජය

  15. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  16. බොහොම ස්තූතියි සබ් එකදුන්නට..🔥🔥හිතුවටත් වඩා ඉක්මනට සබ් එක දුන්න..ජය🔥🔥🤗

  17. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ආ….
    ගැම්මට සබ් දෙන පොරක් තමා ආදරෙයි…

    • Udaya saman
      Cineru Family Member

      ලංකාවෙන්ම පලමුවෙන්ම උපසිරසි සපයන්නන්ගෙන් අංක එකට නැවතත් ඔසවා තැබිම වෙනුවෙන් මාගෙ හද පිරි පුණාමය….

    • Peter Barthelot
      Cineru Family Member

      තෑන්ක්ස් , ඕවා වටිනවා .

  18. Sandeepa Malshan
    Cineru Family Member

    සබ් එකට බොහොම ස්තූතී පීටර් අයියේ ❤

  19. balanna puluwan hoda quality eka mokakda

  20. Thanks for the subtitle…

  21. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    තලපති නිසා නෙවෙයි, සේතුපති විජේ නිසයි මේක බලන්නේ මං. පීටර් අයියා සුපිරිම ඈ

  22. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි අයියෙ ❤

  23. Wow nicevjjjjjjjjjjjjjjjjjjjjjkkvsdhjjnnnn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login