The title of the page
Van Helsing S01E12 (2016) Sinhala Subtitles
Van Helsing S01E12 (2016) Sinhala Subtitles
6.2
91

Van Helsing S01E12 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

සුභ දවසක් මගේ යාළුවනේ, ඔන්න ඉතින් ආපහු වැනේසගේ චාරිකාව අරගෙන ආවා. එහෙම කිව්වම හැමෝම දන්නවනේ මේ පාර සබ අරගෙන ආවේ මොකටද කියලා. ඔව් ඔව් ඔයාලා හිතපූ දේ හරි මේ පාර මං සබ අරගෙන ආවේ වෑන් හෙල්සිං කතා මාලාවේ දොළොස්වෙනි එපිසෝඩ් එකට. ඔන්න මං පොරොන්දු උන විදිහටම වෑන් හෙල්සිං කතා මාලාව අරගෙන ආවා. විශේෂයෙන්ම මගේ යාළුවන්ට මේ දේ මතක් කරන්න ඕනේ ඒක තමයි වෑන් හෙල්සිං කතා මාලාවේ පළවෙනි සීසන් එකේ තව එක එපියයි තියෙන්නේ. ඒක මං පැහැදිලි කරන්නම්, දැනට වෑන් හෙල්සිං කතා මාලාවේ සීසන් හතරක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම පස්වෙනි සීසන් එකත් ළඟදීම එනවා. දැනට ඇවිල්ලා තියෙන සීසන් හතරේ එක සීසන් එකකට එපි 13 ගානේ තියෙනවා. ඒකයි මං කලින් කිව්වේ පළවෙනි සීසන් එකේ තව එක එපියයි තියෙන්නේ කියලා. කොහොම උනත් ආසාවෙන් පටන් ගත්ත පළවෙනි සීසන් එකේ අවසානයට ළඟා උන එක ගැන ගොඩක් සතුටුයි. ඇත්තටම කිව්වොත් ගොඩක් දෙනෙක්ගේ කැමැත්ත මේ කතා මාලාවට යොමු උනා. ඒ අයටත් කමෙන්ට් එකක් දාලා මට සහයෝගය දක්වපූ හැම දෙනෙක්ටම මං මේ වෙලාවේ ස්තූති වන්ත වෙනවා. හැමෝටම මේ පාර මං අරගෙන ආපූ වෑන් හෙල්සිං කතා මාලාවේ දොළොස්වෙනි එපියත් අරගෙන බලන්න කියලා මං ආරාධනා කරනවා.

මුලින්ම කලින් එපිය ගැන මතක් කරගමුකෝ. මැග්ඩලීන් කියන වැම්පයර්වරිය ජුලියස්ට අහු වෙනවා, ජුලියස් ඇයට වද දෙනවා. ඇය වැනේසා ගැන දන්න හැම දෙයක්ම ජුලියස්ට කියනවා. ඔය අතරෙදී සූසන් පුංචි කාලේ ජීවත් උන ගෙදරට වැනේසලා යනවා, එතනදී සූසන්ගේ අම්මා මැරිලා කියලා සූසන් දැන ගන්නවා. ඒ අතරෙදී එයාලට රේඩියෝ උපකරණයක් හම්බ වෙනවා. ඒකෙන් එයාලට පණිවිඩයක් දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ එයාලට සූසන්ගේ අශ්වයාව මුන ගැහෙනවා. අවාසනාවට වගේ එතනට වැම්පයර් කෙනෙක් උන සූසන්ගේ තාත්තා එනවා එයා අර අශ්වයාට දෂ්ට කරනවා. ඒක දැකපූ වැනේසයි අනිත් ඒ වැම්පයර්වරයාට පහර දෙන්න එනවා. එතනදී තමයි සූසන් දැන ගන්නේ ඒ වැම්පයර් කෙනා එයාගේ තාත්තා කියලා. ඊට පස්සේ ඒ වැම්පයර්වරයාව අල්ලා ගන්නවා. ඒත් සූසන් එයාගේ තාත්තට වෛර කරපූ නිසා එයාව මරලා දානවා. ඒත් ඊට පස්සේ සූසන් අතුරුදහන් වෙනවා. හැමෝම එයාව හොයන්න පටන් ගන්නවා. එතනදී සූසන්ව හොයාගන්නේ සෑම්, එයා සූසන් එක්ක ටික වෙලාවක් ඉදලා එයාව මරලා දානවා. ඒත් එක්කම එයාගේ ඇඟිල්ලක් කපලා අරගන්නවා. ඔය දේවල් අතරේ රෙබෙකා කියන වැම්පයර්වරිය දිමිත්‍රි කියන වැම්පයර් නායකයගෙන් ඝාතක කණ්ඩායමක් ඉල්ලනවා මිනිස්සුන්ව දඩයම් කරන්නයි වැනේසව අල්ලා ගන්නයි. ඒත් ඒකට දිමිත්‍රි කැමති වෙන්නේ නෑ. ඔය අතරෙදී වැනේසටයි මොහොමඩ්ටයි සූසන්ව හොයාගන්න බැරිවෙනවා. ඔය අතරෙදී මොහොමඩ්ට සැකයක් ඇති වෙනවා එයා සෑම්ගේ ඇත්ත තත්ත්වය හොයාගන්නවා. ඒ කියන්නේ කලින් මිනීමැරුම් කරපූ මිනීමරුවා සෑම් කියලා දැනගන්නවා. එයා ඒක වැනේසටත් කියනවා. ඊට පස්සේ සෑම් පාපොච්චාරණයක් කරනවා. වැනේසා සූසන්ගේ මිනිය හොයාගෙන යනවා. ඊට පස්සේ වැනේසයි මොහොමඩුයි සෑම්ව කැලයකට අරගෙන යනවා. එහෙදී සෑම් කියපූ දේවල් නිසා මොහොමඩ් සෑම්ට පහර දෙනවා. ඊට පස්සේ වැනේසා සෑම්ගේ කකුල් දෙකම කපලා එතනින් යන්න යනවා. එයාලා ගිහිල්ලා සූසන්ගේ මිනිය වලදානවා. ඔය අතරෙදී සෑම්ට වැම්පයර් කෙනෙක් පහර දෙනවා. සෑම් ඒ වැම්පයර් කෙනාව මරනවා ඒත් සෑම්ගේ අත ඒ වැම්පයර්වරයා හපනවා. සෑම් ඊට පස්සේ වැම්පයර් කෙනෙක් වෙනවා. එයා වැනේසවයි මොහොමඩ්වයි හොයාගෙන යනවා. එයා එනවා දැකලා වැනේසයි මොහොමඩුයි එතනින් පැනලා යනවා. සෑම් ඇවිල්ලා වලදාපූ සූසන්ගේ මිනීවල හාරලා එයාගේ ලේ බොනවා. ඔන්න ඔය විදිහට ඒ එපිය අවසන් වෙලා යනවා.

♨️♨️♨️♨️♨️ සබ ඩවුන්ලෝඩ් කරන ගමන් අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න. ♨️♨️♨️♨️♨️

මේ එපියෙන් මොකක්ද වෙන්නේ කියලා මං කියන්නම්, වැම්පයර් කෙනෙක් උන සෑම් වැනේසවයි මොහොමඩ්වයි හොයාගෙන එනවා. ඔය අතරේ ජුලියස් ඒඩන් වලට පහර දෙනවා. එතනදී මැග්ඩලීන් වැම්පයර්වරියව මරලා දානවා. සෑම් වැනේසලාට පහර දෙනවා එතනදී වැනේසා සෑම්ව අන්ධ කරනවා. තවත් පැත්තක වැම්පයර්වරුන්ට කොටුවෙලා ඉන්න මිනිස්සු ටිකක් පැනලා යන්න සැලසුම් හදනවා. මේකෙදී විශේෂ දෙයක් සිද්ද වෙනවා ඒ තමයි වැනේසව වැම්පයර් නායක දිමිත්‍රිට අහුවෙනවා. එහෙම වෙන්නේ වැනේසව කෙනෙක් පාවලා දෙන නිසා. මං මීට වඩා දේවල් කියන්නේ නෑ. ඒ කවුද කියලා දැනගන්න ඕනේ නම්, ඒ වගේම වැනේසව අහුවෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ නම් මේ එපියත් සබත් ඩවුන්ලෝඩ් කරලා බලන්නම වෙනවා. මේ කතා මාලාවේ තව දේවල් දැනගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.

අපේ ලොකු බොස් සමිත සහෝ, පොඩි බොස් අංජුල සහෝ, දර්ශන සහෝ, ඒ වගේම සිනෙරු ටීම් එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහෙනම් යාළුවනේ වෑන් හෙල්සිං කතා මාලාවේ අන්තිම එපිය එහෙම නැත්නම් දහතුන්වෙනි එපියෙන් නැවත මුනගැහෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

6 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඔන්න මුලින්ම බෑවේ මං හොඳේ. අවසාන එපිය ඉක්මනට ගෙනෙන් මචං. 50ටත් ඉක්මනටම යන්න ඕනේ ඈ

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. නිසඟි 👩‍🏫

    ඉක්මනට අන්තිම කොටස දෙන්න අයියේ. පහුගිය ටිකේ කමෙන්ට් එකක් ලිව්වේ නෑ. සමාවෙන්න. ඒත් සබ් ගත්තා. අයියේ ඔයා 50ටත් ලඟයිනේ. ඒකටත් විශේෂ එකක් දෙන්න. ඇනිමේශන් එකක් නම් හොඳයි. ඔයා ඒවට ලස්සනට උපසිරැසි නිර්මානය කරනවා

  4. චානක තිලංක
    Cineru Family Member

    අනිවා දර්ශන සහෝ 50 ඉක්මනට දෙනවා. ඒ වගේම මේකේ අන්තිම එපියත් ඉක්මනට අරගෙන එනවා. කමෙන්ට් එකට බොහොම ස්තූතියි.

  5. චානක තිලංක
    Cineru Family Member

    ස්තූතියි සුපුන් සහෝ

  6. චානක තිලංක
    Cineru Family Member

    ඉක්මනටම අන්තිම එපියට සබ් එක අරගෙන එනවා නිසඟි. සමාවක් මොකටද ඔයාලගේ සතුට වෙනුවෙන් තමයි අපි මේ විදිහට මහන්සි වෙන්නේ, 50 වෙනි සබත් ඉක්මනට අරගෙන එනවා. ඔයා කිව්වා වගේම නිසඟි 50 ට සුපිරි ඇනිමේශන් එකක් තමයි අරගෙන එන්න හිතාගෙන ඉන්නේ. බොහොම බොහොම ස්තූතියි මේ විදිහට කමෙන්ට් එකක් දැම්මට.👍👍👌❤️❤️❤️🙌🙌🙌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login