The title of the page
Van Helsing S01E11 (2016) Sinhala Sub
Van Helsing S01E11 (2016) Sinhala Sub
6.2
91

Van Helsing S01E11 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

කොහොමද මගේ යාළුවනේ, ඔන්න ඉතින් කාලේකට පස්සේ මග නතර උන වෑන් හෙල්සිං කතා මාලාවේ සබ් වැඩේ ආපහු පටන් ගත්තා. මං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක නතර කරපූ එකට මොකද කියනවා නම් වැඩ ගොඩකට මං හිරවෙලා හිටියේ ඒත් එක්කම මං බාරගත්ත ග්‍රීන් ලැන්ටර් කතා මාලාව පටන් ගන්න ඕනේ නිසා මේක ටික කාලේකට නතර කලේ. දැන් දිගටම වෑන් හෙල්සිං කතා මාලාවේ පළවෙනි සීසන් එක ඉවර වෙනකන්ම සබ් ටික දෙනවා. ඊට පස්සේ ග්‍රීන් ලැන්ටර් එකේ සබ් ටිකක් දෙනවා. ඔය විදිහට තමයි ඉදිරියට මං සබ් අරන් එන්නේ. මේ කතා මාලාව ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැනේ මොකද මගේ යාළුවෝ හැම කෙනාම මේ වෙනකොටත් ඒ දේවල් දන්නවා. කොහොම උනත් මං ඒ ගැන ටිකක් මතක් කරන්නම්කෝ, මේ කතා මාලාව 18+ කැටකරියේ තියෙන කතා මාලාවක්. මේක වැනේසා හෙල්සිං මත පදනම්ව තමයි කතාව දිගහැරෙන්නේ. මේ පාර මං සබ් එක අරගෙන ආවේ ඒ විදිහට දිගහැරෙන කතා මාලාවේ පළවෙනි සීසන් එකේ එකලොස්වෙනි එපිසෝඩ් එකටයි. හැමෝටම මේකත් අරගෙන බලන්න කියලා මං ආරාධනා කරනවා. (Van Helsing S01E11 Sinhala Subtitles)

මේ එපිය ගැන කියන්න කලින්, කලින් එපිය ගැන මතක් කරලා ඉන්නම්කෝ, මේ එපියෙදී වැනේසලට අලුත් කට්ටියක් මුන ගැහෙනවා. ඒ වගේම මොහොමඩ් කියන කළු කොල්ලාවත් මුන ගැහෙනවා. කොහොම හරි වැනේසලා එතන ටික දවසක් ගත කරනවා. එතනට වැනේසව හොයාගෙන වැම්පයර්වරු එනවා. ඔය අතරෙදී වැනේසලත් එක්ක හිටිය ෆ්ලැෂ් එතන හිටිය මයිකා කියන ප්‍රධානියගේ මගපෙන්වීමෙන් එයාලගෙම කෙනෙක් බවට පත් වෙනවා. එතනදී ඩොක් සැත්කමකින් ළමයෙක්වයි අම්මා කෙනෙක්වයි බේරගන්නවා. ඔය දේවල් අතරතුර වැනේසට මේ තැන ගැන සැකයක් ඇති වෙනවා. කොහොම හරි සෑම් ඒ දේවල් ගැන හොයාගන්නවා. ඒ වගේම වැනේසට දැනගන්න ලැබෙනවා ඩොක් ඇක්සෙල්ට කරපූ දේ ගැන. ඒත් මෙහෙදී වැනේසට අපූරු යාළුවෙක් මුන ගැහෙනවා. හැබැයි ඉතින් අවාසනාවට වගේ මයිකයි වැම්පයර්වරුයි අතර තියෙන කුරිරු ගනුදෙනුව වැනේසට අහු වෙනවා. ඔය අතරෙදි සෑමුයි මොහොමඩ් කියන කළු කොල්ලයි එතනින් පැනලා යන්න උත්සාහ කරනවා ඒත් ඒ අයව මයිකට අහු වෙනවා. හැබැයි එතනට වැනේසා ඇවිල්ලා මයිකගේ ඇත්ත හැමෝටම හෙලි කරනවා. ඊට පස්සේ එතන හිටිය ෆ්ලැෂ් මයිකව මරලා දානවා. අවසානයේදී වැනේසා, සූසන්, මොහොමඩ්, සෑම් ඒ අළුත් නවාතැනෙන් පිටත් වෙලා යනවා. හැබැයි ඉතින් ෆ්ලැෂ් එතන නතර වෙනවා. ඔය අතරෙදී ඩොක් ආපහු වැම්පයර් කෙනෙක් වෙන්න හිතාගෙන මැග්ඩලීන් කියන වැම්පයර්වරිය ළඟට යනවා, ඇය ඩොක්ව වැම්පයර් කෙනෙක් කරන්න හැදුවත් ඒක හරිගියේ නැති නිසා ඩොක්ට පහර දීලා එතනින් යනවා. ඔය වෙලාවේ ඩොක් දකිනවා මීට කලින් මැග්ඩලීන් කෑමට ගත්ත අයගේ ඇටකටු. ඔන්න ඔය විදිහට ඒ එපිය අවසන් වෙනවා.

එපියෙදී මොකක්ද වෙන්නේ කියලා මං කියන්නම්, මැග්ඩලීන් කියන වැම්පයර්වරිය ජුලියස්ට අහු වෙනවා, ජුලියස් ඇයට වද දෙනවා. ඔය අතරෙදී සූසන් පුංචි කාලේ ජීවත් උන ගෙදරට වැනේසලා යනවා, එතනදී වැම්පයර් කෙනෙක් උන සූසන්ගේ තාත්තව මුන ගැහෙනවා. එතනදී කලින් මිනීමැරුම් කල සැබෑ මිනීමරුවාව අහු වෙනවා. ඒත් එක්කම සූසන්ට ලොකු කරදරයකුත් වෙනවා. මීට වඩා දේවල් මේ ගැන කියන්නේ නෑ. මොකද එතකොට මේකේ තියෙන කුතුහලය නැති වෙන නිසා. ඔයාලට ඒක දැනගන්න ඕනේ නම් මේ එපියත් සබත් ඩවුන්ලෝඩ් කරලා බලන්න වෙනවා. සබ ඩවුන්ලෝඩ් කරන ගමන් පහළින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ කතා මාලාව ගැන තව දේවල් දැනගන්න ඕනේ නම්, මෙතන ක්ලික් කරන්න. 

විශේෂයෙන්ම මේ අයව මතක් කරන්න ඕනේ, අපේ ලොක්කා සමිත සහෝ, ඒ වගේම අපේ පොඩි ලොක්කා අංජුල සහෝ, ඒ වගේම දර්ශන සහෝ, එතකොට අපේ සිනෙරු ටීම් එක. එහෙනම් දොළොස්වෙනි එපියෙන් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

8 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඇති යන්තන්, සබ ඇවිල්ලා ඔන්න. සුපිරි ඈ 🚬

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Thank you.. Ayeth series eka patan gathtata…. Next episode eken hamuwemu

  4. චානක තිලංක

    Aniwa Ayan den digatama saba denawa ilaga epiyath ikmanata denawa

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ado why bang? 😁
    කෝ ඉතුරු සබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login