The title of the page
Our Planet (2019) S01E08 Sinhala Subtitles
Our Planet (2019) S01E08 Sinhala Subtitles
9.3
97

Our Planet (2019) S01E08 Sinhala Subtitles | වනාන්තර (අවසාන කොටස) | සිංහල උපසිරැසි සමග

මේ එහෙනම් අපේ ලෝකය ගැන බලපු මාලාවේ අවසාන එක. හිතට පුදුම ආසාවකින් මේක කරේ. තව දෙන්නම්කෝ මේ වගේ ඒවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේකට ඉල්ලිම ආවේ හශාන් සහෝගෙන්. ස්තුතියි මචෝ. පටන් ගත්තේ බයෙන්. මොකද ඩවුන්ලෝඩ් අඩුවෙයි කියලා. ඒත් පස්සේ හිතුනා කවුරු නොබැලුවත් මටම වැදගත්නේ දෙයියනෙ කියලා!

ඒ වගේම මම මුකුත් කියන්න කලින් මේ පහළ තියෙන කොටස හොඳින් කියවන්න. අවසානේ මං කතා කරන්නම්. එහෙනම් සැබෑ මිනිසෙක්ගේ කතාවක් එක්ක අවුරුදු 166ක් ඈතට යන්නයි මේ ආරධනය. රතු ඉන්දියානුවන් ඔවුන්ගේ නිජ බිම්වලින් අවි බලයෙන් පලවා හැර ඒවා අත්පත් කරගැනීමට සමත් යුරෝපීහු රතු ඉන්දියානුවන්ගේ නිරන්තර ප්රහාරවලට ලක්වූහ. මේ ගැටුම සමථයකට පත් කරනු සඳහා එවක ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් පියර්ස් තම භූමිය ඇමෙරිකානු රජයට විකුණන ලෙස රතු ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කළේය. ඊට පිළිතුරු ලෙස රතු ඉන්දියානු නායක සියැටල් විසින් ක්රි. ව. 1854 දී පවත්වන ලද කථාවේ අනුවාදයකි මේ

වොෂිංටන් නගරයේ සිටින ශ්රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. එතුමා අපට සුබ පතන අතර මිත්රත්වයේ දෑතද දිගු කරයි. අපගේ මිත්රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්රයෝජනයක් නැති බව අපි දනිමු. එහෙත් එතුමාගේ කාරුණිකභාවය අපි අගය කරමු.

කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක්නිසාදයත් මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් තුවක්කු අමෝරාගෙන විත් අපගේ භූමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත. මේ මිහිතලයේ සෑම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහ පොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලයද අපගේම කොටසක් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහරාජාලියා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛරද, තණ බිම්වල තෙතමනයද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.

වොෂින්ටනයේ ශ්රේෂ්ඨ නායකයාණන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි. ශ්රේෂ්ඨ නායකයාණෝ අපට සුවපහසුවෙන්, සැනසිල්ලේ ජීවත්වීමට ස්ථානයක් ලබා දෙන බව දන්වා සිටිති. එතුමාණන් අපගේ පීතෘවරයා වනු ඇත. එවිට අපි ඔහුගේ දරුවන් බවට පත්වෙමු. එනිසා අපගේ භූමිය මිලදී ගැනීම පිළිබඳ ඔබතුමාගේ යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. එය අපට එතරම් සුවදායී කාර්යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබා ගත මැනවි. පොකුණුවල පැහැදිලි ජලතලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන්මිත්තන්ගේ කටහඬ වන්නේය.

ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපේ ඔරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ටද එය කියාදෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි. ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යන්නාසේ සුදු මිනිසාගේ ආක්රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භස්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපට පූජනීය බිම් වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැපවූ භූමියකි. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වඩා වෙනස් නොවේ. රාත්රී කාලයේ පැමිණ භූමියේ තිබිය යුතු දේ පැහැර ගෙන පලායන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොළොව ඔවුනට සහෝදරයෙකු නොව සතුරෙකි. භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඔවුහු එය අමතක කොට තවත් බිම් පෙදෙස් යටත් කරගනිමින් ඉදිරියට ඇදෙති. ඔවුහු තම පියවරුන්ගේ සුසාන කිසිදු තැකීමකින් තොරව පසුකර යති. ඔවුහු දරුවන්ගෙන් පොළොවද උදුරා ගනිති. ඔවුහු තම පියවරුන්ගේ සුසානද තම දරුවන්ගේ ජන්ම උරුමයද අමතක කරති. ඔවුන් තම මවටත්, සහෝදරයාටත් මහ පොළොවටත්, ඔහුගේ අහස් තලයටත් සලකන්නේ මිලට ගතහැකි, කොල්ලකෑමට හෝ විකිණීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දෑ ලෙසිනි. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියෙහි සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේය. ඔබගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන දෙන්නේය. එසේ වන්නේ රතු මිනිසුන් වන අප වනචාරී ම්ලේච්ඡයන් වන නිසා විය හැකිය. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයාගත නොහැකිය. ඔබගේ නගරයන්හි වසන්ත සමයේ තුරුලතාවල දළු කොළ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාපත්වල සිලි සිලි හඬ සවනත වැකෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණකි. එය දෙසවනට මහත් හිරිහැරයක්ම වන්නේය.

මට එසේ හැෙඟන්නේ මගේ නොතේරුම්කම නිසා විය හැකිය. ම්ලේච්ඡයන්ට එබඳු දේ වටහාගැනීම අපහසු වන්නේය. එහෙත් උලමා ගයන හුදකලා ගීතය හෝ රාත්රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? මම නූගත් රතු ඉන්දියානුවෙක්මි. එනිසා මට මේවා තේරුම්ගත නොහැකිය. සිරිපොද වැස්සේ තෙමෙන දේවදාර තුරු මුදුනින් නැගෙන සුවඳ, මඳ මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලූදෙනාම එකම ආශ්වාස ප්රාශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළෙඟ් සුවඳ නොදනිති. අප අපගේ භූමිය ඔබට විකුනුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් වටිනා එකක් වූ බව අමතක නොකළ මැනවි. අපගේ මුතුන්මිත්තන්ට ජීවය ලබාදුන් සුළඟම ඔවුන්ගේ අවසාන හුස්ම ආපසු ලබාගත්තේය. ඒ සුළඟම අපගේ දරුවන්ගේ ප්රාණ වායුව වන්නේය. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය. තණපත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන තණ බිම් හරහා හමන මඳ සුළෙඟ් පහස විඳීමට ඔබටද හැකිවනු නොඅනුමානය.

එසේ නම් අපගේ භූමිය මිලට ගැනීම සඳහා ඔබ කරන යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ එක් කොන්දේසියක් යටතේය. සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ ජීවන් වන සියලූම සතුන් ඔබගේම සහෝදරයන් ලෙස සලකන බවට පොරොන්දු විය යුතුය. මම වනචාරී ම්ලේච්ඡයෙක්මි. ඉන් බාහිර කිසිවක් මට නොවැටහේ. ප්රෙයරි තණ බිම් හරහා ගමන් කරන දුම්රියක සිට වෙඩි තබා මරා දමන ලද, කුණු වී යන දහස් ගණන් මී හරකුන්ගේ මළ සිරුරු මම දැක ඇත්තෙමි. මී හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.

තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත් විය හැක්කේද? සියලූ තිරිසන් සතුන් විනාශ වී ගියහොත් ජීවිතයේ දැඩි හුදකලා බවින් මිනිසාද විනාශ වී යනු ඇත. ඒ තිරිසනුන්ට සිදුවන කුමක් වුවත් මිනිසාටද ඉක්මනින්ම සිදුවන නිසාය. ලෝකයේ පවත්නා සියලූ දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුනු ඥාතිත්වයකි.

ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන්මිත්තන්ගේ භස්මාවශේෂයෙන් පෝෂණය වූ භූමියක බව ඔවුන්ට පහදා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. මව්බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් එහි ජීවත්වන දරුවන්ටත් උරුම වන්නේය. මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමාටම කෙළ ගසාගැනීමකි. අප දන්නා පරිදි මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. පවුලේ සියලූදෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු. ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්රවයකි.

අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි ඔබ විසින් කියනු ලබන්නේ රක්ෂිත භූමියට යාම පිළිබඳව අපි ඊළඟට සලකා බලන්නෙමු. අපි එහි සාමයෙන් ජීවත් වන්නෙමු. මේ ඉතිරි වී ඇති සුළු කාලය කොතැනක හෝ ජීවත් වුවද අපට කම් නැත. අපගේ පරපුරේ වැඩි දෙනෙකු දැනට ඉතිරිවී නැත. තව ශීත ඍතු කීපයක් ගෙවී ගිය කල මේ මහා පොළොවේ ඔබ මෙන් බලසම්පන්න වීර ගෝත්රිකයන් වෙනුවෙන් වැලපීමට අප පරපුරෙහි කුඩා දරුවකු හෝ ජීවත් නොවනු ඇත. එය එසේ නම් මගේ මිනිසුන් වෙනුවෙන් දුක්වන්නේ ඇයි? ගෝත්ර සැදී තිබෙන්නේ මිනිසුන්ගෙනි. මිනිස්සු ජීවත්වී මියයති.

අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය තණබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම තැනිතලා වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවාගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවක් තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි.

හරි නේද මොකද හිතුනේ? අපිට රට හදන්නවත්, ජාතිය හදන්නවත්, ආගම් හදන්නවත් කලින් ජීවත්වෙන්න තැනක් තියෙන්න ඕනේ. අපි එක එක නායකයෝ පත්කරාට වැඩක්ද උන් විල්පත්තුව කපනව නම්? සිංහරාජේ කපනවා නම්? තෙත්බිම් ගොඩ කරනවා නම්? අලි ටික මරනව නම්? ක්සි බේධයකින් තොරව ඒ වගේ උන්ට මම විරුද්දයි. උන් නායකයෝ කියලා පිලිගන්නවත් පුලුවන්ද? මගේ නායකයා බුදු හාමුදුරුවෝ කැලැ කැපුවද? සත්තු මැරුවද? අන්න එහෙනමයි නායකයෝ, සිංහලකම ගැන උදම් අන අනා හිටියට වැඩක් නෑ සොබාදම් විනාශ කරන කැලෑ පාලුවෙක් නම්. මම කියන්නේ මේ සීරීස් එක ආයේ ආයෙත් බලන්න. තේරුම් ගන්න. මගේ පුතාට හෝ දවසක මේවා වැදගත් වේවි. ඔයාලගෙ අයටත්. එහෙනම් මේ මහද්වීප සියල්ල පුරවටම, අතිශ්යින්ම මුල්ම වතාවට ඇහැට දැකපු රූප රාමු එක්ක ලෝක්‍ය වටේ ගිය ගමන මෙතනින් ඉවර වෙනවා. ආයේ මගේ පරණ සීර්‍රිස් ඇර අලුතෙන් දෙන ඔක්කොම කම්ප්ලීට් දුන්නා නම් හොඳයි කියලා හිතනවා. අඩුම ගානේ එපි පහක්වත් එක පාර දෙන්නයි හිතුවේ. අලුත් වෙබ් සීරීස් එකක් කරගෙන යනවා, ඇඟ හිරිවැටෙන හොල්මන් වෙබ් සීරීස් එකක්. ඉතින් මගේ ලක්ශ්මී, සදහම් ඔයාලට ගොඩක් ස්තූතියි. ඇයි චානක පුතා, සමිතේ පුතා, අංජු පුතා, මධුවා පුතා, අශේන් පුතා ඇතුලු සිනෙරූ පවුලට ස්තූතියි. මේ පහළින් මම දීලා තියෙන සීරීස් අතරින් ඔයාලා ආසම එක කමෙන්ට් කරන් යන්න. ඊලඟට දෙන්නේ ඒක

01 Seven Worlds,One Planet
02 Ocean Giants
03 How to Universe Work

ලිපිය හෙන දිගයිනේ? අපේ කිනෙරූ එකේ වට්ස් ඇප් ස්ටිකර් පැක් කීපයක් තියෙයි. ඕනේ අය මේල් ඇඩ්‍රස් එක ගහ්න් යන්න. නැත්නම් [email protected] කියන එකට මේල් එකක් එවන්න. ලින්කුව එවන්නම්. හරිනේ? මේ තුනෙක් ඔයාලා ආසම එක කියන්න. මම සබ් දෙන්නම්. හරිනේ. බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා ! හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

12 comments

  1. චානක තිලංක

    නියමයි ආ පට්ට සුපිරියි එල ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👊👊👊👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ලිපිය කියෙව්වේ නෑනේ?? 🤣

  2. චානක තිලංක

    හැමෝම අරන් බලන්න මේක සුපිරියක් නියම වාර්තාමය කතා මාලාවක්.

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මේක සුපිරි වාර්තාමය එකක් කියන්නේ? අපේ සයිට් එකේ තියෙන එකම වාර්තාමය එක තමා මේක 🚬

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    ඉස්සර විජය පත්තරෙ සියටැල් ගැන තිබ්බ විස්තරේකින් මෙයාගෙ මේ ලියුම ගැන කියවල තියනවා තාම මතකයි මාතෘකාවත් ‘රැව් දේ හැමකල් ඔබෙ හඬ සියටැල්’ ❤ ඒත් මං අයිය දාලා තියන එකත් අතෑරියෙ නෑ අකුරක් නෑර කියෙව්වා 😊❤.. ගොඩක් ස්තුතියි දර්ශන අයියෙ මේකට සබ් කරාට හරි වටිනවා මේ වගේ series නොදන්න ගොඩක් දේවල් ගැන දැනගන්න පුළුවන් ගොඩක් කට්ටිය බලන්නෙ නෑ ඉතිං මොනා කරන්නද ඒකට 😳.. දීලා තියන series තුනෙන් මං නම් කැමතියි How the Universe Works කියන එකට සබ් දෙනව නම් ඒක මං google search කරල බැලුවා episode 71ක් තියනව එච්චර ගානකට සබ් දෙන එක අවුලක් නැත්තං ඒකට දෙන්න නැත්තං One Planet, Seven World එකට එහෙම නැත්තං Ocean Giant එකට ❤..
    ජය වේවා.!

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි සහෝ, මං ඉතින් දෙන්නම් ඒ සීරීස් එක. ඔයා පුලුවන් නම් මේවා ශෙයාර් කරන්න ගෲප්වල 🚬

  4. Aiye, meka genawa eka nam hodai. Mama wena sait ekaka thibila wena documentry ekk baluwa. Eth me tharam hoda ne sab eka

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි සහෝ සිනෙරු වගේ සබ් කොලියියක් කොහේවත් නෑ
    🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

  6. මචං, සබ් නම් ඉතින් උඹේ ඒවා තමයි. ෆිල්ම් දෙකක් හැර ඉතිරි සීරීස්, ෆිල්ම් ඔක්කොම බැලුවා මං. සබ් උපරිම ලස්සනයි. සිනෙරූ එකේ කොරියන්, ඉන්දියන් නැතුව මේ වගේ සබ් දෙන කට්ටිය අතරින් උඹ ඉන්නේ ඉස්සරහින්ම. සුපිරියි බ්‍රෝ. දිගටම ඔහොම යං. Wish you all the best bro. You are superrrrrr

  7. බොහොම ස්තූතියි සහෝ ඔක්කොම බැලුව

  8. Seven Worlds One Planet valata sub one bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login