The title of the page
Middle Class Melodies (2020) Sinhala Subtitles
Middle Class Melodies (2020) Sinhala Subtitles
7.9
90

Middle Class Melodies (2020) Sinhala Subtitles | “මෙහෙමයි මධ්‍යම ප්‍රාන්තික ජීවිත” |සිංහල උපසිරැසි සමඟ

(Middle Class Melodies (2020) Sinhala Subtitles) අන්දරකී නමස්කාරම් ! 😊🙏 ආදරණීය තෙලිඟු සිනමා රසික හැම දෙනාම සාදරයෙන් පිලිගන්නව වෙබ් අඩවියට.ඔන්න එහෙනම් තවත් හැමෝම බලාගෙන හිටිය උපසිරැසියක් අරගෙන තමයි මම ආවෙ.ඉතින් දවසක් දෙකක් පරක්කු වුනා අරගෙන එන්න මගේ පෞද්ගලික හේතු කිහිපයක් නිසා.සොරි වෙන්න.

එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.ගිය නොවැම්බර් 20 Amazon Prime Video හරහා ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනු තවත් අපූරු තෙලිඟු චිත්‍රපටයක් තමයි මේ Middle Class Melodies කියන්නෙ.Drama / Romance කාණ්ඩයට අයත් මෙය IMDB 7.9 ක් සහ ගූගල් පරිශීලක ප්‍රතිචාර 90% ලෙස ලබාගෙන තිබෙනව.Vinod Anantoju විසින් තමයි අධ්‍යක්ශණ කටයුතු කරල තියෙන්නෙ.

ඉතින් චිත්‍රපටය බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක් වෙනවා මොකද මෙහි ප්‍රධාන නලුවා ලෙසින් තමන්ගේ දෙවන චිත්‍රපටයට පණපොවන සුපිරි තෙලිඟු සිනමා නලු විජේ දේවරකොන්ඩාගෙ සහෝදරයා ආනන්ද් දේවරකොන්ඩා රංගනයෙන් එක් වන නිසා.ඔහු රංගනයෙන් එක් වුන පලමු චිත්‍රපටයත් මං සිංහල උපසිරැසි ගෙනහැල්ල අවුරුද්දක් වුනා.බලපු අයට මතකනේ ” Dorasani ” තමයි ඒකෙ නම.
ඉතින් ඒ වගේම ඔහු මෙවරත් නිරූපණය කරන්නෙ නෝමල් චරිතයක් මධ්‍යම ප්‍රාන්තිකයෙක් විදියට.වෙනස්ම ආරයක රංගනයක් ඔහුටම සකස් කරගෙන තියෙනවා.

(විජේ දේවරකොන්ඩා,ආනන්ද් දේවරකොන්ඩා හා වර්ශා බෝලම්ම ඇතුලු පවුලේ අය චිත්‍රපටය නිවසේ සිට නරඹමින්..)

ප්‍රධාන නිලිය ලෙසින් රංගනයෙන් එක් වෙන්නෙ බිගිල් දමිළ චිත්‍රපටයෙත් රංගනයෙන් එක් වුනු මලයාලම් නිලි නස්‍රියා නසිම්ගේ රුවට හැඩහුරුකම් දක්වන හුරුබුහුටි වර්ෂා බෝලම්මා විසින්.ගොඩ දෙනෙක්ගෙ ක්‍රශ් එකක් නිසා ඉතින් මං වැඩි දෙයක් කියන්න ඕන නෑනෙ.මීට අමතරව අපිට නිතර දකින්න නොලැබෙන නලු,නිලියො බොහොමයකුත් රංගනයෙන් එක් වෙනවා

ඉතින් කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.රාගවා කියන්නෙ ගෙදර අයගෙ පොඩි හෝටලෙ කරගෙන ගමේ ඉන්න කොල්ලෙක්.එතකොට සන්ධ්‍යා කියන්නෙ මෙයාගෙ ඇවැස්ස නෑනා.ඉතින් එයාලට ටිකක් සල්ලි එහෙම තියෙනවා.අනික එයාගෙ තාත්ත මාරම කයිරාටික කෙනෙක්.ඉතින් රාගවාට ඕන ගුන්ටූර් නගරයේ තමන්ගෙම හෝටලයක් දාගන්න.ආ..අනිත් දේ තමයි මෙයාට කාටත් වඩා රසට බොම්බෙ චට්නි හදන්න පුළුවන්.අපොයි ඒත් මෙයාගෙ තාත්තනම් මාර තදයෙක්.

(විජේ දේවරකොන්ඩ සහ ඔහුගේ සොහොයුරු ආනන්ද් දේවරකොන්ඩා..)

ඉතින් කොහොමද මේ කතාව ඉස්සරහට යන්නෙ..? ඔයාලම බලන්න.මම ගිහින් එන්නම් තවත් සිංහල උපසිරැසියක් අරගෙන.දිගටම රැදෙන්න සිනෙරූ සිංහල උපසිරැසි අඩවිය එක්ක.පුළුවන් අය කමෙන්ට් එකකුත් එකතු කරන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. Black Addem
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්‍තූතියි 😍😘
    😍😘
    Cineru is the best🔥

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කොහෙද බං පරක්කු? සුපිරියෙක් සහෝ ඔයා නම්. එළම්

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ ඔයා කලින් දීපු Anaganaga O Athidhi එකේ සබ් එක සුපිරියටම තිබ්බා

    • මුගෙ සබ් කොහොමත් සුපිරි. සිනෙරු සෙට් එකෙන් කිසිම සැකයක් නැතුව ගන්නේ මුගෙ සබ් එක තමා

  5. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  6. චානක තිලංක

    බොහොම ස්තූතියි සහෝ සබට මේක නම් පට්ට.

  7. ආදරෙයි අයියා.. 😘😘😘

  8. Tv eka balanna puluwan widiyata sub denawada idx widiyata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login