The title of the page
Van Helsing S01E10 2016 Sinhala Sub
Van Helsing S01E10 2016 Sinhala Sub
6.2
91

Van Helsing S01E10 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

(Van Helsing S01E10 (2016) Sinhala Sub) ඔන්න ඉතින් යාළුවනේ, ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු වෑන් හෙල්සිං කතා මාලාවේ දහවෙනි එපියට මං සබ් අරගෙන ආවා. මේක ගැන ඉතින් කියනවා නම් රේටින් වලින් ඉහළම තැනක තියෙන කතා මාලාවක් කියලා මේක හදුන්වන්න පුළුවන්, ඒ වගේම 18+ කැටකරියේ තියෙන කතා මාලාවක් මේක. ඔන්න යාළුවනේ, පළවෙනි සීසන් එක ඉවර වෙන්නත් එනවා මොනවා උනත් මගේ පළවෙනි සබ් එකේ ඉදලා මං අද මේ ඉන්න තැනට එන්න මට ගොඩක් දෙනෙක් උදව් කලා ඒ අය අතරින් මගේ සබ් වලට කමෙන්ට් එකක් දාලා මාව දිරිගන්නපු අයටත් ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ. එහෙනම් මගේ යාළුවනේ, මේ ලිපියට පහළින් කමෙන්ට් එකක් දාලා මාව තව තවත් දිරිමත් කරන්න.

හැමදාමත් වගේ අදත් මං කලින් එපිය ගැන මතක් කරලා ඉන්නම්කෝ, මං කලින් කිව්වනේ ජෝන් මැරුනා කියලා, අන්න එයාගේ මළ සිරුර ඇක්සෙල්ලා ගෙනියනවා කාමරයකට එතනදී ඇක්සෙල්ලට අමුතුම විදිහේ දෙයකට මුහුන දෙන්න වෙනවා, ඒ කාමරය ඇතුලේ මළමිනී ගොඩක් ගොඩගහලා තියෙනවා. ඔවුන් ඒවාගෙන් එකක් අරගෙන යනවා, ඩොක් ඒක පරික්ෂා කරලා බලනවා, ඇක්සෙල් ඔය අතරෙදී අනිත් මළමිනී වෙනත් තැනකට ගෙනියනවා එතනදී ඇක්සෙල්ට වැම්පයර්වරයෙක් පහර දෙන්න එනවා, ඇක්සෙල් ඒකෙන් බේරෙනවා. ඩොක් ඔය අතරෙදී විශේෂ දෙයක් හොයාගන්නවා, එයාලා ඉන්න අළුත් නවාතැනේ විකිරණශීලී වායුවක් තියෙනවා කියලා. හැමෝම එතනින් බේරිලා යන්න උත්සාහ කරනවා. ඔය දේවල් අතරෙදී මොහොමඩ් කියන කළු කොල්ලට එමා කියලා ගැහැණු ළමයෙක් මුන ගැහෙනවා, එමා ඒ මොහොමඩ් කොල්ලව එමා ජීවත් වෙන තැනට එක්ක ගෙන යනවා. ඔය අතරෙදී සෑම්ගේ උදව්ව නිසා ඇක්සෙල්ලා බේරිලා යන්න තැනක් හොයාගන්නවා, ඒත් එයාලා එක්ක හිටිය ගොර්මන් අතුරුදහන් වෙලා ඔහුව හොයන්න ඇක්සෙලුයි, ඩොකුයි යනවා, ඒත් ඒ වෙනකොටත් ගොර්මන් වැම්පයර් කෙනෙක් වෙලා, ඇක්සෙලුයි ගොර්මනුයි සටන් කරන අතරතුරේ ඩොක් ඇක්සෙල්ව තනි කරලා එතනින් පැනලා යනවා. කොහොම හරි වැනේසයි අනිත් අයයි ඇක්සෙල්ගේ වාහනේට නැගලා එතනින් බේරිලා යනවා හැබැයි ඒ වාහනය අතර මගදී කැඩෙනවා. ඒ අය ආපහු පයෙන් එයාලගේ ගමන යන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට ඒ එපිය අවසන් වෙනවා.

මේ එපියෙදී මොකක්ද වෙන්නේ කියලා මං කියන්නම්, මේ එපියෙදී වැනේසලට අලුත් කට්ටියක් මුන ගැහෙනවා. ඒ වගේම මොහොමඩ් කියන කළු කොල්ලාවත් මුන ගැහෙනවා. කොහොම හරි වැනේසලා එතන ටික දවසක් ගත කරනවා. එතනට වැනේසව හොයාගෙන වැම්පයර්වරු එනවා. ඔය අතරෙදී වැනේසලත් එක්ක හිටිය ෆ්ලැෂ් එතන හිටිය මිකා කියන ප්‍රධානියගේ මගපෙන්වීමෙන් එයාලගෙම කෙනෙක් බවට පත් වෙනවා. මීට වඩා දේවල් කිව්වොත් මේකේ තියෙන කුතුහලය නැති වෙනවා ඒක නිසා මං මේක මෙතනින් නතර කරන්නම්. ඊට පස්සේ මොකද වෙන්නේ, ඒ තැන මොන වගේ තැනක්ද කියලා දැනගන්න මේ එපිය අරගෙනම බලන්න වෙනවා. ඒ වගේම මේ කතා මාලාව ගැන තව දේවල් දැනගන්න ඕනේ නම්, මෙතන ක්ලික් කරන්න.

මේ වෙලාවේ, මේ අයව නම් මතක් කරන්නම ඕනේ, අපේ ලොක්කා සමිත සහෝ, ඒ වගේම අපේ කවරය හදන පොඩි ලොක්කා අංජුල සහෝ, ඔන්න මතක් නොකරම බැරි කෙනා දර්ශන සහෝ, ඒ වගේම අපේ සිනෙරු ටීම් එකත් මං මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහෙනම් එකොළොස්වෙනි එපියෙන් නැවත හමුවෙමු.
හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

15 comments

  1. චානක තිලංක

    ඔන්න එහෙනම් දහවෙනි එකත් අරගෙන ආවා, කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න.

  2. Wow… Tnx bro. Season 1 iwarwent lagi dnem natuwa

    • චානක තිලංක

      ඔව්, Ayan තව එපි තුනක් විතරයි පළවෙනි සීසන් එකේ තියෙන්නේ.

  3. නිසඟි🧞

    ශා නියමයි අයියේ. එකම දවසේ දෙකක් දීලා. එඅ දිගටම බලන්න පුලුවන්. මේ උපසිරැසි කරන එක නම් ලොකු දෙයක් අපිට. අනික සිනෙරු එකේ උපසිරැසි හරිම ගුණාත්මකයි

    • චානක තිලංක

      ඒක හරි නිසඟි වගකීමක් ඇතුව සබ් එකක් දෙන්නේ අපේ මේ සිනෙරු එක තමයි.

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    එකම දවසෙ episode දෙකක් 👊👊 සුපිරි ඈ 👊👊 බොහොම ස්තුතියි සබ් එකට

  5. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ආ මල්ලී, මොකෝ මේ එක දිගට දෙකක්ම දීලා? මේ සතියේ අවසානේ අර මරාගන්න සීනෙක දෙනවයි?

    • චානක තිලංක

      අනිවා අනිවා මේ සති අන්තයේ සුපිරිම විදිහේ ටිවී සිරියස් ෂෝ එකකට මං සබ අරන් එනවා මුලු සීසන් එකම එක පාර දෙන්නේ.

  6. චානක තිලංක

    කමෙන්ට් එකක් දැම්ම හැමෝටම බොහොම ස්තූතියි.

  7. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කෝ මල්ලී ඊලඟ සබ? ගොඩක්ම පරක්කුයි මේ පාර නම්. ඉක්මනින් දෙන්න සහෝ

  8. Anith sub tika nadda saho

  9. චානක තිලංක

    Denawa denawa saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login