To the Beautiful You (2012) E04 Sinhala Subtitles
To the Beautiful You (2012) E04 Sinhala Subtitles
7.2
96

To the Beautiful You (2012) E04 Sinhala Subtitles | වෙස්වලා ගැනීම | සිංහල උපසිරැසි සමඟ

(To the Beautiful You (2012) E04 Sinhala Subtitles) කොහොමද ඉතින්..? ඔන්න හතරවෙනි කොටසත් අරගෙන ආවා..දැක්කනෙ කලින් කොටසෙ වෙච්ච සිද්දිය.. මොනවා වෙයි කියලද හිතන්නෙ ජේ හිට.. අනේ මංදා.. මං නම් ඕවා කියන්න යන්නෙ නෑ.. ඔයාලම බලන්නකො..

එහෙනම් හැරෙමු අද කතාව පැත්තට..
අද කතාවෙ තමයි ඔයාලා බලන්නම ඕනෙ.. මේ කොටසෙදි ජේ හිගෙ ඇමරිකාවේ ඉන්න අයියා කොරියාවට එනවා.. ඒ ඇවිල්ලා ජේ හිව හම්බෙන්න ඕනෙ කියලා කියනවා.. ඒත් අයියා දන්නෙ නෑ ජේ හි මෙහෙ කොල්ලෙක් වගේ වෙස්වලාගෙන බෝයිස් ස්කූල් එකක ඉන්නෙ කියලා. එයා දන්නෙ මෙයා ගර්ල්ස් ස්කූල් එකක ඉන්නෙ කියලා. ඉතින් අයියා කියනවා ඉස්කෝලෙ ඇරුණම ජේ හිව ගන්න ඉස්කෝලෙ ළඟට එන්නම් කියලා.. අම්බෝ.. ඒ සීන් එකත් මාර ජොලි.. කෙල්ල හන් නාගෙ යුනිෆෝර්ම් එකකුත් උස්සලා ඒකත් ඇඳගෙන යනවා අයියව හම්බෙන්න. මේ අයියා නගෝ දෙන්න ඉතින් හරි සතුටින් ශොපින් කර කර ඉන්නකොට අත්සන් කිරීමේ උත්සවයකට සහභාගී වෙන්න තේ ජුනුත් එනවා මේ ශොපින් සෙන්ටර් එකට..

ජේ හිගෙ අයියා හොඳටම දන්නවා ජේ හි  තේ ජුන්ගෙ ලොකුම ලොකු රසිකයෙක් කියලා.. ඒ නිසාම අයියා ජේ හිවත් බලෙන්ම ඇදගෙන යනවා තේ ජුන්ගෙන් අත්සනක් ගන්න.. තේ ජුන් අත්සන් කරන තැන අපේ ජාතියේ සුරංගනාවි සෝල් හන් නාත් ඉන්නවා.. වැඩේ කියන්නෙ හන් නාට ටිකක් ජේ හිව සැක හිතෙනවා.. මොනවා වෙයි කියලද හිතන්නෙ..? අහු වෙයිද ජේ හිව..? ඒකත් ඉතින් ඔයාලම බලන්න..

ඔන්න ලමයිනේ.. මේ කොටසෙ අන්තිමට ජේ හිගෙ අයියට ජේ හිගෙ බොරුව මාට්ටු වෙනවා.. අම්මෝ ඉතින් බැනුම් කෝටියයි.. ඒක නෙමෙයි ඉති ලොකුම සීන් එක.. ජේ හිගෙ අයියා ජේ හිට බයින එක තවත් කෙනෙක් අහන් ඉන්නවා.. ආන්න ඒක තමයි ලොකුම සීන් එක.. මොකද ඒ කෙනා දැන ගන්නවා ජේ හි කෙල්ලෙක් කියලා.. ඉතින් කෙනා කවුරු වෙන්න ඇතිද..?

ඊළඟ කොටසින් හම්බෙමු ලමයිනෙ..
ගිහින් එන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |693|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

5 comments

  1. Tanks akka sub ekata ♥️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Lassanata hadala thiyenawa sub eka..😊😊

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි සහෝ සබ් එකට

  5. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *