The title of the page
50 States of Fright (2020) Season 02 Sinhala Subtitles
50 States of Fright (2020) Season 02 Sinhala Subtitles
6.5
80
90

50 States of Fright (2020) Complete Season 02 Sinhala Subtitles | හොල්මන් අවතාර හා මිනීමැරුම් | සිංහල උපසිරැසි සමග

(50 States of Fright (2020) Season 02 Sinhala Subtitles) පුලුවන් නම් මේ සීසන් දෙක, හැන්ස් ෆ්‍රී ගහගෙන ලයිට් ඕෆ් කරන් බලන්න තනියම. මම ඔට්ටු අල්ලනවා ඔයාලා මෙච්චරකල් බලපු ගොඩක් හොල්මන් ෆිල්ම්වලට වඩා බයවෙනවා කියලා.මේක 2020 ආව අලුත්ම වෙබ් සීරීස් එකක්. ඒකේ සීසන් දෙක! ඊයේ දුන්නන්නෙ පළවෙනි එක. ඉතින් මේක බලන්න කලින් ට්‍රේලරේ බලන්න සිංහලෙන්. යූ ටියුබ් එකේ හොයන්න #සදහම් ක්‍රියේශන්ස් කියලා. බලලා ලයිකක් දාලා කමෙන්ටුවක් දාන්න. හරිනේ. මෙහෙමයි මේ කතාවේ තියෙන්නේ එක එක ප්‍රාන්තවල තියෙන කතා. ඒවා ඇත්තද බොරුද කියන එකට වඩා ඒවා හැදිලා තියෙන්නේ යම්කිසි හේතුවක් මත කියලා තේරුම් යාවි ඔයාලට. කතා ටික නම් එකකට එකක් දෙවනි නෑ. අනික පොඩි කතා. සමහර මහ ලොකු ෆිල්ම්වල නොදැනෙන බයක් මේ පොඩි වෙබ් සීරීස් එකේ සීසන් දෙක පුරාවටම තියෙනවා. ඔය පහලින් තියෙන්නේ සීරීස් එකේ එපිසෝඩ් දෙකක පොටෝ දෙකක් සහ රඟපාන සෙට් එකේ පොටෝවක්. කට්ටිය මොකද හිතන්නේ මම මෙහෙම පොටෝවක් දාන එක හොඳයිද?

“ඉතින් දවස් දෙකට එක දිගට සීසන් දෙකක් දෙන්න හිතුවේ විශේෂ හේතුවක් නිසා. නොවැම්බර් 27 ට මගෙයි, මගේ ආදරණීය බිරිඳ ලක්ෂ්මිගෙයි ආදර කතාවට අවුරුදු 11ක් වෙනවා.❤❤❤❤❤❤ අන්න ඒ වෙනුවෙන් දෙන තෑග්ගක් තමයි සෙනසුරාදා හා ඉරිදා දවස් දෙකේ මේ පළවෙන්නේ”

මං ඔන්න 150 කඩයිමට ලං වෙනවා. කට්ටියම මෙතනින් පස්සේ සමාවෙන්න ඕනේ මට. මම අලුත් ඉල්ලීම් ටිකක් කල් දානවා එහෙනම්. මගේ පරණ සාලෙම් එක ඉවර කරන්න ඕනේ. එක්ස්පන්ස් එක පටන් ගන්න ඕනේ. 150 වෙනුවෙන් විශේෂ ෆිලුමක් දෙන්න උත්සාහ කරන්නම්. කොහොම උනත් මං හිතන්නේ 150 කියන කඩයිමට මට එන්න පුලුවන් වේවි මේ අවුරුද්දේම. ඒ ඔක්කොටම වඩා මට සතුටුයි ඔන්න මගේ සහෝදරයා “චානක තිලංක” ආයේ සබ් වැඩේට බැහැලා. අම්මෝ ඉතින් එක දවසට ඩවුන්ලෝඩ් 100ක් විතර ගිහින් ඉඳලා ඉදලා දීපු සීරීස් එකේ. සතුටුයි ඈ. ඉත්න් චානක ඔයා කැමතිනම් අපි දෙන්න එකතුවෙලා එක වීකෙන්ඩ් ස්පෙශල් එකක් දෙමුද? මං දන්නවා, මේක ඇහුවට වැඩක් නෑ, චානක ලොක්කා ලිපිය කියවන්නේ නෑ නේ

අපේ සයිට් එකේ වටිනම පිරිස තමා මේ සබ් බාන ඔයාලා. ඔයාලගෙත් ප්ලැටිනම් කාණ්ඩේ ඉන්න අය තමයි කමෙන්ටුවක් අනිවා ලියන “Hashan, sassa, Kantha DLA, Ayan, Yasith, Black Addem, Shaalin, Sampath, Supun, Venome, Bandhula, Amila, mithun, Kawinda……….සහ සියලුම කමෙන්ට් කරපු අය” .ඉතින් ඒ අය නිසයි අපිට සබ් එකක් දෙන්න ගැම්මක් එන්නේ. ඔයාලත් පුලුවන් නම් කමෙන්ටුවක් ලියන්න සබක් ගන්න හැම වෙලේම. වැරදි හරි ලියන් යන්න. කිසිම අවුලක් නෑ.මේ සබ් ගහන්න හැමදාමත් මගේ පස්සේ ඉඳන් තල්ලුව දෙන මගේ ආදරනීය ලක්ෂ්මී නෝනටත්, එන්න එන්න දඟවෙන සදහම් පුතාටත් ගොඩක්ම පිං. ඔයාලට මං ගොඩක් ආදරෙයි. ඒ වගේම සමිත මල්ලි, අංජු මල්ලි, රොම්බ තෑන්ක්ස් ආ! මධුවා, අශේන්, පීටර් අයියා වගේම සිනෙරු පවුලේ හැමෝටමත් ස්තූතියි. අපෙ ඇඩ්මින්ලාගේ කිසිම ඇඩ්මින් ගතියක් නෑ. එයාල නිකන් අපේ සහෝදරයෝ වගේ. මොනවා ඇහුවත් උත්තර දෙනවා. පොඩ්ඩක්වත් බයක් නෑ ඒ නිසා සබ් ගැන. මේ වගේ ලොක්කෝ ටිකක් ලැබුනා නම් ඔෆීස් එකෙත් ඉතින්, එකෙන්ම බැහැලම වැඩ කරනවා. එහෙනම් ඉතින් අරගෙන බලන්න. බැලුවට පස්සේ ඇවිත් කමෙන්ටුවක් ලියලා යන්න. මං හිතනවා මම දෙන සබ් හොඳ ඇති කියලා. ඒ ගැනත් අඩුපාඩු එහෙම ලියලා යන්න. බුදු සරණින්, සදහම් සරණින්, සඟ සරණින් මගේ රට, මගේ ජාතිය, මගේ ආගම ඇතුලු සියලූම ශ්‍රී ලාංකිකයින්ට (ලංකාවේ ඉඳන් වෙන කිසිම රටකට කත් අදින උන්ට නෙවෙයි) නිදුක්, නීරෝගී සුවය ලැබේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

14 comments

  1. අම්මොහ් අද සීසන් 2..ෆට්ටනෙහ් අයියෙ..තෑන්ක්ස් ඇ ❤

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ….. ඉස්සරහටත් සතුටින් ආදරෙන් ඉන්න ඕනෙ දෙන්නා ❤️

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  4. චානක තිලංක

    නියමයි නියමයි ආ ලිපිය නියමෙටම තියෙනවා ඔක්කොම ටික කියෙව්වා මං ඒ ගැන හිතලා බලන්නම්කෝ.

  5. Thanks jayawewa…….!

  6. බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. හැකිනම් smallville කථාවත් දෙන්නකෝ මේ වගේම .

  7. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන අයියෙ 😊❤..
    ජය වේවා.! 👊👊👊

  8. තෑන්ක්ස් සහෝ….

  9. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ***((( කමෙන්ට් )))***
    කරපු හැමෝටම ස්තූතියි ඈ

  10. Aiya sub aka hodai akanma oyaga .batman biyond itur sub denawada?

  11. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනිවා බැට්මෑන් බෙයෝන්ඩ් එනවා සහෝ. ලබන සතියේ ඉඳන්

  12. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela season 2k patta bro

  13. බොහොම ස්තුතියි දර්ශන සහෝ❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login