The title of the page
Van Helsing S01E13 (2016) Sinhala Subtitles
Van Helsing S01E13 (2016) Sinhala Subtitles
6.2
91

Van Helsing S01E13 (2016) END Sinhala Subtitles | වැම්පයර්වරුන් ගේ ලෝකය |සිංහල උපසිරැසි සමග

(Van Helsing S01E13 (2016) Sinhala Subtitles) ඔන්න ඉතින් මගේ යාළුවනේ ඔයාලා වෙනුවෙන් ආපහු මං සබක් අරගෙන ආවා. මේ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ නැහැනේ මොකද උඩින් දාලා තියෙන නම දැක්ක ගමන් හැම කෙනාම දන්නවා මං මේ පාර මොකටද සබ් අරගෙන ආවේ කියලා. ඔව් මගේ යාළුවනේ, මේ පාර මං සබ් ගෙනාවේ වෑන් හෙල්සිං කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන එපියට. කලින් කියලා තිබ්බා වගේ සීසන් එකකට එපි 13 ඇතුලත් වෙලා තියෙනවා. ඉතින් ඒ එපි 13නේ අන්තිම එපියටයි මේ සබ් ගෙනාවේ. මං මේ දේ නම් මතක් කරන්නම ඕනේ, මේ පළවෙනි සීසන් එකේ මං ගොඩක්ම කැමති එපිය තමයි මේ 13 වෙනි නැත්නම් මේ පළවෙනි සීසන් එකේ අන්තිම එපිය ඒක ඒ තරම් විශේෂ එපියක්. මං මේ තරම්ම මේ එපියට කැමති ඇයිද කියලා දැන ගන්නනම් මේ එපියත් සබත් අරගෙනම බලන්න වෙනවා. ඇත්තම කිව්වොත් මට සමාවෙන්න මේ සබ දෙන්න පරක්කු උනාට. මේ දවස් වල කම්පියුටර් පාඨමාලාවක් පටන් ගත්තා ඒකේ වැඩ නිසා තමයි මේ සබ් දෙන්න පරක්කු වෙන්නේ කොහොම උනත් මගේ යාළුවන් වෙනුවෙන් වෙලාවක් ලැබුන ගමන් සබක් හදනවා.

<<<<<<<<විශේෂ දෙයක් කියන්න ඕනේ, මේ එපියෙන් පස්සේ මං වෑන් හෙල්සිං දෙවෙනි මුලු සීසන් එකම එකපාරම අරගෙන එන්නේ. මගේ යාළුවන්ගේ ඉල්ලීම නිසා.>>>>>>>

🔥🔥🔥කමෙන්ටුවක් දාලා ගියානම් අපිට ඒක ලොකු හයියක්.🔥🔥🔥

කලින් එපියෙදී –

වැම්පයර් කෙනෙක් උන සෑම් වැනේසවයි මොහොමඩ්වයි හොයාගෙන එනවා. ඒ අතරෙදි මොහොමඩ්ගේ අත තුවාල වෙනවා. ඔය අතරේ ජුලියස් ඒඩන් වලට පහර දෙනවා. එතනදී ජුලියස් මැග්ඩලීන් වැම්පයර්වරියව මරලා දානවා. වැනේසයි මොහොමඩුයි නවතින්න තැනක් හොයාගන්නවා. එයාලා යන්න ඕනේ තැන හරියටම ස්තීර කර ගන්නවා. ඒත් එයාලා එතනින් ගියාට පස්සේ සෑම් එතනට එනවා එයා දැනගන්නවා වැනේසලා ගිය තැන ගැන. ඊට පස්සේ සෑම් වැනේසලාව හොයාගෙන ගිහිල්ලා එයාලට පහර දෙනවා, එතනදී වැනේසා සෑම්ව අන්ධ කරනවා. ඒත් සෑම් එතනින් පැන ගන්නවා. ඒ වගේම වැම්පයර් කඳවුරක කොටුවෙලා ඉන්න මිනිස්සු ටිකක් පැනලා යන්න සැලසුම් හදනවා. ඔය අතරෙදි අන්ධ උන සෑම්ව ජුලියස්ගේ සේවකයෙක් හොයාගන්නවා. ඔහුව ජුලියස්ගේ සහයිකාව ළඟට අරගෙන යනවා. ඇය ඇත්ත දැනගත්තට පස්සේ සෑම්ට පෝෂණය වෙන්න ලේ දෙනවා. ඒකෙන් සෑම් සනීප වෙලා ජුලියස්ගේ සහයිකාවත් මරලා දාලා එතනින් පැනලා යනවා. ඔය අතරෙදි ෆ්ලැෂ්ට බ්‍රෙන්ඩන්ව මුන ගැහෙනවා. ඒත් එක්කම ජුලියස් වැම්පයර් නායක දිමිත්‍රිවත් මුන ගැහෙන්න යනවා. අනිත් පැත්තේ වැනේසයි මොහොමඩුයි වැම්පයර් කඳවුරට ඇතුලු වෙනවා. එතනදී වැනේසට දරුණු පහර දීමක් සිද්ද වෙනවා වැම්පයර් කෙනෙකුගෙන්, කොහොම හරි වැනේසා ඒ කෙනාව මරලා දානවා. පස්සේ වැනේසා ඒ කඳවුරේ ඇත්ත දැනගත්තට පස්සේ එතනින් පැනලා යන්න හදනකොට මොහොමඩ්ව අහු වෙනවා. වැනේසා එයාව බේරගන්න ගියාට පස්සේ වැනේසව වැම්පයර් නායක දිමිත්‍රිට අහු වෙනවා. එතනදී මොහොමඩ් වැනේසව පාවලා දෙනවා. එතනින් ඒ එපිය අවසන් වෙනවා.

මේ එපියෙදී –

දිමිත්‍රි වැම්පයර් නායකයා වැනේසව පරීක්ෂණ වලට අරගන්නවා. මොහොමඩ්ට එයාගේ සහෝදරියව මුන ගැහෙනවා. එතනදී වැනේසා පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් එයා අහු වෙනවා. මොහොමඩ් ආපහු වැනේසට උදව් කරනවා. එතනදී වැනේසට දරුණු විදිහට තුවාල වෙනවා. දිමිත්‍රි වැනේසාගේ ඇත්ත තත්තව හෙලි කරනවා. වැනේසගේ ශක්තිය වැඩි වෙනවා. ඒ බලකොටුවට පහර දෙනවා. මං අදට මෙතනින් නතර කරන්නම්, ඒ බලකොටුවට කවුද පහර දෙන්නේ, වැනේසගේ ඇත්ත මොකක්ද, වැනේසට මොකද වෙන්නේ, ඒ වගේම මෙතනදී වැනේසට තව අළුත් කෙනෙක් මුන ගැහෙනවා. ඒ කවුද කියලා දැනගන්න ඕනේ නම් මේ එපියත් සබත් අරගෙන බලන්න වෙනවා. මීට වඩා විස්තර ඕනේ නම් මෙතන ක්ලික් කරලා. මේකේ ට්‍රේලර් එක බලන්න. අපේ ලොකු බොස් සමිත සහෝ, පොඩි බොස් අංජුල සහෝ, දර්ශන සහෝ, ඒ වගේම සිනෙරු ටීම් එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහෙනම් යාළුවනේ වෑන් හෙල්සිං කතා මාලාවේ දෙවෙනි සීසන් එකෙන් මුනගැහෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

21 comments

  1. Tnx saho sub ekata

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි මදුවා සහෝ ඔයාලගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා.

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඕන්න එහෙනම් මේක එක දිගට බලතහැකි. සුපිරි මචෝ. සීසන් එකක් ඉවර කරනවා කියන්නේ ලොකු අභියෝගය්ස්ක්. අනික ඉංග්‍රීසී, රේටින් හොඳ කතාවක් කියන්නේ තවත් අමාරුයි. කොහොමහරි එහෙනම් ඊලඟට 50 නේ?? ඉක්මනට 50 දෙන්ඩෝ. බලාගෙන ඉන්නේ ඒක දෙනකන් බොල.

    • චානක තිලංක
      Cineru Family Member

      අනිවාර්යයෙන්ම ඊලඟට 50 තමයි ඒකත් ඉක්මනටම අරගෙන එනවා. බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සේරම එකපාර දෙන එක හොඳයි

    • චානක තිලංක
      Cineru Family Member

      ඔව් supun සහෝ එක පාරම අරගෙන එනවා ඊළඟ වෑන් හෙල්සිං දෙවෙනි කතා මාලාව කමෙන්ට් එකට බොහොම ස්තූතියි ඈ.

    • Season 2 dene nadda?

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි චානක 😊❤.. season complete දෙන එක මරු ❤..
    ජය වේවා.!

  5. චානක තිලංක
    Cineru Family Member

    හම්මෝ මෙන්න අපේ හෂාන් සහෝගෙන් කමෙන්ට් එකක්, ඔව් සහෝ ඊලඟට මුලු සීසන් එකම එක පාර අරගෙන එනවා සහෝ කමෙන්ට් එකක් බොහොම ස්තූතියි ඈ.

  6. පලවෙනි සීසන් එකේ අවසානය වෙනකන් සබ් කලාට ස්තූතියි ..දෙවෙනි සීසන් එකෙන් හමුවෙමු..

    • චානක තිලංක
      Cineru Family Member

      අනිවාර්යයෙන්ම අයාන් දෙවෙනි සීසන් එකත් එකපාරම අරගෙන එනවා බොහොම ස්තූතියි කමෙන්ට් එකට සහෝ.

  7. බැට්-මෑන් | Bat-Man

    tnx saho. ada thamai sub eka download kare. okkoma dhenakan hitiye. bohoma sthuthiyi. 50 weni ekath ikmanin denna. god bless you

  8. චානක තිලංක
    Cineru Family Member

    බොහොම ස්තුතියි අපේ බැට්-මෑන් සහෝ කමෙන්ට් එකට 50 වෙනි සබ් එකේ වැඩ පටන් අරන් තියෙන්නේ ඒකත් ඉක්මනටම දෙනවා.

  9. tnnkiu sb ekata

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට.

  10. thanx bro sub seratama..
    season 2 denawaneda?

  11. season 2 dene nadd bn

  12. sub denaaaaa

  13. Koo 2,ai mchchara kalgannee,please ikmanata eekath denna..🙄☺️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login