The title of the page
6.2
91

Van Helsing S01E07 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

කොහොමද ඉතින් මගේ යාළුවනේ, ඔන්න අනිත් එපියත් අරගෙන ආවා. වෑන් හෙල්සිං කතා මාලාවේ හත්වෙනි එපියටයි මේ පාර මං සබ් අරගෙන ආවේ. යාළුවන්ට හිතෙනවා ඇති සබ පරක්කුයි කියලා ඒත් වැඩ වැඩි දවස් ටිකක් මේ ගෙවෙන්නේ. ඒක නිසයි සබ පරක්කු උනේ. මොනවා උනත් පෞද්ගලික වැඩත් කරන්න ඕනනේ මගේ යාළුවනේ. ඒ වැඩ අස්සේ තමයි මගේ යාළුවන්ට සබ් ගේන්නේ. කොමෙන්ට් එකක් දැම්මොත් නම් ලොකු හයියක්. ඒක මට ගොඩක් වටිනවා. මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Syfy නෙට්වර්ක් එකේ විකාශනය උන ෆිල්ම් ගැන සුපිරි, රේටින් වැඩි ෂෝ තමයි ඒකේ විකාශය උනේ, ඒ වගේම නියම ෂෝ එකක් තමයි මේ වෑන් හෙල්සිං කථාංගය. ඒ නිසාම තමා මේකට සබ් කරන්න හිතුවේ.

එහෙනම් යාළුවනේ, කලින් එපිය මතක් කරලම මං පටන් ගන්නම්කෝ. මගේ යාළුවන්ට මතක ඇතිනේ ඇක්සෙල්ලා හිටිය තැනට ආපූ අළුත් අය, ඒ අය එක්ක ඇක්සෙල් ප්‍රශ්නයක් දාගන්නවනේ. ඊට පස්සේ ඒ අය ඇක්සෙල්වයි එයාගේ යාළුවන්වයි හිර කරලා දැම්මනේ ඒ අය එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඔය අතරේ වැනේසට නොසිතූ විරූ කරදරයකට මුහුන දෙන්න වෙනවා, වැම්පයර්වරුන්ගේ දරුණු පහරදීමකට වැනේසව ලක් වෙනවා. ඒකෙන් ඇයව දරුණු විදිහට අසනීප වෙනවා, හැබැයි කොහොම හරි වැනේසයි එයාගේ යාළුවා උන සුසානුයි ඇක්සෙල්ලා හිටපු තැනට එන්න පුළුවන් වෙනවා. ඔය දේවල් අතරේ තවත් පැත්තක මිනිස්සු ටිකක් වැම්පයර්වරුන්ගෙන් බේරිලා යන්න උත්සාහ ගන්නවා, ඒත් ඔවුන් වැම්පයර්වරුන්ට අහු වෙනවා අවසානයේ ඔවුන්ට වැම්පයර්වරුන් අතින් මැරෙන්න වෙනවා. වැනේසා ඇක්සෙල්ලා හිටපු තැනට ආවට පස්සේ, වැනේසගේ උදව්ව නිසා ඇක්සෙල්ලා එතනින් බේරෙනවා. ඊට පස්සේ, අර අළුතින් ආපූ අයව ආපහු හිටපු තැනටම පිටුවහල් කරලා දානවා. අවසානයේ ඇක්සෙල් ඒ තැන ආපහු අල්ලා ගන්නවා. ඊට පස්සේ ඒ තැන කලින් තිබ්බ තත්ත්වයටම පත් වෙනවා. ඔන්න ඔහොම ඒ එපිය අවසන් උනා.

මේ එපියෙදී නම් හිතාගන්න බැරි දේවල් සිද්ද වෙන්නේ යාළුවනේ, එහෙනම් එපිය පැත්තට මං හැරෙන්නම්. ඔයාලට මතකයිනේ වැනේසට සිද්ද උන අනතුර ඒක නිසා ඇයට ගොඩක් අමාරු වෙනවා. ඔය අතරේ කවුරුවත් හිතපු නැති විදිහේ කරදරයක් ඔවුන් වෙතට එනවා. වැනේසවයි එයාගේ යාළුවා උන සුසාන්වයි හිර කරගෙන හිටිය ජුලියස් කියන වැම්පයර් නායකයා ඇක්සෙල්ලා හිටිය තැනට පහර දෙනවා. ඔවුන් ඒ ගොඩනැගිල්ලේ දොර කඩාගෙන ඒකට ඇතුල් වෙනවා. ඇක්සෙල් කලින් අටවලා තිබ්බ උගුල් නිසා ඒ කරදරෙන් නම් ඇක්සෙල්ලා බේරෙනවා. ඔය දේවල් අතරේ කලින් පිටුවහල් කරපු කළු කොල්ලට ඇක්සෙල්ලා එළවලා දාපු අය අතරේ හිටිය ගෑණු ළමයව මුණගැහෙනවා, ඒත් ඇයව වැම්පයර්වරුන්ට අහු උන නිසා ඇයව මරලා දානවා. ඔයාලා හිතුවද ඇක්සෙල්ලට ආපූ කරදර ඉවර උනා කියලා නෑ දැනුයි පටන් ගන්නේ දිමිත්‍රි කියන ප්‍රධාන වැම්පයර් නායකයාගේ ඝාතක කණ්ඩායමක් ඇක්සෙල්ලට පහර දෙන්න එනවා. මං මෙතනින් නතර කරන්නම්කෝ, අනිත් දේවල් දැන ගන්න නම් මේ එපිය අරගෙනම බලන්න වෙනවා. මගේ යාළුවන්ට මං මේ දේ විතරක් කියන්නම් මේ එපියේදී ඇක්සෙල්ලට ලොකු පෙරලියකට මුහුන දෙන්න වෙනවා. හරි එහෙනම් මේ එපියත් අරන් බලන්නකෝ.

මේ කතා මාලාවේ තව විස්තර දැන ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න. අමතක නොකර මේ අයව නම් මතක් කරන්න ඕනේ, අපේ සමිත සහෝවයි, දර්ශන සහෝවයි, අංජුල සහෝවයි, අපේ සිනෙරු ටීම් එකයි. එහෙනම් යාළුවනේ අටවෙනි එපියෙන් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

6 comments

  1. ඒයිශ්, මෙන්න ඇවිල්ලා වැනේසා කෙල්ලව අරන් අපේ තනිකඩ චානක. සුභ පැතුම් මල්ලි. සීසන් 01 ඉවර කරලා ඉක්මනට සීසන් 2 හා 3 දෙමු

  2. චානක තිලංක

    අනිවා දෙවෙනි සීසන් එක ඉක්මනටම අරගෙන එනවා.

  3. Tnx saho… Next epi ekt ikmnta demu

  4. චානක තිලංක

    ස්තුතියි කොමෙන්ට් හලන් ගියාට.

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හලන් ගියේ නම් නෑ, හිතලමයි හැලුවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login