The title of the page
Van Helsing S01E06 (2016) Sinhala Subtitles
Van Helsing S01E06 (2016) Sinhala Subtitles
6.2
91

Van Helsing S01E06 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

(Van Helsing S01E06 Sinhala Sub) සුභ දවසක් මගේ යාළුවනේ. කට්ටියම බලාගෙන හිටිය හයවෙනි එපියත් ඔන්න ආවෝ. ඡන්ද උණුසුමත් එක්ක ගතවෙන මේ කාලයේ ගෙදරට වෙලා ඉන්න මගේ යාළුවන් වෙනුවෙන් ඔන්න පුළුවන් ඉක්මනටම අළුත් සබ අරගෙන ආවා. හොඳ ප්‍රතිචාර මේ කතා මාලාවට තියෙන නිසා සබ් ටික ඉක්මනටම දෙන්න මං ගොඩක් මහන්සි වෙනවා. එහෙනම් අමතක නොකර පහළින් කොමෙන්ට් හලන් යන්න.

හැමෝම මේ වෙනකොට කලින් එපිය ගැන දන්නවනේ, ඒත් මං ඒ ගැන ටිකක් මතක් කරලා ඉන්නම්කෝ. ඔයාලා දන්නවනේ මේ වෙනකොට වැනේසාව වැම්පයර්වරුන්ට අහුවෙලා කියලා, ඔවුන් ඇගේ හැකියාව ගැන දැන ගන්න ඕන නිසා පරීක්ෂණයක් පවත්වනවා. ඒකෙදී වැනේසට ඇයගේ හොඳම යාළුවා උන සුසාන් තමා අභියෝග කරන්නේ. ඔයාලට මතකයිනේ ඇක්සෙල්ලට මුන ගැහුණු අළුත් අය, ඒ අය ඇක්සෙල්ලව හිර කරලා ඔවුන්ගේ තැන අල්ලා ගන්නවා. ඔය අතරෙදී වැනේසා සුසාන්ව සුව කරලා ඇයවත් බේරගෙන එතනින් පැනගන්නවා. ඇක්සෙල්ලා හිටිය තැන තව විශේෂ දෙයක් වෙනවා, මොකද කියනවා නම් අළුතින් ආපූ අයගේ එක් කෙනෙක් අසනීපෙන් හිටියේ, ඔහුව කවුරු හරි මරලා දානවා. ඒකට වැරැද්ද බාරගන්නේ, මොහොමඩ් කියන කළු කොල්ලෙක්. ඊට පස්සේ ඔහුව ඒ ගොඩනැගිල්ලෙන් පිටුවහල් කරනවා. ඔන්න ඔහොම තමයි ඒ එපිය අවසන් උනේ.

මේ එපිය ගැන කියන්න කලින් කියන්න ඕනේ ඔයාලට මේ කතා මාලාවේ ට්‍රේලර් එක බලන්න ඕනේ නම්, මෙතන ක්ලික් කරන්න. හොඳයි එහෙනම්, මේ එපියෙන් මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. මගේ යාළුවන්ට මං කලින් කිව්වා වගේ ඇක්සෙල්ලා හිටිය තැනට ආපූ අළුත් අයත් එක්ක ඇක්සෙල් ආපහු ප්‍රශ්නයක් දාගන්නවා. ඔය අතරේ වැනේසට නොසිතූ විරූ කරදරයකට මුහුන දෙන්න වෙනවා, වැම්පයර්වරුන්ගේ දරුණු පහරදීමකට වැනේසව ලක් වෙනවා. ඒකෙන් ඇයව දරුණු විදිහට අසනීප වෙනවා, හැබැයි කොහොම හරි වැනේසයි එයාගේ යාළුවා උන සුසානුයි ඇක්සෙල්ලා හිටපු තැනට ඒ දෙන්නා එනවා. ඔය කලබල අස්සේ ඇක්සෙල්ලා පැනලා යන්න උත්සාහ ගන්නවා. මං මෙතනින් නතර කරන්නම්. ඇක්සෙල්ලට පැනලා යන්න ලැබෙයිද, වැනේසට මොනවා වෙයිද කියලා දැන ගන්න ඕනේ නම් මේ එපිය අරගෙන සබත් ඩවුන්ලෝඩ් කර ගන්න වෙනවා. එහෙනම් කස්ටියටම ආරාධනා කරනවා මේ එපියත් බලන්න කියලා.

මං ඉතින් මේක ගැන කොච්චර වර්ණනා කලත් වැඩක් නෑනේ, මට මේකට සහය වෙන අය ගැන මතක් කලේ නැත්නම්. මුලින්ම මතක් කරන්න ඕනේ අපේ මේ සිනෙරු ටීම් එකේ සමිත සහෝවත්, ඒ වගේම දර්ශන හෙට්ටිවත්ත සහෝවත්, අපේ මේ සබ් වල කවරය හදන අංජුල සහෝවත්. ඒ අය නැත්නම් අද මට මේ විදිහට සබ් කරන්න වෙන්නේ නෑ, ඇත්තටම මං වෙනුවෙන් මහන්සි උනාට ගොඩක් පිං, ගොඩක් ස්තූතියි. එහෙනම් යාළුවනේ හත්වෙනි එපියෙන් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

4 comments

  1. අනේ මේ බොරු කියන්න එපා. සබ් නම් පරක්කුයි හොඳටම. ඔයා මේ චන්ද අවුලෙන්ද කොහෙද ඉන්නේ? 🤣🤣🤣🤣🤣🤣 බොහොම ස්තූතියි සහෝ. නියමයි. ඔන්න බානවෝ

  2. Thank u….godak hodta sub eka tiyenwa… Digtma karana.. Episode 7n hsmuwemu

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    ඩවුන්ලෝඩ් බට්න් එක 😳

  4. චානක තිලංක

    ස්තූතියි හොඳේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login