The title of the page
Van Helsing S01E05 Sinhala Sub
Van Helsing S01E05 Sinhala Sub
6.2
91

Van Helsing S01E05 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

(Van Helsing S01E05 Sinhala Sub) කට්ටියම බලන් හිටියේ අනිත් එපියටත් සබ් අරන් එනකල්නේ, ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම වෑන් හෙල්සිං කතා මාලාවේ පස්වෙනි එපියට සබ් අරන් ආවා. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා ඉක්මනට සබ් දෙන්න කියලා. සබ් කරන අය දන්නවා සබ් හදන මැෂින් එකේ අවුලක් උනොත් ඒකෙන් සබ් හදන වැඩේ එතනම නතර වෙනවා කියලා, ඉතින් යාළුවනේ මං සබ් හදන්නේ මගේ ෆෝන් එකෙන්, දවස් දෙක තුනකට කලින් ඒකේ පොඩි අවුලක් උන නිසා තමයි සබ දෙන්න පරක්කු උනේ. ඒක නිසා මගේ යාළුවන්ට පොරොන්දු උන විදිහට සබ් දෙන්න බැරිවුණාට මගේ යාළුවන්ගෙන් මං සමාව ඉල්ලනවා.😞😞😞 ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි මගේ යාළුවන් වෙනුවෙන් මේ විදිහට සබ් දෙන්න මං උත්සාහ ගන්නේ, ඒක නිසා අමතක නොකර පහළින් කොමෙන්ට් හලන් යන්න.

කස්ටියටම දැන ගන්න මේ කතා මාලාව ගැන මං මතක් කරලා ඉන්නම්, වෑන් හෙල්සිං යන අදහස මුලින්ම බිහිවන්නේ ඇමරිකාවත්, කැනඩාවත් ආශ්‍රීතවය. මෙය සම්භාව්‍ය ඩ්‍රැකියුලා කතාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ගත් උත්සහයක් ලෙස මෙය අර්ථ දක්වන්න පුළුවන්. මෙය ෆැන්ටසි මනඃකල්පිත ත්‍රාසජනක නාට්‍ය කතා මාලාවක්. 18+ කැටකරියටද මේ කතා මාලාව අයත් වෙනවා. ඒ වගේම සෙනෙස්කෝප් එන්ටර්ටේන්මන්ට් හි ග්‍රැෆික් නවකතා මාලාවක් වන මෙය වැනේසා හෙල්සිං යන චරිතය වටා ගෙතුනු කතා මාලාවකි. මෙය 2016 ජූලි 31 වන දින මෙය නිකුත් උවත් පළමු වරට එක්සත් ජනපදයේ සයිෆිහි මෙය තිරගත උනේ 2016 සැප්තැම්බර් 23 දිනය. මෙය දැනට සීසන් 04ක් යටතේ එපිසෝඩ් 52ක් නිකුත් වෙලා තියෙනවා. මේ සුවිශේෂී කතා මාලාව අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ ඩේවිඩ් විනින්ය. ඒ වගේම සංස්කරනයෙන් බ්‍රිජට් ඩර්න්ෆර්ඩ් දායක වෙලා තියෙනවා. මෙහි නිෂ්පාදකයා වශයෙන් කටයුතු කරලා තියෙන්නේ ක්‍රිස් රුඩොල්ෆ්ය. ඒ වගේම විධායක නිෂ්පාදනයෙන් ඩේව් බ්‍රවුන්, සාඩොක් ඇන්ජල්, ඉවාන් ටයිලර්, ක්‍රිස් රෙජිනා, මයිකල් නැන්කින්, ඩෑන් මාර්තු, නීල් ලාබුට්, සයිමන් බැරී, චැඩ් ඕක්ස්, මයික් ෆ්‍රිස්ලෙව්. යන අය තම දායකත්වය ලබාදීලා තියෙනවා. මේ කතා මාලාවට බොහෝ නළු නිළියන් රංඟන දායකත්වය ලබාදීලා තියෙනවා, කෙලී ඕවර්ටන්, ජොනතන් ස්කාර්ෆ්, ක්‍රිස්ටෝපර් හෙයර්ඩාල්, වින්සන්ට් ගේල්, රුකියා බර්නාඩ්, ට්‍රෙසෝ මහෝරෝ, ඇලෙක්ස් පූනොවික්. ඒ අය අතරින් කිහිප දෙයක්. මෙම කතා මාලාව රූගත කිරීමට වැන්කුවර්, බ්‍රිතාන්‍ය කොලොම්බියාව, කැනඩාව යන ස්ථානයන් භාවිත කරලා තියෙනවා. මෙයට ප්‍රධාන වශයෙන් ඉකෝ ලේක් එන්ටර්ටේන්මන්ට් හා සයිෆි සමාගම් තම අනුග්‍රහය ලබාදීලා තියෙනවා.

හොඳයි එහෙනම් මං කලින් කතා මාලාව පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මේ කතා මාලාව ගැන කියන්න කලින්, හතරවෙනි එපියෙදී වැනේසාට භයානකම අභියෝගයකට මුහුන දෙන්න වෙනවා, මොකද කියනවා නම් වැනේසාව වැම්පයර්වරුන්ට අහු වෙනවා. ඒ වගේම ඇක්සෙල්ලට තවත් මිනිසුන් ටිකක් මුන ගැහෙනවා. කොහොම උනත් අවසානයේ වැනේසාව වැම්පයර්වරුන්ගේ මූලස්ථානයකට අරගෙන යනවා. කස්ටියටම දැන් පැහැදිළි ඇති කලින් එපියෙන් මොකක්ද උනේ කියලා.

එහෙනම් කස්ටියටම බලාපොරොත්තු උන මේ එපියෙන් මොකක්ද වෙන්නේ කියලා අපි බලමු, මං කලින් කොටසෙන් කිව්වා වගේ වැනේසව වැම්පයර්වරුන්ට අහු උනාට පස්සේ ඇගේ හැකියාව ගැන දැන ගන්න ඔවුන් පරීක්ෂණයක් පවත්වනවා, ඒකෙදී වැනේසට අභියෝග කරන්නේ ඇයගේ හොඳම යාළුවා උන සුසාන්ය. ඔය අතරේ ඇක්සෙල්ලට මුන ගැහුණු අළුත් අය ඇක්සෙල්ලව හිර කරලා ඔවුන්ගේ තැන අල්ලා ගන්නවා. මං මෙතනින් නවතින්නම්. වැනේසට මොකද වෙන්නේ, ඇක්සෙල්ලට මොන වගේ දේවල් වලට මුහුන දෙන්න වෙයිද කියලා දැන ගන්න ඔයාලටත් ඕනේ නම් මේ ෂෝ එක අරගෙන සබත් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. එහෙනම් කස්ටියටම මේ එපියත් අරගෙන බලන්න.

මේ කතා මාලාව ගැන තවත් දේවල් දැන ගන්න ඕනේ නම් මෙතැන ක්ලික් කරන්න.හැමදාම කියනවා වගේ මේ දේවල් වලට උදව් කරන පිරිසකුත් ඉන්න වනේ, සමිත සහෝ, දර්ශන සහෝ, සිනෙරු ටීම් එක, ඒ වගේම අපේ මේ සබ් වල කවරය හදන අන්ජුල සහෝටත් ස්තූති කරන්න මං මේක අවස්ථාවක් කර ගන්නවා. එහෙනම් යාළුවනේ මේ කතා මාලාවේ හයවෙනි එපියෙන් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

6 comments

  1. චානක තිලංක
    Cineru Family Member

    ඔන්න මගේ යාළුවනේ පුළුවන් ඉක්මනටම පස්වෙනි එපියටත් සබ් අරගෙන ආවා. සබ හොඳයි නම් කොමෙන්ට් එකක් දාලා යන්න මගේ යාළුවනේ, ඊලඟ එපියටත් ඉක්මනටම සබ් ගේනවා එතකල් මේ එපිය බලන්න.

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඇවිල්ලා ඇවිල්ලා වැනෙසාගේ කොල්ලා මෙන්න සබක් ගෙනල්ලා. අම්මෝ එල. ඔන්න දැන් බලන්නයි හදන්නේ. මම නම් කියන්නේ සතියට සබ් 3ක් වත් දෙන්න කියලයි. කොහොම උනත් සතුටුයි ඔන්න. ඔන්න එහෙනම් බලනවෝ
    බලනවෝ

    අපේ චානක සහෝට වැනේසා වගේ ලස්සන ගෑනු ලමයෙක් සෙට් වේවා කියල පතනවා!

  3. චානක තිලංක
    Cineru Family Member

    ස්තූතියි ස්තූතියි මගේ යාළුවනේ සබ ඩවුන්ලෝඩ් කර ගන්නවා වගේම කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා ඒක මට ගොඩක් වටිනවා.

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි චානක තිලංක බ්‍රෝ සබ් එකට 😊👊👊👊

  5. Tnx bro godak ikmnata 5th epiya genwata… Ikmnt 6th epiyen hmuwemu

  6. චානක තිලංක
    Cineru Family Member

    ස්තූතියි කොමෙන්ට් වලට අනිත් එපියේ සබ ඉක්මනටම ගේනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login